අද දින සිය 76 වන ජන්ම දිනය සමරන පස්වන විධායක ජනාධිපති වත්මන් අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරමින් අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.
ලාංකේය දේශපාලනයේ නොමැකෙන සලකුණක් තැබු මහින්ද රාජපක්ෂ මහතාට සුබ ජන්ම දිනයක් වේවායි ජනාධිපතිවරයා එයින් සුබ පැතුම් එක්කර තිබෙනවා.
ජනාධිපතිවරයා තැබු සම්පූර්ණ ෆේස්බුක් සටහන මෙසේය.
උපුටාගැනීම –
“කුඩා කල සිට ම ඔබ ඇසුරෙහි හැදී වැඩුණු අපට ඔබේ මානව හිතවාදී ඇවතුම්පැවතුම් අරුමයක් නොවේ. එදාමෙදාතුර සුවහසක් ජනයාගේ සාතිශය ගෞරවාදරයට පත් ව ඇත්තේ ඔබ තුළ ඇති ජනහිතකාමීත්වය නිසා යැයි කීම අතිශයෝක්තියක් ද නොවේ. එවන් යුග පුරුෂයෙකුගේ ගුරුහරුකම් ලැබීම ද මා ලද භාග්‍යයකි. ලාංකේය දේශපාලනයේ නො මැකෙන සලකුණක් තැබූ විශිෂ්ටයාණෙනි, සටන්කාමියාණෙනි, මගේ දයාබර සොයුරාණෙනි, ඔබට සුබ ජන්ම දිනයක් වේවා.