
මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී දී පැවැත්වෙන , නෙදර්ලන්තයට එරෙහිව අද ආරම්භ වූ තරගයේ දී අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් (Curtis Campher) අද(18) දින 20යි 20 තරගයකදී අඛණ්ඩව පන්දු 4කින් කඩුලු 4ක් දවා ගත් ලොව තෙවැනි පන්දු යවන්නා බවට පත් වීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළ අතර ඔවුන්ගේ ඉනිමේ 10 වැනි පන්දුවාරය යොමු කළ Curtis Campher එම පන්දුවාරයේ 2, 3, 4 හා 5 පන්දුවලදී පිට පිට කඩුලු 4ක් දවා ගනිමින් මෙම දුර්ලභ ලෝක වාර්තාව සම කරනු ලැබුවා.
Colin Ackermann(11), Ryan ten Doeschate(0), Scott Edwards(0) හා Roelof van der Merwe(0) යන නෙදර්ලන්ත පිතිකරුවන් ඔහුගේ පන්දු හමුවේ පිළිවෙලින් දැවී ගිය අතර මීට පෙර අඛණ්ඩව පන්දු 4කින් කඩුලු 4ක් දවා ගැනීමට 20යි 20 පිටියේ දී සමත්ව තිබුණේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග හා ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් පමණයි.
මාලිංග විසින් 2019 වසරේදී නවසීලන්තයට එරෙහිවත්, එම වසරේදීම රෂීඩ් විසින් අයර්ලන්තයට එරෙහිවත් එම දක්ෂතාවය දක්වා තිබුණා.