image_146df45dbf

අද ප්‍රවෘත්තිවල පාස්පෝට් පෝලිම් පෙන්නුවා.ඇත්තටම බොහෝ අය ඒකෙන් කම්පාවට පත් වෙනවා..”මිනිස්සු රට අතඇරලා යනවා”..ඒ පෝලිම් වල හිටපු අය කියන්නේ දැන් රටේ ජීවත් වෙන්න බැරි තත්වයක් තියන නිසා පිටරටකටවත් යන්න උත්සාහ කරනවා කියලා..මේක නරක ප්‍රවණතාවයක් ලැජ්ජා විය යුතු දෙයක් විදියට දකින්න තමා ගොඩක් අය කැමති..

ඇත්තටම මේක නරක ප්‍රවණතාවයක් විදියට මම නම් හිතන්නේ නෑ.මෙික මේ මොහොතේ සිදුවිය යුතු දෙයක්..රටවල්වලට ඇතිවෙන ආර්ථික අවපාතවලදී රටවැසියන් ශ්‍රමිකයන් විදියට පිටරටවල්වලට සංක්‍රමණය වීම රටට ආර්ථික වශයෙන් උත්තේජනයක්.ඒක රටේ ආර්ථිකයට ලබා දෙන ශක්තියක්.ඔවුන් පිටරටවල්වලට ගිහින් උපයන විදෙස් විනිමය තුලින් රටේ ආර්ථිකය ස්ථාවර කරනවා.ඊට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා.මම අහලා තියනවා දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ඉතාලිය කඩාගෙන වැටුනට පස්සෙ ඉතාලි ජාතිකයන් පතල්වල කම්කරු රැකියා හොයාගෙන ඔස්ට්‍රෙලියාව වගේ රටවලවලට සංක්‍රමණය උනා කියලා..ලාංකිකයො මේ වෙලාවෙ පිටරටවල්වල රැකියාවලට යාම ලැජ්ජාවක්,අවනම්බුවක් කියලා හිතන්න අපි පෙලඹෙන එක වැරදියි..

මගේ අදහස නම් මේ වෙලාවෙ හැකි හැමෝම පිටරටවල්වලට යන්න ඕන.රැකියා කරන්න ඕන.තමන්ගේ පවුලේ අයට ආර්ථික වශයෙන් හයියක් දෙන්න පුලුවන් එතකොට..ඒක වක්‍රාකාරයෙන් රටට විශාල සේවයක්..එතනදි “රට අත්ඇරලා යනවා” කියන එක විහිලුවක්.ඒ අය එහෙම කියනිනේ ආවේගය නිසා…කිසිම අයෙකුට තමන් ඉපදුන රට එහෙම පහසුවෙන් අත්අරින්න බෑ.ඒ අයගේ පවුල්වල අය ජීවත් වෙන්නෙ ලංකාවෙි..ඒ නිසා රට අත්ඇරලා යනවා කියනවට වඩා රටින් පිටවෙනවා කියන එක නිවැරදියි..පසුකාලීනව ඒ අයට මූලික ප්‍රාග්ධනයක් හොයාගෙන තමන්ගේ රටේ ආයෝජනය කරන්න පුලුවන්..ව්‍යාපාර ආරම්භ කරන්න පුලුවන්.කඩාවැටුන තමන්ගේ ව්‍යාපාර නගාසිටුවන්න පුලුවන්.ණය බරින් නිදහස් වෙන්න පුලුවන්..

මේ යන අය දිරිමත් කරන්න ඕන..ඒ අයට බාධා නොකර ඉන්න ඕන..රජයත් රාජ්‍ය නිලධාරීනුත් ඒකට සහය දෙන්න ඕන ඒ අයගෙ ගුවන් බලපත්/ආගමන විගමන වැඩකටයුතු ඉක්මන් කරලා දීලා සහය වෙන්න ඕන..අපි දැකලා තියනවා අත්විඳලා තියනවා ලංකාවෙ ගුවන් තොටුපොලේදී පිටරට රැකියාවලට යන මිනිස්සුන්ව ර⁣ජයේ නිලධාරීන් විසින් පීඩාවට පත්කරන විදිය..මේ අයට එහෙම කරන්න හොඳ නෑ..ඒ අය දිරිමත් කරන්න ඕන..ඒ අයගෙන් පසුව රටට ලැබෙන ආර්ථික ජවය ගැන මීට වඩා හිතන්න ඕන

මේක පිටරට රැකියාවකට යන්න හොඳම වෙලාව..හැකියාව ඇති අවශ්‍යතාව ඇති අය හැමෝම පිටරට යන්න.අපේ රටේ නිශ්පාදන අංශය දුර්වල වෙන මට්ටමින් ශ්‍රම බලකායට ඒක හානියක් වෙන එකක් නෑ..විදෙස් රැකියා නියුක්තිකයන්ගේ ප්‍රමාණය ඉහල යෑම කඩා වැටෙමින් පවතින ආර්ථිකයක් ඇති රටකට ආශීර්වාදයක්..

මේ වෙලාවේ රැකියා කරන්නට පිටරට යන්නට සූදානම්වෙන වීර්යවන්ත ලක්වැසියන්ට ජය පතමි..

-මාලින්ද ඩයස්-

About The Author

Leave a Reply