gettyimages-1231540302-612x612

Wanindu Hasaranga (C) of Sri Lanka celebrates the dismissal of Chris Gayle of West Indies during the 2nd T20i match between Sri Lanka and West Indies at Coolidge Cricket Ground on March 5, 2021 in Osbourn, Antigua and Barbuda. (Photo by Randy Brooks / AFP) (Photo by RANDY BROOKS/AFP via Getty Images)

හරියටම අවුරුද්දකට කලින් ශ්‍රී ලංකාව නැමීබියාවයි, නෙදර්ලන්තෙයි, අයර්ලන්තෙයි එක්ක Qualifiers ගහනවා කිව්වම දැනුන දේ වචනෙන් විස්තර කරන්න බෑ. 😅

– ටෙස්ට් නේශන් එකක, 🏏

– එක්දින ලෝක කුසලානයක් දිනපු රටක, 🏆

– Final 03කටම ආපු රටක ✅

– ශූරයින්ගේ කුසලානයක් දිනපු රටක 🏆

– විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනපු රටක 🏆

– Final 03කටම ආපු රටක ✅

– ආසියානු කුසලානය 05 වතාවක් දිනපු රටක.🏆

ක්‍රිකට් ලෝලියෙක්ට එහෙම දකින්න වෙන එක බොහොම භියකරු හීනයක්.😐

ඊටත් පස්සේ,

– මේ අවුරුද්දෙ අපි ක්‍රීඩා කරපු පළවෙනිම විස්ස තරගාවලියම අපි කොදෙව්වන්ට එරෙහිව 2-1ක් විදිහට පරදිනවා.😅🌴🏏

– ඊටපස්සෙ එංගලන්තය හමුවේ 3-0ක් විදිහට පරදිනවා. 😅🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏏

කණ්ඩායමට අලුතෙන් නායකයෙක් ලැබෙනවා.❤

– පරාජයන්ගෙන් හෙම්බත් වෙලා හිටපු අපි ඉන්දියාවට එරෙහිව 2-1ක් විදිහට තරගාවලි ජයක් ලැබුවත් සති කීපයකින් අපි දකුණු අප්‍රිකාවට 3-0ක් විදිහට පරාජය වෙනවා. 😅🇿🇦🏏

මේ හැමදේමත් එක්ක අපිට ලෝක කුසලානය ගැන ලොකු බලාපොරොත්තු තිබ්බේ නෑ 😅

කොටින්ම නෙදර්ලන්තෙට, අයර්ලන්තෙට අපි පරදීද කියන භය අපිට තිබුණා.

නැමීබියාවට වත් ගහපන් කියලා ටීම් එක නෝන්ඩි කරලා මීම් පවා හැදුණා. 😌

එහෙම ටීම් එකක් World Cup Campaign එක පටන් ගත්තේ රටේ අභිමානය බේරගන්න අපිට පුලුවන් වෙයිද කියන බර ඔලුවේ තියාගෙන. ✅

ඒ බර තවත් වැඩි වෙන්නේ තරගාවලියේ තරුණම කණ්ඩායම අපි නිසා. වයසින්, අද්දැකීම් වලින්, ක්‍රීඩා කරපු තරග සංඛ්‍යාවෙන් විතරක් නෙවෙයි ආත්ම විශ්වාසෙනුත් අපි හිටියේ සෑහෙන පිටිපස්සෙන්.😅

කොහොම වුණත් දසුන් අපේ කොල්ලෝ ටිකත් එක්ක අපි බලාපොරොත්තු නොවුණු ගේම් එකක් ගැහුවා.❤

නැමීබියාවයි, අයර්ලන්තෙයි කිසිම ගේමක් නැතුව පරාජය කරපු අපි, අපිව අවතක්සේරු කරපු නෙදර්ලන්ත නායකයාගෙ කට වැහුවේ 44කට ඕල් අවුට් කරලා රෙකෝර්ඩ් තියලා. 🇳🇦🇮🇪🇳🇱

Round 01 ඉවර කලේ අපිව එහෙම ලේසියෙන් අඩියටම ඇදලා දාන්න බෑ කියලා පෙන්නලා. +3.00 කට වඩා ලොකු නෙට් රන් රේට් එකක් එක්ක නම්බු පිට අපි සුපර් 12 වලට යනවා. ✅🇱🇰

බංගලාදේශ කණ්ඩායමට අපි කවුද කියල මතක් කරලා දුන්නා. එයාලව තැනේ තිබ්බා. 🇧🇩🏏

ඕස්ටේලියා තරගය පැරදුණත් ගේම් එකක් දෙන්න ලොකු මහන්සියක් වුණා. ලෝකෙ දැනට ඉන්න අද්දැකීම් බහුලම කණ්ඩායම් අතරින් එකක් ඕස්ටේලියාව. වෝනර්, ෆින්ච්, ස්මිත්, මැක්ස්වෙල් මේ සේරම International විතරක් නෙවේ Franchise ක්‍රිකට් වලත් වැඩ පෙන්නපු ලකුණු මැෂින්. 🇦🇺🏏

ස්ටාර්ක්, හෙස්ල්වුඩ්, කමින්ස් එකට පන්දු යවන බෝලින් ඇටෑක් එකක් කියන්නේ අපි වගේ අද්දැකීම් අඩු කණ්ඩායමකට ලේසි නෑ. ඒත් අපි ඒ අභියෝගයට භය නැතුව මූණ දුන්නා. 🇦🇺🏏

සති කීපයකට කලින් දකුණු අප්‍රිකාවට 3-0ක් විදිහට පැරදුණ ටීම් එකම අන්තිම ඕවරේ වෙද්දිත් තරගේ දිනලා තිබ්බේ. ඇති වෙන්න ඒ වගේ අන්තිම ඕවර්ස් ක්‍රීඩා කරලා අද්දැකීම් තිබුණ මිලර්, මීට කලින් ඒ වගේ අද්දැකීමකට මූණ නොදීපු ලහිරුගෙන් තරගය උදුර නොගන්න එදා ලංකාවම සැණකෙලියක් වෙනවා. 🇿🇦🏏

ඕස්ටේලියාවට, වින්ඩීස්ලට වගේම බංගාලාදේශට අමිහිරි පරාජයන් දායාද කරපු එංගලන්තයට ගේමක් දෙන්න පුලුවන් එකම රට වුණේ අපි. තමන්ට අභියෝගයක් වුණු එකම රට විදිහට මෝගන් නම් කලේ තරගාවලියේ තරුණම කණ්ඩායම. ඒ තමයි ලංකාව. 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🏏

වටිනම දේ අවුරුද්ද මුලම අපිව 2-1ක් විදිහට පරද්දපු ගේල් බ්‍රාවෝ, පොලාර්ඩ් වගේ දැවැන්තයෝ ඉන්න කණ්ඩායමක් දණගස්සලයි අපි තරගාවලිය වගේම මේ අවුරුද්දෙ අපේ අවසන් විස්සයි විස්ස තරග‍යත් ඉවර කරන්නේ. 🌴🏏

එහෙම කණ්ඩායමකට රටක් විදිහට අපි ස්තූතිවන්ත නොවී කොහොමද. ❤🦁🇱🇰

පොඩි කොල්ලෝ ටිකක් එක්ක මෙච්චර ගේමක් ගැහුව දස්සා Dasun හැමෝම වෙනුවෙන් ස්තූතියි. ❤🙏

අරවින්ද, සනත්, මහේල, සංගා ඩිල්ශාන් වගේ නම ඇහුවමා ලෝකෙ අනික් ඕන රටක් භය වෙන ලෙවල් එකේ බැට්ස්මන් කෙනෙක් වෙන්න පුලුවන් එකෙක් මේ පොඩි එවුන් ටික අතරෙත් ඉන්නවා කියලා පෙන්නුවට Charith Asalanka හැමෝම වෙනුවෙන් ස්තූතියි. ❤🙏

අමාරුම කාලේ Performance වලින් ටීම් එක තනියෙන් ඇදගෙන ආපු, Sri Lanka Cricket කියන බ්‍රෑන්ඩ් එකට පරණ Legends ලා තරමටම අලුත් වටිනාමක් එකතු කරපු Wanindu වනියා හැමෝම වෙනුවෙන් ස්තුතියි. ❤🙏

වාස්ගේ, මාලිගේ Legacy එක ගොඩගන්න අමාරුවෙන් මහන්සි වෙන Dushmantha Chameera හැමෝම වෙනුවෙන්ම ස්තූතියි.❤🙏

කාලෙක ඉදන් හොයපු Top Order Anchor Role එක ටීම් එක වෙනුවෙන් Play කරන්න මහන්සි වුණු Pathum Nissanka හැමෝම වෙනුවෙන් ස්තූතියි. ❤🙏

ටීම් එකේම මොරාල් එක අප් කරගෙන 100%ක්ම ගේම් එකේ ඉන්න ඕල් රවුන්ඩර් කෙනෙක් ලංකාවෙත් ඉන්නවා කියලා පෙන්නපු Chamika Karunaratne හැමෝම වෙනුවෙන් ස්තූතියි. ❤🙏

හැම රටකමටම වගේ ලංකාවටත් ඕනෙ වෙලාවක Ground එකෙන් එලියට ගහන්න පුලුවන් PowerHouse එකක් ඉන්නවා කියලා පෙන්නන්න ෆිට්නස් හදාගෙන ලොකු ගේම් එකක් ගහලා ආපු භානු Bhanuka Rajapaksa හැමෝම වෙනුවෙන් ස්තූතියි. ❤🙏

පවර්ප්ලේ එකේ විකට් අරන් දෙන්න වගේම මිඩ්ල් ඕවර්ස් වල හිර කරන්න පුලුවන් හොද Control එකක් තියෙන ඕෆි කෙනෙක්ගේ අඩුව පිරෙව්වාට Maheesh Theekshana හැමෝ වෙනුවෙන්ම ස්තූතියි. ❤🙏

අන්තිම තරග කීපයේ අසාර්ථක වුණත් Round 01 වලදි උපරිමෙන්ම ටීම් එකට ඕනෙ ජවය දුන්නාට Lahiru Kumara හැමෝම වෙනුවෙන් ස්තූතියි. ❤🙏

හම්බුණ අඩු තරග කීපයේත් කඩුලු අතරට ආපු බිනුර හැමෝම වෙනුවෙන් ස්තූතියි. ❤🙏

තරගාවලියේ ඇතුළේ සාර්ථක වෙන්න බැරිවුණත් ටීම් එක වෙනුවෙන් උපරිමෙන්ම කැපවුණු අනෙක් හැමෝටම ස්තූතියි. ❤🙏

අපි අයින් වෙන මොහොතේදිTournament එකේ වැඩිම ලකුණු ලාභියා අපේ කොල්ලෙක් – චරිත් ✅

Tournament එකේ වැඩිම කඩුලු ලාභියා අපේ කොල්ලෙක් – වනිඳු ✅

ඉයන් බිශොප් අද චරිත් බැට් කරද්දි කිව්ව දේකින් මම ඉවර කරන්නම්.

මේ ඉන්නේ ඉතාමත්ම වේගයෙන් දියුණු වෙන වගේම ඉදිරියට යන්න ඕනෙ හරිම දිශානතියෙන් ඉදිරියටම යන කණ්ඩායමක්. ❤

ඔව් අවුරුදු 8ට පස්සේ මේ ඉන්නේ World Cup එක දිනන්න Tournament Favorites ලා කියලා භය නැතුව කියන්න පුලුවන් කණ්ඩායමක් විදිහට අපේ කොල්ලෝ 2022 T20 World එකට යයි. ✅

අදින් පටන් ගන්නේ Mission 2022 ❤🇱🇰🦁

– Shahan F

About The Author

Leave a Reply