
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ මහතාගෙන් පසුව 2019 දී මිකී ආතර් මහතා ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කෙරුණු අතර ඔහුගේ ධූර කාලය එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව අවසන් වනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස බදවා ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් පිරිසක් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
තවද පුහුණු උපදේශකවරයෙකු වශයෙන් හිටපු නායක මහේල ජයවර්ධන මහතා පත් කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බව ‘ද අයිලන්ඩ්’ පුවත්පත වාර්තා කර තිබුණත් “කිසිවෙකු මට කතා කළේ නැහැ, ඔබ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විමසන්න” යනුවෙන් මහේල ජයවර්ධන මහතා AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් සදහන් කළා.
විදෙස් පුහුණුකරුවෙකු සමග කටයුතු කිරීමේ දී දේශීය ක්‍රීඩකයින් මුහුණ දෙන භාෂා ගැටලු මගහරවා ගැනීමේ අරමුණින් මෙලෙස දේශීය පුහුණුකරුවන් වැඩි වශයෙන් ක්‍රිකට් කණ්ඩායම සමග සම්බන්ධ කර ගැනීමට උත්සාහ දරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරියෙකු AFP පුවත් සේවය වෙත අදහස් දක්වමින් පවසා ඇති අතර රංගන හේරත්, නුවන් කුලසේකර හා ලසිත් මාලිංග වැනි මෑතකදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් ක්‍රීඩකයින් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස බදවා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බව සදහන්.