FB_IMG_1634570233568

MAS සමූහ ව්‍යාපාරය විසින් දිවයින පුරා ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස්කරමින් සිදුකරනු ලබන විශේෂ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක කරනු ලබයි. එලෙස ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021 ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී භාවිතා කිරීමට නියමිත ජර්සිය නිෂ්පාදනය කරනු ලැබීම සුවිශේෂත්වයක් ගනී.

ඵ් ඇක්ටිව් සහ ඔවුන්ගේ සැපයුම් ජාල හවුල්කරුවන් වන ටේ‍රෂෙල් ෆැබ්රික් (පුද්ගලික) සමාගම සහ Eco Spindles එක්ව ඉවත දැමූ පෙට් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ අතර එමගින් පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කර උසස් තත්ත්වයේ ඇඟලුම් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලදි. මෙමඟින් ශ්‍රී ලංකාවේ අක්‍රමවත් ලෙස ප්ලාස්ටික් ඉවතලෑම තුළින් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම සඳහා දීර්ඝකාලීන විසඳුමක් ස්ථාපිත කිරීමට MAS සමූහය කටයුතු කරන ලදි.

MAS සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර හවුල්කාරීත්වයට දශකයකට අධික ඉතිහාසයක් වන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපරිම දක්ෂතා දැක්වීමට උපකාරී වන ආකාරයේ ඇඟලුම් නිර්මාණය කිරීම කෙරෙහි මූලික අවධානය යොමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 T-20 ලෝක කුසලාන ජර්සිය ජාත්‍යන්තර ක්‍රීඩා ඇඟලුම් ප්‍රමිතීන් අනුව නිපදවා ඇති අතර සුවපහසුව, තෙතමනය පාලනය කිරීම වැනි අංශ සම්බන්ධ දියුණු තාක්ෂණයන් යොදාගෙන තිබේ.

සාම්ප්‍රදායිකව ආරක්ෂාව සහ රැකවරණය සංකේතවත් කරන පහතරට නැටුම් වෙස් මුහුණුවලින් ගන්නා ලද මොනර පිහාටුවල රටාවන් මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික Black Ruby Barb නිවර්තන මත්ස්‍ය විශේෂයේ හැඩතලයන් අනුව 2021 ජර්සිය නිර්මාණය කර ඇත.

”ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළඳින මෙම නව ජර්සිය මඟින් අක්‍රමවත් ලෙස ප්ලාස්ටික් නිෂ්පාදන ඉවත නොදමා නැවත භාවිතා කරන ලෙසත්, ඒවා බැහැර කිරීමේදී එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරන ලෙසත් ජනතාවට මතක් කර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

#SriLanka #SriLankan #Cricket

About The Author

Leave a Reply