සති දෙකක පමණ නිවාඩුවක් බුක්ති විදි මා නැවතත් සරසවියට යා යුතුය.. අම්බලන්ගොඩ මහියංගනය බලා දිවෙන බස් රථයට ගොඩ වුයේ බදුල්ල බලා ගමන් කරනු අටියෙනි.. බසය ඔරලෝසු කනුව තෙක් ගමන් කරනතුරු තාත්තා සුපුරුදු ලෙස බලා සිටි.. බසයේ වේගයත් සමගම තාත්තගේ රුව නොපෙනී යත්ම දැනෙන වේදනාව අකුරු කරන්නට මා නොදනිමි.. අසුන් තුනේ ආසනයක කවුළුව කෙළවර හිදගත් මා කවුළුව හැර දැමුවේ මුදු සුළගට රිසි සේ විදගන්නට හරිමිනි…
මුහුදු සුලගටත් නොදැවින වේගයකින් පැමිනි බස් රථය හික්කඩුව බස් නැවතුම්පොළ අසල නැවතුණි..
එකා දෙන්නා බස් රථයට ගොඩ විය. හිස් අසුන් එකින් එක පිරී යන්නට විය.. මා අසල අසුන් දෙකම තවමත් හිස්ය… එක් වරම ඉදිරිපස දොරින් පැමිණි තරුණ පෙම්වතුන් යුවල මා අසල වු අස්නට සිනහමුසු මුහුණින් ඇදෙන්නට විය.. රෝස පැහැති සල්වාරාකින් සැරසී සිටි ඈ සැබවින්ම පියකරුය. ඔවුන් දෙදෙනා උත්සව අවස්ථාවකට සහබාගි වන බවට මා අනුමාන කලෙමි… ඇය කටකාර යුවතියක් බව එතරම් වෙලාවක් යන්නට මත්තෙන් මට හැගිණි… ඇගේ අතැගිලිග දෙස දෑස් යොමු වුයේ නිනැතින්මය … වර්ණ දෙක තුනකින් අලංකාර වු නිය අලංකරණය දෙස බැලූ.. විටෙක එයද අපුරු යැයි සිතමින් කවුළුව දෙසටම හැරුනේ.. ඔවුන්ගේ පෙම් ලොවට මාගෙන් බාදාවක් ඇති වේ යැයි බියෙනි., , බස් රිය වේගයෙන් ඇදෙද්දී පොල් රුප්පාවෙන් පෙනී නොපෙනී යන වෙරල දෙස බලා මා තුටු වූවෙමි..
ගාලු පුරවරයට සේන්දු වු බස් රිය තුල කොන්දොස්තර මහතාගේ හඬ දෝංකාර විය…
සැනෙකින් පෙම්වතා අසුනින් නැගිට්ටේය.
.
එන්න මෙතැනින් වාඩි වෙන්න… දෙන්නටම පුළුවම්…
අපි ළඟ බහිනවා.
කමක් නෑ මල්ලි.. එක ෂිට් එකක් ඇති
නෑ.. නෑ.. අක්කේ, අපි කොග්ගල බහිනවා..
මෙතැනින් වාඩි වෙන්න..
අවුරුදු 3ක් පමණ දරුවෙකු වඩාගත් ඈ මා ලගින් අසුන් ගත්තාය., පෙම්වතා ඔවුන්ගේ
ගමන්මලු ලගට කර අනෙක් පුද්ගලයා හිමින් සීරුවට අසුනින් වාඩි කර වුයේය.. ,,
ඒ කුමක් නිසාදැයි යන්න බැලූ මා හද කම්පා විය.. ඔහුගේ දෙනෙත් අඳ බැව් දැනගන්නට වැඩි වෙලාවක් නොගියෙමි.. කළු පැහැති උපැස් යුවලකින් සැරසුණු ඔහු..කෙබදු ලෝකයක් දකිනවා ඇති දැයි සිතමින්.. මා සුසම් කවුළුවෙන් පිටතට මුදා හැරියෙමි.. ජීවිතවල හිමි අහිමි බවක අපුරුව.. එකෙක් ලෝකය නේකවිද වර්ණ වලින් දකිද්දී තව එකෙකු අදුරුව දකින හිමි අහිමි බවේ අපුරුව නොවේදැයි විටෙක සිතේ…
සුරතල් සිගිත්තගේ සිනහව වෙරළේ රල පෙලටත් වඩා අපුරු විය… සිගිති පා පොඩි වලින් ප්රනහාර එල්ල කරන්නට වුයෙන්,,.. සැබවින්ම මට එය බාදාවක් නොවුනද ඇය සිනහසෙමින් සිගිත්තා තව තවත් ඈ වෙතට වත්තම් කරගත්තාය.
නංගි කොහේ යන ගමන්ද? මේ .. ඇය ලෙන්ගතු අයුරින් ඇසුවාය..
බදුලු යන යනවා අක්කේ…
අපිත් බදුල්ලට තමයි යන්නේ..
.
ඇයත් මමත් කතාබහට වැටින.. සිගිත්තා ඉක්මනින්ම ඇයගේ ඇකයෙහි සුව නින්දෙන් පසු වෙති.. ඇගේ ස්වාමිපුරුෂයාද අපේ කතාවට කන් දීගෙන සිටින බව මට හැගීන.. මාතර පුරවරයද පසු කරමින් බසය වේගයෙන් ඇදෙන්නට විය… සිගිත්තා නින්දෙන් පිබිදී ඇති බැවින් ඔවුන් දෙදෙන දරු සුරතල් විදිමින් සිටියෝය.. සිගිත්තගේ දගකාරකම් ඔවුනට මහත් සතුටක් විය. . ඔහුට තම දෙනෙතින් ලෝකය දැකීමට නොහැකි වුවද තම සිගිති පුතුගේ දරු සුරතලා විදීමට තරම් ඔහු ආදරණිය පියෙකු වීමට ඔහු වසනවන්ත වී ඇත .. ඔහුගේ අඳුරු ලොවට එකම මිණිපහන ඔහුගේ සිගිති පුතු යැයි සිතුණි.. දෑස් නොපෙනුනද ඔහුට සැබෑ ලෝකයේ තොරතුරු දැනගැනීමට මහත් උනන්දුවක් ඇතැයිය.. මට හැගීන..
දැන් කොහෙද? මේ..
තංගල්ල පහුකලාද?
ඔව්..
තංගල්ල පහු කලා.. දැන් අම්බලන්තොට…
ඇය නිරන්තරයෙන් ඔහුගේ ප්‍රශ්ණ වලට උත්තර දීමට සැදී පැහැදී සිටියාය .
ඔහු උපතින්ම දෑස් නොපෙන්නෙකු නොවන බව තේරුම් ගන්නට වෙඩි වෙලාවක් ගත නොවුනි.. ඔහුගේ දෑසට කුමක් සිදු වන්නට ඇතිදැයි යන පැනය මා සිත තුල තෙරපෙන්නට විය.. ඇය නිරන්තරයෙන් තම සැමියාගේ වුවමනා එපා කම සොයමින් ඔහුට සලකන අයුරු දුටු විට ඇය කෙරෙහි මහත් ගෞරවයක් ඇති විය… සිගිත්තගේ වැඩ කටයුතු මෙන්ම තම ස්වාමියාටද කවා පොවා ඔහුගේකට වටා රැදුණු බිස්කට් කුඩු පිහිදා දැමුවේය.. ඇයට තවත් ලොකු දරුවකු හදා වඩා ගැනීමට සිදු වී අත් දැයි විටෙක සිතුණි.. බිරිදක වශයෙන් ඇය මහත් වු බරක් කරට ගෙන ඇති බව පෙනිණ. ආදරණිය මවක් සේම ඇය අපුරු බිරිදකි.. පර පුරුෂයන් කරා යන,, බිලිදුන් මහ මග දමා යන ලොවක් ඇය සැබවින්ම උත්තරතිර ගැහැනියක් කියන්නට මා මැලි නොවෙමි…
වෙලාව 1.30 පමණය.. ලුනුගම්වෙහෙරද පසු කරමින් බසය වේගයෙන් ඇදෙන්නට විය.. ගියවර නිවාඩුවට පැමිණෙන විට සිදී ගොස් ඉරි තලා ගිය තිබු දෙපස වැවු යලිත් ජලයෙන් පිරි ඇත.. රටා මවනින් වැවු මත්තෙන් ඉගිලියන කොකුන් පෙළ ගමන් විඩාව මවන සොදුරු සිත්තමක් යැයි විටෙක සිතුණි.. ඡයාරූපකරුවෙකුට සොදුරු අවස්ථාවන් කෙතරම් තිබේ දැයි හැගීන.. මටද කැමරාවක් තිබුනේ නම් යන මැසිවිල්ල සුපුරුදු ලෙස සිතෙහි දෝංකාර දෙන්නට විය…
බසය ඇතිලි වැවට සේන්දු වනවාත් සමගම සුපුරුදු ලෙස තේ පානය සදහා නතර කළේය.. සියල්ලන්ම කෙටි විවේකයක් ලැබීම පිණිස බසයෙන් බැසගත්තේය.. සිගරට්ටු දල්වාගත් පිරිමින් සුපුරුදු ලෙස කඩය පිටුපසට යන්නට විය. බසයෙන් බැස ගත් ඈ තම සිගිත්තාද වඩා ගෙන දෑස් අහිමි තම ස්වාමිපුරුෂයාගේ දෑතින් ද අල්ලාගෙන කඩය වෙත පියමන් කල ආකාරය වෙතට සැමදෙනාගේම දෑස් ගැටිණ.. මයිලෝ පැකට්ටුවක් මිලදී ගත් මා ආපසු එන්නට සැරසේනාවත් සමගම දුටු දෙයින් විමතියට පත් විය. .. සිගරට්ටුවක් මිලදී ගත් ඈ ගෝනි නුලකින් එල්ලමින් තිබු ලයිටරය වෙත සිය සැමියා කැදවාගෙන ගොස් සිගරට්ටුව දල්වා දුන්නාය… සැබවින්ම දුම් පානය මිනිස් සෞඛ්යෑයට අහිතකරය…. සමාජ සම්තයටද පටහැනිය… නමුදු ඔහු එයට ඇබ්බැහි වුවෙකු විය හැකිය… සමහර පිරිමුන් තම බිරිදට හොරා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාගනිති.. දෑස් අහිමි ඔහුට තම බිරිදගේ පිහිට මිස අන් කිසි සරණක් නැත.. බිරිදක වශයෙන් ඔහුගේ සියලු වෙනුවෙන් ඇකකැප වී සිටින්නියක් යැයි සිතුණි..
රියදුරු බසයට නැග නලාව නාද කරන්නට වුයෙන් සියලු දෙනාම ලහි ලහියේ බසයට ගොඩ විය,, නැවතත් සිනහමුසු මුහුණින් මා අසල අසුනින් හිඳගත් ඈ
නංගි කෑවද?..
ඔව් අක්කේ…
නැවතත් ඇයත් මමත් කතාවට වැටිණ.., ඇයත් මාත් කුළුපග වන්නට වෙඩි වෙලාවක් නොගියේය. ඇයගේ අනෙක් වැඩිමල් පුතු නිවසේ බවත් ඔවුන් එනතුරු මග බල සිටින බවත් ඇය පැවසුවාය. ඇයගේ සැමියාගේ දෙනෙතට කුමක් සිදුවූයෙද යන පැනය සිතෙහි නැවතත් තෙරපෙමින් තිබුණි.. ඔවුන්ගේ ජිවිත කතාව ඇය සෙමින් සෙමින් මා ඉදිරියෙහි දිග අරින්නට විය., මේ වන විට ඇයගේ සැමියා බර නින්දකට වැටි තිබුණි.. වැල්ලවාය ද පසු කරමින් බසය කදු තරණය සදහා සුදානම් වෙයි…
ඔවුන්ගේ නම නොදන්නා බැවින් ඇය කුමාරි ලෙසද ඔහු ශාන්ත ලෙස හැදින්වීමට කැමැත්තෙමි…. කුමාරිගේ උපන්ගම හික්කඩුවය.. ශාන්ත බදුල්ලේය.. ඔවුන්ගේ ආදර කතාව ඇය මෙලෙස මා ඉදිරියේ සනිටුවන් කළාය ..
ඔවුන්ගේ ප්‍රථම හමුවීම සිදුවන්නේ දානමය පින්කමක්දිය .. හමුදා සේවයේ නියතු ජයරත්නගේ නිවසේ දානමය පිංකම සදහා උදවු කිරීමට ඇය සහභාගි විය.. ජයරත්නගේ යුද හමුදාවේ මිතුරන් කිහිප දෙනෙකුද දානමය පිංකම සදහා සහභාගි වී සිටියෝය.. ඔවුන්ගේ ප්රපථම හමුවීම ආදර අන්දරයක ඇරබුම එය විය… එකල යුද මෙහෙයුම් පැවතී ඒ කාලය අතිශයින්ම බිහිසුනුකාරි කාලයක් විය.. බෝම්බ පිපිරීම්.. සමුහ මිනිස් ඝාතන..යුද සෙබළුන් දස දහස් ගනින් තම ජිවිත රට වෙනුවෙන් පූජා කරන කාලයක් විය… නමුත් කුමාරි ශන්ත කෙරෙහි බැදී ප්රේ මය දළු ලා වැඩෙන්නට විය.. දුරකථන ඇමතුම්.. ලියුම් මගින් ඔවුන් කෙසේ හෝ තම ආදර අන්දරය දිගටම පවත්වා ගත්තයා … 2006 වර්ෂ යුද මෙහෙයුම් සදහා ක්රි යාන්විතයේ යේදී සිටි බැවින් ශාන්තට ලියුම් ලියන්නට වෙලාවක් නොවිය.. තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පූජා කිරීමට සුදානමින් සිටින ඔවුන් සැබවින්ම මිහිපිට සිටිනා දෙවියන් වැනිය.
.
ක්‍රිරිියාන්විතයේදී ඉදිරියෙන් ඇසෙන වෙඩි හඩද පසෙකලමින් මාතෘ භුමිය වෙනුවෙන් ලය පිදීමට තරම් එඩිතර වී ඉදිරියට ගියේය .. ඔහුට “එකවරම ලොවම අදුරු වූවා සේ දැනිණ..” තම දෑස්.. මාතෘ භුමිය වෙනුවෙන් පූජා කල ඔහු සැබවින්ම උත්තරතිර රණවිරුවෙකි… තම විවාහය සදහා දින ගනිමින් සිටි කුමාරිට.. මේ පුවත ඇසු විට දැනුනු කම්පනය පිළිබද අමුතුවෙන් කීවා යුතු නැත.. ජිවිත ගමනේ සැම පියවරක්ම පහසුවෙන් තබා යා නොහැකිය. කුමන මොහොතක කුමක් සිදුවේදැයි කියන්නට අපි නොදනිමු .. හිමි අහිමි බවේ අපුර්වත්වයට මුහුණ දිය යුතුමය . ශාන්තට ජිවිතයේ වටිනාම සම්පතක් අහිමි වී ඇත,, ඔහුගේ ලෝකය අදුරු වුවද කුමාරිගේ ලෝකය අදුරු කල යුතු නැතයි යන සිතුවිල්ලෙන් ඔහු කුමාරිව මග හරින්නට විය,, ඔහුගෙන් තොර ලෝකයක් නොමැති වු කුමරිට ශාන්තව විවාහ කරගැනීමට අවැසි බවත්,, ඒ සදහා ඉඩ නොදුන්නොත් කිසි දිනක විවාහ නොවන බව සිය දෙමාපියන්ට කීවාය.. ශාන්ත නිරන්තරයෙන් පැවසුවේ “ඔයාට මට වැඩ හොද කෙනෙක් හොයාගන්න පුළුවම්..” මගෙත් එක්ක ඇවිත් බොරුවට ජීවිතය නාස්ති කරගන්නෙපා… යනුවෙනි,, ඒ පැවසුවේ අයගේ ජිවිත යහපත උදෙසා මිස ආදරයේ වෙනසක් සිදු වී ඇති බැවින් නොවේ… ශාන්තගේ දෑස් වෙඩි උණ්ඩයට අඳ වුවත් ඔවුන්ගේ ආදරය පුපුරා හරින්නට වෙඩි උණ්ඩය සමත් නොවිය,,
ඇය ශාන්තව විවහ කරගත්තාය.. බදුල්ලත් ගාල්ලත් යා වෙමින් ඔවුන්ගේ ආදර අන්දරය මල් එල ගැන්විණි. ඔවුන්ගේ ආදරය වෙනුවෙන් මගේ උත්තමචාරය… ගැහැණියක වශයෙන් ඇය සැබවින්ම උත්තරීතරය ,, විවාහය ජිවිතයේ තවත් එක් කඩ ඉමක්ය. වැදගත් සංධිස්ථානයකි. එවන් අවස්ථාවක මෙවන් තීරණ ගන්නා ගැහැනුන් අද සමාජයේ අතිශයින්ම දුලබය… ආදරයට දුප්පත් පෝසත් කුල මල උස්. මිටි කම් සොයනා ලොවක ඇගේ තිරණය සැබවින්ම අගය කල යුතුය.. සැබෑ ශක්තිමත් අදාරයකට අබියෝග මිස බාදා නැත, බැදීම් සැබවින්ම පුදුමාකාරය .. ඇය තම ජීවිතය වෙනුවෙන් ගත් තීරණය නිරන්තරයෙන් සැමදා අයව සතුටින් තබනු ඇත.. සමාජයේ ගැහැණිය චපලය යන උපහාසාත්මක ප්‍රකාශය බිදලන්නට කුමාරි සැබවින්ම අපුරු වු උදාහරණයකි.. කුමාරි දැන් දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවකි.. දෙනෙත් අහිමි වුවද ඒ වෙනුවට තම දෙනෙත් මෙන් වටිනා වීර පුතුන් දෙදෙනෙකුගේ ආදරණිය පියෙකු වන්නට ශාන්ත වාසනාවන්ත විය,, . ඔවුන්ගේ වියදමට රජයෙන් මුදල් ලැබෙන බවත් ඒ මුදලින් ඈ සියළු පවුලේ වැඩ කටයුතු කළමනාකරණය කරගන්න බවත් පැවසුවාය,
ඔවුන්ගේ කතාව සැබවින්ම සංවේදීය,,, තම මාතෘ භුමිය වෙනුවෙන් තම ජිවිත පරිත්‍යග කල ආබාදිත වු රණ විරුවන් තව දහස් ගණනක් ඇත.. මේ ඔවුන්ගන් ඒක් අයෙකුගේ කතාවක් පමණි..
බසය කදු මුදුන් නගිමින් හාලි ඇල්ලද පසු කරමින් පස්වරු 5 පමණ විට බදුල්ල කරා පැමිණියේය.. ඔවුන්ගේ ආදර අන්දරය වෙනුවෙන් මාගේ උත්තමාච්චාරය!!!
ජය !!!
ආදරය අන්දයිලු…
නේද?
ඒ නිසාද මගේ දෑස්
අඳ වුයේ
පෙම්බරී..
මගේ ලොව අදුරුයි
දැන් නුබේ ලොවට
තාරුකාසොයා
පළයන්…
අවසරයි
ඉගිලෙන්නට
නුබට
පෙම්බරී….
රෑදෙන්නේ ඇයි?
මා ලගම..
වෙඩි උණ්ඩයට
නුබේ පෙම
අඳ කරන්නට
නොහැකි වුවාද?
පෙම්බරී… .
මගේ ලොව එළියයි
දැන්…
නෙත් වගේ
එලියැයි…
අපේ පුතුන්
මට
පෙම්බරී…
එපා… ඉගිලෙන්න
හැම බවයේම
රැදියන්
මා අසලින්ම
පෙම්බරී………
ඔවුන්ගේ ආදරය වෙන්වෙන් සටහන් තැබුවෙමි,,,,,,,,
***සටහන***
~තිසරු සුබසිංහ~