dada-web

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් ගෙවීම ONLINE තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නීති අණ පනත් සකස් කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා, තරුණ කටයුතු හා ක්‍රිඩා අමාත්‍ය සංවර්ධන සම්බන්ධිකරණ අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මැතිතුමා, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා , ප්‍රවාහන අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය හා නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින අධිකරණ අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

රථ වාහන වැරදි සම්බන්ධව දඩ මුදල් ගෙවීමේදී දැනට පවතින ක්‍රමවේදය පිළිබදව අධ්‍යනය කර නව ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබදව මෙහිදී අවධානය යොමු වූ අතර එම ක්‍රමවේදය ලබන වසරේ ජනවාරි මාසය වන විට සකස් කිරීම පිළිබදවද මෙහිවී සාකච්ඡා වී ඇති බව සඳහන්.

රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් වරද සිදු කළ ස්ථානයේදීම ගෙවීම සිදු කළ හැකි පරිදි නීති සම්පාදනය කිරීම හා ඊට අවශ්‍ය ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබදව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය විශ්‍රාමික රියාද් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ අධීක්ෂණයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකුව, ලංකා CLEAR ආයතනය හා ICTA ආයතනය ආයතන නියෝජිතයන්ගෙන් සමන්විතව කමිටුවත් පත් කළ බවද සඳහන්.

මෙම කමිටුව විසින් සිය නිර්දේශ ලබන වසරේ ජනවාරි මාසය වන විට ලබා දිය යුතු අතර ඉන් පසුව එම නිර්දේශයන් ද සැළකිල්ලට ගෙන නව නීති සම්පාදනය හා තාක්ෂණය භාවිතා කරනු ලබන ආකාරය පිළිබදව කටයුතු කරනු ලබයි.

මෙම නව ක්‍රමවේදය පළමුව අධිවේගී මාර්ගයන් තුළ සිදු කිරීම පිළිබදව සාකච්ඡා වූ අතර පසුව අනෙකුත් මාර්ග සඳහා මෙම ක්‍රමය ක්‍රමයෙන් හඳුන්වා දිය යුතු බව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

About The Author

Leave a Reply