2021.9.15.6h44m40s-01

රංජන් රාමනායක

———————————

මම ඔහුව කවදා වත් සැබැවින් දැක තිබුණේ නැත . සීනි බෝල නළුවන් දකින්න ආසාවක් තිබුණේද නැත . එත් යාහපාලානයේ ඔහු රාජ්‍ය ඇමති කෙනෙක් වුයේය . දිනක් ඔහුට කුඩු කාරයන් ගැන දැනගන්න අවශ්‍ය වි මා සමග සාකච්ඡාවක් ඉල්ලුවේ ය. මම එ සදහා කැමති වි ඔහු සමග ඔහු ගේ රථයේ දි අදාළ සාකච්ඡා සිදුවිය.

දේපාර්තමේන්තුවේ මම ද ගරු කරන කිහිපදෙනෙක් සමග ඔහුද සම්බන්ධ කම් පවත්වන බව මට දැණුනේය. කුඩු වසංගතය ගැන ඔහු දුක් විය. ඒක නිර්ව්‍යාජ එකක් විය. සැබැවින්ම නිර්ව්‍යාජ ය. …නමුත් ඔහු කුහක ජරා දේශපාලනයේ සාමාජිකයෙක් වු නිසා ඇත්ත ඇති සැටියෙන් දකින්න නොහැකි විය. ..නමුත් වැඩකාරයන් ගැන බොක්කෙන් විය… සාකච්ඡා අවසානයේ ඔහු මට කිව්වා “ඔයා ගෝටාබය ගේ ගෝලයා කියලා “කුඩ්ඩෝ කියනවා .

ඔහු ආරක්ෂක ලේකම් කාලේ කුඩු පාතාලයේ නැති කරන්න ගත්ත උත්සාහ මම දැක්කා …මම ත් ඒ කාලේ වැඩ කරන කොට මේච්චර ශක්තියකින් වැඩ කරන්නේ ගෝටාබය ගේ හයියෙන් කියලා කුඩු කාරයන් කියන්න පටන් ගත්තා ..එත් මට දිපු හයියක් නැහැ ..හැබැයි ..ඇගිලි ගහන්න ආවේ නැහැ …

රංජන් ඒක පිළිගත්තා …

 

ඊට පස්සේ මම රංජන් රාමනායකව දැක්කේ වැලිකඩ හිරගෙදර ඉදිරිපිට රාජ්‍ය නොවන සංවිධානවල උද්ඝෝෂණය්දිය.. මාව හා ගෝටාබය මහත්තයා අත්අඩංගුවට ගත යුතුය යන්නෙන් පැවති උද්ඝෝෂණයෙදිය.

ඊලගට මම රංජන් රාමනායක දැක්කේ කොළොඹ ජාතික රෝහලේ හදිසි අණතුරු එකකයෙදි ය. මම වෙඩි උන්ඩ නවයක් වැදිලා දවස් හයක් ගිය තැන සිහිය පැමිණි පළමු තත්පරයේ මගේ ඇද ළග ,මගේ අත අල්ලාගෙන හිටියේ වෙන කවුරුත් නොවේ ඒ..රංජන් රාමනායක වේ…..ඔහු අත් දෙක එකතු කර වැද ගෙන Hospital staff එකෙන් ඉල්ලිමක් කළේ…එක දෙයයි…මේ වෙඩි නවයක් වැදිලා ඉන්නේ අපේ රටේ ජාතික සම්පතක් කොහොම හරි අපිට බේරා දෙන්න …යනුවෙනි . ඒ විතරක් නොව ජිවිතය ත් මරණය ත් මා සිටි අවස්තාවේ ..මා ගේ බිරිඳ සිට ඇත්තේ සිහි විකල් ව ය. රංජන් ඈ ව සනසා කියා ඇත්තේ …නංගී මම ජනාධිපතිතුමාට කතා කර රංගජිව ව සිංගප්පූරුවට හරි යවා බේරා ගන්න බවය… ඊට මාස දෙකට පෙර මාව හා ගෝටාබය මහත්තයා ඇරස්ට් කරන්න කියලා උද්ඝෝෂණ කළ මේ රංජන් රාමනායක විය. එ..ඔහුන් ගේ දේශපාලන විය. මේ මනුස්ස කමය

 

දේශපාලන පලිගැනීම් ජනාධිපති කොමිෂන් සභාවේ දි

—————————————————–

2020 දි කොමිෂන් සභාවේ දි අපි දෙන්නා නැවත හමුවිය .පැය එකහමාරක් අපි කතා කළේය .ඔහු එක දෙයක් මගෙන් ඍජුවම ඇසුවේ ය. ඇත්තටම ගෝටාබය කුඩු පාතාලය ඉවර කරා විද?යන්නය

මම ඔහුට කිව්වේ . සර් ..ගෝටාබය මහත්තයා මේක ඉවර කෙරුවේ නැත්නම් ..මෙක ඉවර කරන්න මිනිහෙක් මේ රටේ පහළ වෙන්නේ නැහැ ..කියලා.. ඔහුට කිව්වේ ඇත්තටම ඔහු කරාවිද ? යන්නය. මම කිව්ව “ඔහු අනීර්වායෙන්ම කරනවා”යන්නය.

ඔහු එදා එළියට ඇවිත් මාද්‍යට කිව්වේ මම රංගජිව එක්ක කතා කළා ඔහුට මේ ගැන ලොකු අවබෝධයක් තියෙනවා යන්නය.

ඊට මාස කිහිපයක් ගිය පසු ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අනුව හීරේට ගියේය.

ඒක මිශ්‍ර හැගිමක් ඇති විය. රටේ පවතින නීති පද්ධතියට ඇගිල්ල දිගු කළේ FACTS and FIGURES නැතිව ගමේ ගොඩේ ඔපාදුපා Base කරගෙනය .

ඒ වගේම සමහර දේශපාලනය කරන හා නොකරන මිනිස්සුන්ට ඇගිල්ල දික් කළේ baseless ය… ඒ කෙසේ වෙතත් අද ඔහු හිර ගෙදර ය…

 

මට රංජන් රාමනායක එක්ක එක ප්‍රශ්නයක් ඇත .එනම් ලක්ෂ ගානක් සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු කපලා කොටලා මැරු කොටින් හිතවතුන් සමග දේශපාලනය කරමින් …අවුරුදු 30ක කුරිරු යුද්ධය අවසන් කළ මහින්ද මහත්තයව හිරේ යවන්න නැත්තනම් අපහාස කරන්න කළ උත්සාහය පිළිකුල් සහගත විය…කුමක් කළත්..කුමණ අඩුපාඩු තිබුණත් …මහින්දයන් යනු ජිවිත් වීමේ අයිතිය ලබා දුන් නායකයා විය. උප නුපන් හැම කෙනෙක්ම ඔහුට සදා ණය ගැති ය.

 

අවසාන වශයෙන් රංජන් රාමනායක මහත්තයා දැන් ඉන්නේ හිරේය …මගේ පුද්ගලික කැමත්ත ඔහුට මොන හෝ සහනයක් ලැබුණොත් හොද ය..නමුත් මගේ official opinion එක ඔහු තවදුරටත් හිරේ සිටිය යුතු බවය…

 

…නාකොටික් රංගජිව ….

 

)

About The Author

Leave a Reply