දැවෙන අව් රශ්මිය ශබ්දය දුහුවිලි එක්ක ගැටෙන ඒකාකාර රටාවෙන් මිදිලා සොබාදහමේ සිසිල විදින්න ගහ කොල පිරුන පරිසරයක පිරිසිදු හුස්මක් විදින්න අපි හැමෝම කැමති උනත් තරග කාරී ජීවන රටාවත් එක්ක කාලය අපි හැමෝටම හරස් වෙනවා .ඉතින් අපි හිතුවා විශේෂයෙන්ම කොළඹ අවට ඉන්න ඔබට පැයක් වගේ කෙටි කාලයකින් නියම නිස්කලංක පරිසරයකට ගිහින් සීතල වතුර ටිකක් නාලා ගැමි අසිරිය විදින්න පුලුවන් තැනකට එක්කන් යන්න.
ඉතින් කොට්ටාවෙන් උදේ 8.00 වෙනකොට ගමන පටන්ගත්ත අපි දක්ශිණ අධිවේගී මාර්ගයට කොට්ටාව පිවිසුමෙන් ඇතුලු උනේ ඉක්මනින්ම සීතල වතුර පොදක් ගත දවටා ගැනීමේ බලාපොරොත්තුවෙන් ,අධිවේගී මාර්ගයේ සේවා ප්‍රදේශය පසුකල ගමන් හමුවන වැලිපැන්න පිවිසුමෙන් අධිවේගී මාර්ගයෙන් පිටවුනු අපි මතුගම අලුත්ගම මාර්ගයේ මතුගම දෙසට ගමන් කරන්නට උනා. කොට්ටාව ඉදන් විනාඩි 30ක පමණ ගමනකින් පසු වැලිපැන්න ප්‍රදේශයේදීම අපිට ඒ සොයපු වෙනස දැනෙන්න උනා. වෙල් යායෙන් හමා එන සුලග විදින්න වාහනයේ වීදුරු පාත් උනේ අපිත් නොදැනුවත්වමයි.ඉතින් කිලෝමීටර 5 විතර ගියහම හම්බවෙන බෝගසකුත් එක්ක තියන හොරවල හන්දියෙන් දකුණට හැරුන අපි පිටිගල මාර්ගයේ පැලවත්ත දක්වා ගමන් කලා.ගහ කොලෙන් අනූන මේ මාර්ගයේ පුංචි තැඹිලි කඩේකින් තැබිලි ගෙඩියක් නොබී යන්න නම් අපේ කවුරුත් කැමති උනේ නෑ. ඒ වගේම කාපට් කරපු මාර්ග පද්ද්තියක තියන වටිනාකම හා පහසුව නම් අපිට මේ ගමනෙදි මොනවට දැනුනා.
අපිට හමුවන අවසාන සරුසාර කඩ පෙල වන පැලවත්ත කඩපෙලින් අපිට ඔනේ කරන කෑම වගේම අනෙකුත් පොඩි පොඩි අඩුම කුඩුම ටිකත් එක් රැස් කරන් අපි පැලවත්ත කලුගල හරහා බදුරලිය යා හැකි අතුරු මාර්ගයට පිවිසුනේ හැකි ඉක්මනින්ම අපේ සුන්දර දිය කඩිත්ත දකින්න බලාපොරොත්තුවෙන්.
කාපර්ට් සහිත මාර්ගය පටු වංගු සහිත මාර්ගයක් බැවින් ලොකු අවදානයකින් තමයි මේ මාර්ගය ගමන් කරන්න නම් උනේ.ඒත් මේ වන විට දෙපස සුන්දර ගැමි පරිසරය වගේම ප්‍රදේශයේ සුලබ මොණරුන්ගේ රංඟනයෙන් අපේ පිරිසට අන් සියල්ල අමතකම වෙලා වගෙයි මට හැගුනේ.මේ මාර්ගයේ කිලෝමීටර දෙකකින් විතර තියම මාර්ගයෙන් වමට හැරිලා කපුවැල්ල රණේපුරගොඩ මාර්ගයේ කිලෝමීටරයකින් රණේපුර පාසැල පසුකරපු ගමන් තියන පාලම ගාවින් වාහනය අයින් කරලා නැවැත්තුවෙ වාහනේ ගමන අවසන් කරමින්.මට වෙලාව බැලුනෙ නිතැතින්මයි 9.25පැය එක හමාරකට ආසන්න ගමනක් අපි අහවර කරලා තිබුනා.
අවශ්‍ය කරන අඩුම කුඩුම ටිකත් අරන් පාලම අයිනෙන් අඩිපාරෙන් පල්ලම් බැස්සෙ පයින් ටික දුරක් ගමන් කරන්න සූදානමින් .ඒත් ගමන පටන් ගත්තු ගමන්ම තිබ්බ උමගක් වගේ ලස්සන ස්වාභාවික උණ බට ආරික්කුවෙන් එපිටට ආපු අපි දැක්කෙ අපිට අඩි විස්සකට ව්තර එහායින් පේන ලස්සන දිය පහරක්, විශාල ගල් දෙකකට මැද්දෙන් ඇද හැලෙන පුංචි දිය ඇල්ල වැටෙන වල තමයි #ජොබ්බාන විදිහට හදුන්වන්නේ…
තවත් කොහේද ඉවසිල්ලක් ……… වතුරට බැහැගන්න අපේ කට්ටියට තිබ්බේ පුදුම හදිස්සියක්.හැබැයි වල මැද නම් ටිකක් විතර ගැඹුරයි වගේ.. ඒත් අපේ පිරිස ඒ මේ අත පිහිනා ගියේ නොනිමි සතුටකින්.අයිස් වතුර පරදවන ඒ සිසිලස විදින්න නම් ඔබට #ජොබ්බානට එන්නම වෙනවා
මේ අතරේ ගල් දෙබොකකාවට නැගුන එකෙක් මහ හඩින් කෑගැහුවේ වරෙල්ල මේක බලන්න කියලා අපිව පුදුම කරමින් විශාල ගල් දෙක මැද විශාල ප්‍රමාණයකට ඉන්න පුලුවන් ස්වාභාවික ගුහාවක් ….ගුහාව බලපු අපි පොඩ්ඩක් අවට ඇවිද්දා .දොල පාර දිගේ .මේ වගේම සුන්දර වතුර වලවල් හැම තැනම.මහ දහවලෙත් සීතල වතුරට අත් පය රැලි වැටිලා බඩ කෑම ඉල්ලලා කෑගන්න උනහමයි දැනුනේ වෙලාව හවස දෙකත් පහු වෙලා කියලා.
ආ කියන්න අමතක උනා එම ස්ථානය ගැන අපිට කියපු ගමේ සහෝදරයා ඒ ගම අවටින් රසවත් කිතුල් රා කට්ටක සිසිලස අපිට ලබා දෙන්නත් අමතක කරලා තිබ්බේ නෑ.ඔබටත් ඒ අවටින් ඒ පහසුකම නම් හොයගන්න අපහසු වෙන එකක් නෑ කියලයි මට හිතුනේ. රා බොතලයක් දෙකක් විතරක් නෙමෙයි නියම රසවත් කිතුල් හකුරුමුලක් පැණි බෝතලයක් උනත් හොයගන්න පුලුවන් පැත්තක් විදිහටයි අපි නම් දැක්කෙ.😂
කොහොම උනත් වෙලාව තුන විතර වෙන කොට අපි අකමැත්තෙන් උනත් ආපහු එන්න පිටත් උනේ කරුවල වැටෙන්න කලින් ගෙවල් වලට යන්න ඕනෙ උන නිසා.මොකද හෙට උදේ ඉදන් සුපුරුදු තරගකාරි ජීවන රටාවේ අංගයන් එක්ක එකතු වෙන්න අකමැත්තෙන් උනත් සිද්ද වෙන නිසා😉
.ඒ එක්කම සිසිල සොයා කියන පිටුව හැදුවත් පලකරන්න ලිපි සූදානම් කලත් පටන්ගන්න තිබ්බ පරක්කුව නවත්තල වැඩේ මේකෙන්ම පටන්ගන්න ලොකු උවමනාවකුත් එක්කම අපි ආපහු හැරුනා.
තව දෙයක් කලවාන අගලවත්ත මාර්ගයෙන් එක කෙනෙකුට බදුරලිය පොලිසිය ගාවින් කලුගල ආරන්‍යය මාර්ගයෙනුත් ගාල්ල පැත්තෙන් එනකෙනෙකුට ඇල්පිටිය පිටිගල හරහා පැලවත්තට ඇවිල්ලත් මෙම ස්ථානයට ලගා වෙන්න පුලුවන්.
මොන දේ කිව්වත් අපේ ලස්සන ලංකාවෙ ලස්සන තැන් අපි කොච්චර නම් විනාශ කරනවද…?? අපි පරිසරයේ සුන්දරත්වය විදිමු.රැගෙන යන කුණු නැවත රැගෙන යමු. මතු පරපුරටත් මෙ පරිසරයේ සුන්දරත්වය විදින්නට ඉතිරි කරමු.
ඉදිරියේදී තවත් ගත නිවන සිසිලස සොයා ගමනකින් හමුවෙමු.✔