_120673883_mediaitem120673881

එංගලන්තයේ ඩයනා කුමරියට ගෞරව පුද කිරීමේ උත්සවයක් ලබන සතියට යෙදී තිබේ. ඩයනා කුමරියගේ 60වන ඡන්ම දිනය වෙනුවෙන් නිර්මාණය කළ විශේෂ පිළිරුව නිරාවරණය කිරීම ඉකුත් ජුලි මස 01වෙනිදා පැවත්විය. කෙසේ වුවද අදාළ දිනයේ දී පිළිරුව නිරාවරණය කළ ද කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එහි සැලසුම් කර තිබූ සැමරුම් උත්සවය කල් දමා තිබුනි. ඒ අනුව අදාළ සැමරුම් උත්සවය මෙලෙස එළඹෙන 19වනදා කෙන්සිංටන් මාලිගයේදී පැවැත්වීමට නියමිතය.

කෙන්සිංටන් මාලිගයේදී පැවත්වෙන මෙම සැමරුම් උත්සවයට කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු ඇතුළු ආරාධිතයින් සියයක් පමණ සහභාගී වීමට නියමිතය.

කෙසේ වුවද රජ පවුලෙන් ඈත්ව සිටින හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය ඊට සහභාගී නොවීමේ තීරණයක සිටින බව විදෙස් වාර්තාවල දැක්වේ.

අවසන්වරට හැරී සහ විලියම් කුමරු මුණ ගැසී ඇත්තේ ඉකුත් ජුලි මස 01වෙනිදා කෙන්සිංටන් මාලිගයේ දී වන අතර ඒ ඩයනා කුමරියගේ 60වන ඡන්ම දිනය වෙනුවෙන් නිර්මාණය කළ ඉහත සඳහන් කළ විශේෂ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවට ය.

About The Author

Leave a Reply