radish

#රාබු වල අපි නොදන්න ගුණ.

ගොඩාක් අය දන්නෙ නෑ රාබු කොල සලාද කන්න පුලුවන් කියලා..කොල විතරක් නෙවෙයි..ලපටි රාබු ගෙඩිත් සලාද කන්න පුලුවන්..

රාබු කියන්නෙ ගොඩාක් ගුණ එලවලුවක්.

▪️බටහිර ආසියාතික හා යුරෝපීය සම්භවයක් සහිත කෘසිපරේසියේ කුලයට අයත් එළවළුවක් වන රාබු ලොව පුරා ඉතා බහුලව වගා කරනවා.

▪️ශ්‍රී ලංකාවේ සියලුම කෘෂි දේශගුණික කලාපවල සාර්ථකව වගා කළ හැකි හැකියි.

▪️ගුණයෙන් පිරි රාබු ඇස්කෝබික්, ෆෝලික් අම්ල සහ පොටෑසියම් බහුල එළවළුවක්.

▪️එමෙන්ම විටමින් B6, රයිබොෆ්ලේවින්, මැග්නීසියම්, කොපර් සහ කැල්සියම් ප්‍රභවයක් ලෙස ද භාවිතා කළ හැකියි.

▪️කාබෝහයිඩ්‍රේට් බහුල නිසා ඉතා හොඳ ශක්ති ප්‍රභවයක් ද වෙනවා. මෙහි ශක්තිය ග්‍රෑම් 100කට ඇත්තේ කිලෝ කැලරි 20ක් .

▪️සංස්කෘතයෙන් මූලක නමින් හැඳින්වෙන රාබු පැරණි සිංහලයේ මූල පලා නමින් හැඳින්වුණා.

▪️රාබු කෑමට සමහරු අකමැති ඉන් පිටවෙන ගන්ධය ඔවුන්ට අප්‍රිය නිසයි. එලෙස ගඳක් නිකුත් වන්නේ එහි ගෙන්දගම් අධිකව තිබෙන නිසයි.

▪️ඒ නිසාම රාබුවලට රුධිරයේ විෂ ගතිය ඉවත්කර ලේ පිරිසිදු කිරීමේ හැකියාව ලැබෙනවා.

▪️ඉන්දියාවේ ළපටි රාබු අල අමුවෙන් කෑමට ගන්නවා. ජපන් ජාතිකයන්ද රාබු අල අමුවෙන් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා.

▪️මල හොඳින් පිටවීමට හේතුවන රාබු නිසා ආහාර රුචිය ඇතිවෙනවා.

▪️රෝග වළක්වන හා ඔරොත්තු දීමේ ශක්තිය ද ඉන් සිරුරට ලැබෙනවා.

▪️රාබු අල වගේම කොළත් ගුණදායකයි. එම දෙවර්ගයම එකට ගැනීමෙන් මුත්‍රා පෙරීම ද යහපත් වෙනවා.

▪️වකුගඩුවේ මල කොටස් නොරැඳීමටද එය හේතු වෙනවා.

▪️මුත්‍රා ගල් ඇති අයට රාබු අල සහ කොළ අමුවෙන් ආහාරයට ගැනීම ඉතා ගුණදායකයි. අර්ශස් රෝගීන්ට ද රාබු ගුණයි.

▪️සෙම නසන ශක්තිය ඇති නිසා පීනස, කැස්ස, ඇදුම රෝගීන්ට හිතකරයි.

▪️ඔසප්වීමේ ප්‍රශ්න ඇති කාන්තාවන්ටත් මෙය ගුණදායක එළවළුවක්.

උපුටා ගැනීමකි.

About The Author

Leave a Reply