1634208182400-01
ජංගම දුරකතන භාවිත කරන සියලු ම දෙනාට ලක් රජයෙන් ලැබුණ විශේෂ නිවේදනය ගැන විදෙස් ගත ශ්‍රීලාංකිකයකු මුහුණු පොතේ තැබූ සටහන...

මගේ දැනට භාවිතයේ තියෙන 075xxxxxxxx කියන අංකය මට ලැබුනේ මාසෙකට වෝඩෆෝන් කම්පැණිය යටතේ… ඒ පැකේජ් එක මාසෙකට පවුම් විස්සක් උනා… එකෙන් යූකේවල ඕනෑම ජංගම දුරකථනයකට විනාඩි දාහක් නොමිලේ කතා කරන්න වගේම ටෙක්ස් මැසේජ් දාහකුත් යවන්න ඇහැකි… 10GB ඩේටත් අඩංගුයි…

ඊට පස්සේ මම එකේ ඇප් එකෙන්ම පස්සෙන් පහු පැකේජ් එකේ ඩේටා අගය 5GB වලට අඩු කරගෙන මාසෙට පවුම් 10ක පැකේජ් එකට මාරු උනා…

එහෙමත් ගිහින් ටික කාලෙකින් ත්‍රී මොබයිල්වල මාසෙකට පවුම් අටක පැකේජ් එකක් දැකලා 3GB තියෙන ඒකට මාරු උනා ඔය දැන් ලංකාවට හදුන්වා දෙන්න යන ක්‍රමය යටතේ…
ඒක සම්පූර්ණයෙන්ම ඔන් ලයින් කරපු වැඩක්… මුලින්ම කෝඩ් නම්බර් එකක් ( 675 මට මතක විදියට ) වෝඩෆෝන් කම්පැණියට අපේ උපන්දිනයත් එක්ක ටයිප් කරලා යැවුවම එයාලා අපිට එවනවා PAC නම්බර් එකක් කියලා එකක්… අපිට තියෙන්නේ අපි ගන්න යන පැකේජ් එක අඩංගු කොම්පැණියේ වෙබ් එක හරහා අදාල තොරතුරු දෙන ගමන් අපේ දැනට තියෙන දුරකථන අංකයයි මේ PAC අංකයයි ලබාදෙන එක…

ඊට පස්සේ ගෙදරට සිම් එක එනවා ඒ අදාල කම්පැණියේම අංකයක් සහිත… ඒක දින තුනක් වගේ ඇතුලත අපේ පරණ නම්බර් එකට මාරු වෙනවා… එච්චරයි…

කොහොම හරි ත්‍රීමොබයිල් මට හරිගියේ නැහැ ගේ ඇතුලට සිග්නල් මදිකම හින්දා… ඊට පස්සේ මම ගිය මාසේ ඉදලා වර්ජින් මොබයිල් කම්පැණියේ කනෙක්ෂන් එකකට මාරු උනා අර විදියටම PAC නම්බර් එකක් ඉල්ලගෙන… ඒකත් පවුම් අටක පැකේජ් එකක්… මාසෙට විනාඩි දාහයි ටෙක්ස් දාහයි ජීබී පහයි තියෙන…

ඒ ක්‍රමය අනුව මං ගාව දැන් තියෙන්නේ මම වෝඩෆෝන් කොම්පැණියෙන් ගත්ත 075xxxxxxxx කියන මගේ මුල්ම අංකයම තමයි…

මේකේ වටිනාකම තියෙන්නේ අපි දැනට භාවිතා කරන අංකය වෙනස් කලාම ඒ හරහා අපේ නම්බර් එක දීලා තියෙන අයට අපිව සම්බන්ධ කරගන්න බැරි වෙන එක විතරක් නෙවෙයි… ඒ නම්බර් එක හරහා අපි සම්බන්ධ වෙලා තියෙන ඊමේල් ගිණුම්… බැංකු ගිණුම්… ටැක්ස් සම්බන්ධ කටයුතු… ඇතුළු සියළුම දේ මේ අංකය වටේ තියෙන හින්දා ඒ හැම එකම වෙනස් කරන්න වෙන අපහසුව හින්දයි…

මේ හරහා දැනට ඔය මොබයිල් කොම්පැණි දීලා තියෙන බොහෝමයක් පැකේජ් වෙනස් කරන්න එයාලට වෙයි… උදාහරණයකට D to D වගේ…

ඒවා ගැන පාරිභෝගිකයෝ වොරි වෙන්න දෙයක් නැහැ… මොකද අපිට වඩා කොම්පැණි ඒවා ගැන වොරි වෙන්න ඕන… එයාලටයි තව දුරටත් නම්බර් එකේ වැදගත්කම හින්දා කොම්පැණිය දාලා යන්න බැරිව සමාගමේ වහල්ලු වගේ ඉන්න පාරිභෝගිකයෝ නැතිව යන්නේ… ඒ හින්දා ඉස්සරහට ඒ වගේ පැකේජ් අහෝසි වෙද්දි එයිට වඩා අපිට වාසි ඒවා දෙන්නම වෙනවා…

ඒ හින්දා ගොං කතා නොකියා කොම්පැණියක වහල්ලු නොවී මේ ලැබෙන වෙනස වෙනුවෙන් ලෑස්ති වෙන්නයි තියෙන්නේ…

පාරිභෝගිකයෝ හැටියට අපි බලාගෙන ඉන්න ඕන මේ හරහා කෙලවෙන්න ඇහැකි ලොකුම කොම්පැණිය වෙන ඩයලොග් කාරයෝ කොයි කොයි අතට මුදල් විසි කරයිද… නඩු කීයක් දායිද මේක වෙනස් කරගන්න කියන එකට… මොකද ඔය හූනියං කොම්පැණිය එක්ක ලේසි නැහැ ආණ්ඩුවකට උනත් මෙහෙම දෙයක් දිගට කරං ගිහින් වැඩේ ගොඩ දාන්න… ඒ හින්දා කොම්පැණියට වාසි වෙන්න නිකං බොරු භීතිකා මවන්නේ නැතිව ජනතාව හැටියට ඔය ලැබෙන්න යන දේට සහය දීලා වැඩේ ගොඩ දාගන්නයි තියෙන්නේ…

– චතූෂ කැකුළාවල –

About The Author

Leave a Reply