FB_IMG_1633014959409

මේ තියෙන්නෙ දැනට ලෝකයේ තියෙන ලොකුම කන්ටේනර් ෂිප් එක.. EVER ACE.. කන්ටේනර් කැපෑසිටි එක 24,000යි.. මීටර් 400ක් දිගයි.. මීටර් 62ක් පළලයි..

මෙයා මුහුදට ආවෙ පහුගිය ජූලි මාසෙ.. දැන් තමයි මෙයාගෙ මංගල ගමන යන්නෙ.. මෙයාගෙ තරමෙම මෙයාගෙ නංගි EVER ACT මේ මාසෙ මුහුදට ආවෙ..

නිවුස් එක ඒක නෙවෙයි.. දැන් මෙයා නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වලින් පිටත් වෙලා කොළඹ එන ගමන් ඉන්නෙ.. ලබන 5 වෙනිදා කොළොම්තොටට එනවා.. එන්නෙ චීන සමාගමේ CICT ජැටියට.. අපේ ECT එකටත් පුළුවන් මෙයාලව ගෙන්න ගන්න.. නමුත් දැනට තියෙන දොඹකර මෙයාලගෙ තරමට පොඩි වැඩියි..

මේ නැව්වලට යන්න පුළුවන් තරමෙ වරායවල් මුළු ලෝකෙටම තියෙන්නෙ යුරෝපයේ සහ ආසියාවෙ දුසිම් දෙකක් විතර තමයි.. අනිත් මහද්වීපවල එකක්වත් නෑ.. දැනට දකුණු ආසියාවේම කොළඹට පමණයි.. අනාගතයේ ඒ ලැයිස්තුවට හම්බන්තොටත් එනවා..

EVER ACE’s Port Rotation : HAMBURG (Germany) – FELIXSTOWE (UK) – ROTTERDAM (Netherlands) – SUEZ CANAL Transit – COLOMBO (Sri Lanka) – TANJUNG PELEPAS (Malaysia) – KAOHSIUNG (Taiwan) – QINGDAO (China) – SHANGHAI (China) – NINGBO (China) -TAIPEI (Taiwan) – YANTIAN (China)

EVER ACE ඔබව කොළොම්තොටට සාදරයෙන් පිළිගනිමු..🥰🙏

(විශ්ව චින්තනගේ මුහුණු පොතේ සටහනක්)

About The Author

Leave a Reply