FB_IMG_1633176458800

පව් කරන්න පට්ට ලේසියි.. පින් කරන්න පට්ට අමාරුයි..

ඊයෙ මට උන සිදුවීමක් මුල් කරගෙන මේ පෝස්ට් එක දාන්නෙ. මම order කරපු බඩු වගයක් curier එකකින් ගෙදරට ගෙනත් දුන්නා. ඇරලා බලන්න යද්දි තමයි දැක්කෙ box එකක් වගේ පෙනුනනට box දෙකක් එකට ඇලිලා තියෙන්නෙ කියලා.එකපාරට හිතුනෙ order කරපුවා box දෙකක දාලා එවලා වෙන්න ඇති කියලා.

එකක් open කරලා බලද්දි මම order කරපු දේවල් තිබුනා. අනිත් එකේ තිබුනෙ ලක්ෂ තුන හමාරක් විතර වටින අලුත්ම smart phone 10ක්.

මගෙ නමට parcel එකක් ආව නිසා කිසිම සාක්ෂියක් නැහැ අනිත් parcel එකත් මගෙ ලග කියන්න. Curier එකෙන් ඕන දෙයක් කරගත්තදෙන් ලක්ෂ තුන හමාරක්නෙ නෙ කියල ඕන නම් මට සද්ද නැතුව ඉන්න තිබ්බා.

ඒත් එහෙම කරන්න හිත දුන්නෙ නැහැ මොකද තමන්ට අයිති නැති දෙයක් ගත්තොත් මොන නීතියෙන් ගැලවුනත් හෘද ශාක්ෂියෙන් ගැලවෙන්න බැරි බව මම දන්න නිසා.

පස්සෙ parcel එක ඇතුලෙ කොලේක නම විතරයි තිබුනෙ address එකක් නෑ phone number එකක් තිබුනෙත් නෑ. තිබුන නම Google search කරලා බැලුවම ඒ නමින් company කිහිපයක්ම තිබුනා.

මම ඒ සේරටම කතා කර කර අහලා බැලුවා. අන්තිමේට box එකට අයිතිකාරයො පස්දෙනෙක්ම ඉන්නවා.🤭

එක මනුස්සයෙක් කියනවා “miss ඔයා එක phone එකක් තියාගෙන ඉතුරු ටික අපිට බාරදෙන්න මං බයික් එක්ක එවන්නම්” කියලා. මම කිව්වා එහෙනම් පොලිසියට ඇවිත් ඔයාලගෙ කියලා ඔප්පු කරලා අරගෙන යන්න කියලා. එයා කිව්වා පොලිසි නොයා ගොඩින් බේරගමු කියලා. ඔහොම හැමෝම එක එක කතා කිව්වා. 😕😕

අන්තිමේට අයිතිකාරයා අඳුරගන්න බැරි නිසා parcel එක භාරදුන්න curier service එකටම කතා කරලා විස්තරේ කිව්වා. ඒ මනුස්සයා එතකොටයි දන්නෙ parcel එක වැරදිලා මට ලැබිලා කියලා. එයා කැමති උනා පොලිසියට ඇවිත් parcel එක භාරගන්න.

මීට කලින් මං කවදාවත් පොලිසියකට ගිහින් නෑ ඒත් අද පොලිසියට යන්න උනා. එතනදි ඒ uncle ගෙන් මම ඇහුවා

” ඔයාට මේක අපි කීවෙ නැත්තං මොකද වෙන්නෙ කියලා”

“දුව parcel එක හම්බුනේ නැත්තං මට රස්සාවත් නැති වෙනවා, රස්සාව නම් නැති උනත් කමක් නෑ ඒත් ලක්ෂ තුන හමාරක් මම ගෙවාගන්නෙ කොහොමද දුව🥺.

ළමයින්ට කන්න දෙන්නෙත් අමාරුවෙන්. මේ රස්සාව ආසාවට කරන එකක් නෙවෙයි. කරන්න දෙයක් නැතිම කමට කරන්නෙ හැමතැනින්ම බැනුම් අහගෙන. මම හිතු⁣වෙ මේක ආයෙ හම්බෙන් නැති වෙයි කියලා. දුවට ගොඩක් පිං බොහොම ස්තූතියි. ” කියලා ඒ මනුස්සයා කිව්වා.

ඒ වචන ටික ඇහුනම දැනුන සතුට සල්ලි වලින් මිල කරන්න බැහැ.

හොරු හිත හදාගෙන අනුන්ගෙ දෙයක් රසවිඳින්නෙ කොහොමද කියලා මට හිතාගන්න අමාරුයි.

මම order කරපු දේවල් ඕන තරම් වෙන අයට ගිහින් මුදල් නැතිවෙලා තියෙනවා. මම ඒ දුක හොඳටම දන්නවා. මේ වගේ දෙයක් උනාම ෆේස්බුක් දාන්න ඕන නෑනෙ කියල කවුරුහරි කියයි. ඒත් මේක සමාජෙට දෙන පණිවිඩයක්.

අනුන්ට වැරැද්දක් කරන්න හිතෙන හැම වෙලාවකම ⁣ඒක තමන්ට උනොත් කොහොම වෙයිද කියන දේ හිතන්න. තමන් කරන හැම හොඳ දෙයක්ම නොපෙනෙන බලවේගයක් වෙලා තමන්ව ආරක්ෂා කරනවා කියලා විස්වාස කරන්න. එහෙම උනොත් ඔයා කරන දෙයක් වරදින එකක් නෑ.

කොටින්ම මගේ දහමට අනුව කීවොත්👇
කරන කලට පව් මිහිරිය මීසේ..
විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..

ඇත්තටම සතුටු දවසක් ❤️

උපුටා ගැනීම – Rashmi Bhagya Randunu

About The Author

Leave a Reply