
#රාබු වල අපි නොදන්න ගුණ.
ගොඩාක් අය දන්නෙ නෑ රාබු කොල සලාද කන්න පුලුවන් කියලා..කොල විතරක් නෙවෙයි..ලපටි රාබු ගෙඩිත් සලාද කන්න පුලුවන්..
රාබු කියන්නෙ ගොඩාක් ගුණ එලවලුවක්.
▪️බටහිර ආසියාතික හා යුරෝපීය සම්භවයක් සහිත කෘසිපරේසියේ කුලයට අයත් එළවළුවක් වන රාබු ලොව පුරා ඉතා බහුලව වගා කරනවා.
▪️ශ්රී ලංකාවේ සියලුම කෘෂි දේශගුණික කලාපවල සාර්ථකව වගා කළ හැකි හැකියි.
▪️ගුණයෙන් පිරි රාබු ඇස්කෝබික්, ෆෝලික් අම්ල සහ පොටෑසියම් බහුල එළවළුවක්.
▪️එමෙන්ම විටමින් B6, රයිබොෆ්ලේවින්, මැග්නීසියම්, කොපර් සහ කැල්සියම් ප්රභවයක් ලෙස ද භාවිතා කළ හැකියි.
▪️කාබෝහයිඩ්රේට් බහුල නිසා ඉතා හොඳ ශක්ති ප්රභවයක් ද වෙනවා. මෙහි ශක්තිය ග්රෑම් 100කට ඇත්තේ කිලෝ කැලරි 20ක් .
▪️සංස්කෘතයෙන් මූලක නමින් හැඳින්වෙන රාබු පැරණි සිංහලයේ මූල පලා නමින් හැඳින්වුණා.
▪️රාබු කෑමට සමහරු අකමැති ඉන් පිටවෙන ගන්ධය ඔවුන්ට අප්රිය නිසයි. එලෙස ගඳක් නිකුත් වන්නේ එහි ගෙන්දගම් අධිකව තිබෙන නිසයි.
▪️ඒ නිසාම රාබුවලට රුධිරයේ විෂ ගතිය ඉවත්කර ලේ පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා.
▪️ඉන්දියාවේ ළපටි රාබු අල අමුවෙන් කෑමට ගන්නවා. ජපන් ජාතිකයන්ද රාබු අල අමුවෙන් ආහාරයට ගැනීමට ප්රිය කරනවා.
▪️මල හොඳින් පිටවීමට හේතුවන රාබු නිසා ආහාර රුචිය ඇතිවෙනවා.
▪️රෝග වළක්වන හා ඔරොත්තු දීමේ ශක්තිය ද ඉන් සිරුරට ලැබෙනවා.
▪️රාබු අල වගේම කොළත් ගුණදායකයි. එම දෙවර්ගයම එකට ගැනීමෙන් මුත්රා පෙරීම ද යහපත් වෙනවා.
▪️වකුගඩුවේ මල කොටස් නොරැඳීමටද එය හේතු වෙනවා.
▪️මුත්රා ගල් ඇති අයට රාබු අල සහ කොළ අමුවෙන් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. අර්ශස් රෝගීන්ට ද රාබු ගුණයි.
▪️සෙම නසන ශක්තිය ඇති නිසා පීනස, කැස්ස, ඇදුම රෝගීන්ට හිතකරයි.
▪️ඔසප්වීමේ ප්රශ්න ඇති කාන්තාවන්ටත් මෙය ගුණදායක එළවළුවක්.
උපුටා ගැනීමකි.