
නැවතිලා කියවන්න වටින ලියුමක්..
ඔයාට පුලුවන් ඔයාගේ ජීවිතේට සාර්ථකත්වය ලගාකරගන්න වගේම තවත් ජීවිතයකට සාර්ථක වෙන්න පාර කියන්න.
මිනිස්සු වැඩිපුර කතාවෙන්නෙ ජීවිතේ දිනපු මිනිස්සු ගැන…හැබැයි කව්රුත් ජීවිතේ දිනන්න උදව් වෙන මිනිස්සු ගැන කතා කරන්නේ නෑ..
කව්රු කතා නොකලත් තමන් ගැන තමන්ට දිනන්න පුලුවන් උනත් බැරි උනත් තවත් කෙනෙක්ට දිනන්න හයියක් වෙන්න.ඒක මිලකල නොහැකි තිළිණයක් වෙයි ලෝකයට…
මිනිහෙක් දිනන්න,පරදින්න ලංකාවේ තියෙන මිනුම ඉගෙනීම..මනුස්සයෙක්ව පිළිගන්නේ ඉගෙනීම මත.ලංකාවේ තියෙන ක්‍රමවත් යැයි කියාගන්නා අධ්‍යාපන ක්‍රමවේදය අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යපනය කොයි තරම් දුරට සාර්ථකද?
පුද්ගලයෙක්ගේ බුද්ධි මට්ටම එහෙමත් නැත්තන් කපාල ධාරීතාව හැමෝගෙම සමානද? තාර්කික හැකියාව ,ගණිතමය හැකියාව,සෞන්දර්ය හැකියාව හැමෝටම එක සමානද? පිළිතුර කොහෙත්ම නැහැ..
ඉතින් එහෙම නොවන හැකියාවක විෂයන් 10කට,9කට එකම විදිහට දක්ශ වෙන්න බැරි දරුවන් කී දාහක් අ.පො.ස.සාමාන්‍ය පෙළ කඩ ඉම තුළින් එලියට වීසී වෙනවද?, ඊටත් එහා ගිය අ.පො.ස.උසස් පෙළ කඩඉම හරහා විශ්ව විද්‍යාල ප්‍රවේශ නොලබන කී දාහක් අතරමං වෙනවද?
ඒ දරුවන්ගේ ජීවිත ගැන පවතින සමාජ වේදය අනුව කෙනෙක්ට වගකීමක් ගන්න පුලුවන්ද? ඔවුන්ගේ අනාගතය ගැන. මේ ඉන්නේ රටක අනාගතය.
සංඛ්‍යාත්මකව ඉතා සීමිත පිරිසක් විශ්ව විද්‍යාල වලට ඇතුළත් වෙනකොට ,ධනවාදී දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල තුල තම උසස් අධ්‍යාපනය හදාරන කොට සිය දහස් දුප්පත් අම්මා තාත්තගේ දරුවන්ට මොකද වෙන්නේ..තියෙනවද ඔවුන්ට මාර්ගයක් මේ නරා වලෙන් ගොඩයන්න.
විසදුමක් තියෙනවද? මේ ගැටලුවලට.
නැත්තේ නෑ..තියෙනවා.හැබැයි කව්රුත් විසදුම් හොයන්නේ නෑ..රජයක් විසින් රස්සාවක් ගෙමිදුලට ,දොරකඩට ගෙනත් දෙනකන් බලන් ඉන්න, ඇප්ලිකේශන් එකක් රැකියා ගණනාවකට ඉල්ලුම් කරලා පිළිතුරු එනකම් බලන් ඉන්නවා..
ඒ බලා ඉදිල්ලෙන් තේරුමක් තියෙනවද?පිළිතුර කොහෙත්ම නෑ. ඇයි අපි එහෙම ඔහේ බකන් නිලාගෙන එහෙමත් නැත්තන් නිකම් බලාගෙන ඉන්නේ අපි හදාගන්න ඕන අපේ අනාගතය.ඒ වගේම අපි කෙනෙක්ගේ ජීවිතයක් හදාගන්න උදව් කරන්න ඕන ඔවුන්ට නිසි මග පෙන්වීමක් කරලා.
විශ්ව විද්‍යාල වරම් ලබන්න බැරි උනත්, සාමාන්‍ය පෙළ පාස් වෙන්න බැරි උනත් ඒ හැමකෙනෙක්ටම අනාගතය තමන්ට එළිය කරගන්න වගේම එහෙම දරුවෙක්ගේ අනාගතය එළිය කරන්න අපිට අවස්ථාවක් තියෙනවා …
ඒ වෘත්තීය අධ්‍යාපනය හැදෑරීම වෙත යොමුවීම තුලින්.,අද දවසේ ලංකාවේ ට්‍රෙන්ඩ් එක වෘත්තීය අධ්‍යාපනය. සියලුම රැකියා සුදුසුකම් වල වටිනාම ඉල්ලුම් කරන සහතිකය NVQ certificate එක.
ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය.තමන් ඉගෙන ගන්න ශේණිය අනුව level 3,4,5 විදිහට සහතික පත්‍ර,ඩිප්ලෝමා සිට විශ්ව විද්‍යාල ඉගෙනුම තෙක් මෙම ක්‍රමවේදය විහිදිලා අවසන්.
තොරතුරු තාක්ෂණය,graphic dessing, රූපලාවන්‍ය,බේකරි,කුකරි,ටේලරින්,මේසරින්,QS , ආදී විවිධ ක්ෂේත්‍ර රැසක් තමන්ගේ හැකියාව හා දක්ශතාවය අනුව තෝරාගෙන පුහුණු පාඨමාලාව හදාරා තමන්ගේ සුදුසුකම් සපුරාගන්නට පුලුවන්..
මෙරට පමණක් නොව විදෙස් රටවල් පවා පිළිගන්න මේ NVQ Certificate එක මඟින් සුදුසු වෘත්තියක නියලීමට අවශ්‍ය සුදුසුකම් සපයා ගන්න හැමකෙනෙක්ටම පුලුවන්.
මේකට ලොකු වියදමක් දරන්න වෙනවද? ,කොහෙත්ම නෑ.
දුප්පත් දරුවෝ මේ පාඨමාලාව කරන්නේ කොහොමද? අද කාලේ කෝස් එකක් රු.40000ක් 50000ක් වෙනවා.
මෙම පාඨමාලා නොමිලේ හදාරන්න 100%ක් අවස්ථාව තියෙනවා.
කෝස් එක කරපු හැමෝටම රස්සා ලැබෙනවද? ආයතන පුහුණුවෙන් පසුව කර්මාන්තගත පුහුණුවක් හිමිවෙනවා..ඒ පුහුණුව තුළින් රැකියාගත වීමේදී අත්‍යවශ්‍ය වන NVQ සහතිකය හිමිවන නිසා අන් අයට නොලැබෙන අවස්ථාවක් ලැබෙනවා.ආයතනය විසින් විවිධ ආයතන එක්ව පවත්වන රැකියා වෙළඳ පොළවල් වලින් තම සුදුසුකම් අනුව රැකියාවක් සොයා ගැනීමට අවස්ථාවන් හිමිකර දෙනවා.
මේ පෝස්ට් එක දැනුවත් කිරීමේ එකක් වෙන්නත් පුලුවන් ප්‍රවර්ධන පෝස්ට් එකක් වෙන්නත් පුලුවන්..ඒත් මං මේ කරන්නේ ශ්‍රී ලාංකීය දරුවන්ට සේවයක් කියලා හිතාගෙන සිදුකරන මගේ රාජකාරියෙම කොටසක්…
ඉතින් වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් බලන් ඉන්න ඉගෙන ගන්න කැමති ඕනම කෙනෙක්ට,තමන් දන්න කියන කෙනෙක්ගේ ජීවිතයක් එලිය කරන්න උත්සහ කරන හැමකෙනෙක්ටම, පුලුවන් මේ පෝස්ට් එක ශෙයා කරන්න වගේම,මේකට මෙන්ශන් කරන්න.විස්තර අහන්න…
මට පුලුවන් උදව් කරන්න ජීවිතේ එලිය කරගන්න කැමති ලමයි 1000ක් වෙනුවෙන් උදව් කරන්න.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ,ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන විශාලතම හා ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය..
0117270270
0117277888
නව පාඨමාලා ඇරඹීමට නියමිතයි..ඒ නිසා පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න වගේම ,ඔයාට පුලුවන් ඔයා නොදන්න තොරතුරු ඉහත දුරකතන අංක වලින් ලබාගන්නත් පුලුවන්.
VTA face book page, www.vtasl.gov.lk වෙබ් අඩවිය තුළට ප්රවේශව මේ පිළිබඳව දැනගැනීමටද හැකිවෙනවා.
ජිවිතය දිනන්න.එක්වන්න.
ජිවිතයට හැකියාවක් ,හැකියාවට රැකියාවක්.