
මාසේ ආදායම ගැන ඇහුවම ගොඩක් දෙනෙක් කියනවා ඇහිලා තියෙන කතාව මොන වගේද?
“රෝලෙන් යන්නේ මචං”,
“මාසෙ අන්තිම ටික දණගාගෙන යන්නේ”,
“මේ මාසේ නම් නැත්තටම නැති වුණා”,
ඔන්න ඔය වගේ කතා අපි හැමෝටම ඇහිලා ඇති. ඒ මොකක් වුණත් මේ කතා අතර පොදුවේ දකින්න ලැබෙන්නේ මුදල් පාලනයේ අර්බුදයක්. තමන්ගේ ආදායම හැටියට වියදම පවත්වා නොගැනීමේ ගැටලුවක්. මෙය එයට උදව්වක් වෙන සටහනක්.තමන්ගේ ආදායම ට අනුව ජීවිතය හැඩ ගස්වා ගැනීම තමයි අපේ සටහනේ මූලික අරමුණ වෙන්නේ. මේ ඔබට *උත්තේජනයක්*
*මාසයේ ආදායම හරියට plan කරන්නේ මෙහෙමයි*
*(1) ඉතුරුම්*
හොඳට ජීවත් වෙලා මුදල් ටිකක් ඉතුරු උනොත් වුණොත් විතරක් එය ඉතිරි කිරීම කිසිසේත් කළ යුත්තක් නෙවෙයි. ඔබ පළමුවෙන්ම ඉදිරි කළ යුතුයි. කොච්චරක්ද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඔබ ඔබේ මාසික ආදායමෙන් සියයට 25 ක්, එහෙමත් නැත්නම් 1/4ක් ඉතිරි කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට ඒ ලේසියෙන් ගත නොහැකි ලෙසට තැන්පත් කිරීමේ හැකියාවද තියෙනවා. උදාහරණයකට ස්ථාවර තැන්පතුවක යෙදීම . මාසික ඉලක්කයකට ඉතිරි කිරීමට හැකි ගිණුමක් (මේ වන විට බැංකු කීපයකින්ම හඳුන්වා දී තියෙනවා) තුළ තැන්පත් කිරීම වගේ ක්‍රමවේදයකින් ඔබට ඒක කරන්න පුළුවන්. එසේම මෙය ඔබේ මනසටත් සැලකිය යුතු සහනයක් ගෙන දේවි. .අතේ කිසිම ඉතිරියක් නොමැති මිනිසෙකුට හදිසි මුදල් අවශ්‍යතාවයක් කියන්නේ ඉතාමත් බයක් ගෙන දෙන කරුණක්. ඔබට ඒ බය ඔබේ හිතෙන් අයින් කරගන්න පුළුවන් .
*(2) ප්‍රයෝජනයට*
ඔව් ඔබ ඔබ ජීවත් විය යුතුයි. එදිනෙදා ගමන් බිමන් ආහාර සහ සතියකට වරක්වත් විනෝද වීම වෙනුවෙන් ඔබ ඔබේ මුළු මාසික ආදායමෙන් සියයට 25 ක්, ඒ කියන්නේ 1/4ක් වියදම් කරන්න ඕනෙ. ඒක ප්‍රමාණවත් නැහැ කියලා හිතනවා නම් ඔබ ඔබේ ආදායමට අනුව ජීවත් වෙන්න සිතාගත යුතුයි. ඒ හින්ද කරුණාකරලා ඔබේ අවශ්‍යතා ලයිස්තුවක් හදාගන්න. ඉන් අවම අවශ්‍යතාවය තියෙන දේ කපලා අයින් කරලා රාග ජීවිතය හා හැඩ ගසා ගන්න හැඩගස්වා ගන්න ඔබ පටන් ගත යුතුයි. මේ ක්‍රමයෙන් ඔබට ප්‍රයෝජනයට හරි විදිහට මුදල් යොදවන්න උදව්වක් වෙයි.
*(3) ව්‍යාපාර දියුණුව*
මේ කාරණය ඉතාමත් වැදගත් .ඔබේ රැකියාවට අමතරව ඔබේ වෙනත් හැකියාවකින් සුළුවෙන් හෝ ව්‍යවසායකයෙකු ලෙස කටයුතු කිරීමේ වැදගත්කම ඉතාමත් විශාලයි. ඔබගේ ආදායම් ආදායම් වලින් 50% ක්, ඒ කියන්නේ බාගයක් වියදම් කරන්න ඕනේ මේ වෙනුවෙන් . ඔබේ ව්‍යාපාර දියුනුව ඔබේ අනාගතයට ඉතාම වැදගත් නිසා ඔබ මේ වෙනුවෙන් කරන්නේ ආයෝජනයක්. ඔබ දැනට කිසිම ව්‍යාපාරයක් කරන්නෙ නැත්නම් හෝ ඔබ ව්‍යවසායකයෙකු ලෙසින් කිසිවක් කරන්නෙ නැත්නම් ඔබ අනිවාර්යෙන් මුදල් ආයෝජනය කළ යුතුයි. ඒ ආයෝජනය වඩාත් නුවණැති ආයෝජන විය යුතුයි කියලා අමතක කරන්න එපා.
*(4) ආයෝජන සහ අවස්ථා*
ස්ථාවර තැන්පත් කොටස් වෙළෙඳපොළ ඇතුළුව ඔබට ආයෝජනයට විශ්වාසනීය සහ ආරම්භයේ සිට ආයෝජනය සම්බන්ධයෙන් උගත හැකි නොයෙක් ක්‍රම මේ වන විට වෙළෙඳ පොළේ තියෙනවා. ඔබට කෙටි කාලයකින් ලාභ ලබන්නට පුළුවන් වගේම දිග කාලයකින් ලාභ දෙගුණ තෙගුණ කර ගන්නටත් හැකියාව තියෙන මේ ක්‍රමවේද නිසා ඔබට ව්‍යාපාරයක් ලෙසින් ද ආයෝජනය සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. කොහොම වුණත් අමතර ව්‍යාපාරයක් නොකරනවා නොකරනවානම් ආයෝජන කියන්නේ ඔබට විය හැකියි හැකි ප්‍රධානම දියුණුවීමේ මගක්.
*(5) සැලසුම්*
මේ වෙනුවෙන් ඔබ සැලැස්මක් හදා ගතයුතුයි. ඒ වෙනුවෙන් ඔබට සරලවම Excell Sheet එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒක තරමක් නුපුරුදුයි වගේ නම් එම ක්‍රමවේදයක් සරල ඉන්ටර්ෆේස් එකක් හරහා ඔබට පෙන්වන mobile app එකක් ද මේකට භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් ඔබේ ආදායමෙන් ඔබේ වියදමට ඇති කොටස සාර්ථකව වියදම් කරන ආකාරය වගේම, ඉතිරිය සහ ඉතුරුමේ එකතුව ද, ඔබේ ව්‍යාපාර වෙනුවෙන් සිදුකළ ආයෝජන වල පාලනය ද එකම තැනකින් දැනගන්න පුළුවන්.
*(6) අනපේක්ෂිත සිදුවීම්*
අනපේක්ෂිත සිදුවීම් ඒ කියන්නේ ඔබට, මට ඕනෑම වෙලාවක වෙන්න පුළුවන් අකරතැබ්බයක්. සොර සතුරු උවදුරක් මිල අධික අත්‍යවශ්‍ය දෑ වගේ දේවල් ඒකට ඇතුලත් වෙනවා. ඒ වෙනුවෙන් ඒ මාසයේදී ඔබේ ඉතුරුම් හෝ ව්‍යාපාර දියුනුවට යොමු කරන මුදල් යොදවන්නට ඔබට සිදු වේවි . ඒක ඕනෑම මොහොතක වෙන්න පුළුවන්. ඒ වගේම ඉදිරියේදී ඔබට පැමිණෙන විශාල වියදම් වෙනුවෙන් ද පෙර මාස වල සූදානමින් ඉඳීම දීම ඉතාම වැදගත් කාරණයක්. ඒක ඔබේ වියදමට කිසිදු වෙනසක් නො කරත් ඔබේ මුදල් පාලනයට විශාල උදව්වක් වනු ඇත.
– අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි –
#Trickslanka #Money #Salary #winlife #jayagamu #sasatha
