ඇත්තටම මේක මනෝවිද්‍යාව තුළ තියෙන ප්‍රේමය හා සම්බන්ධ ලස්සන Theory එකක්. ඕනෑම කෙනෙක් ජීවිතයේ කවදම දවසක හරි ආදරේ කරලා ඇතිනේ. ඒ කියන්නේ ප්‍රේම සම්බන්ධයක් තිබිලා හෝ නැත්නම් දැනටමත් ඇතිනේ. මේ තියරි එක ප්‍රේම සම්බන්ධයක් දැනට තියෙන හෝ අනාගතයේ පටන්ගන්න ඉන්න හැමෝටම එක සේ වැදගත් කාරණාවක්.හේතුව තමයි ඔයා ආදරේ කරන කාන්තාව හෝ පුරුෂයා ගැන නිගමනය කරන්න පුලුවන් මේ Theory එක Use කරලා. හරි අපි දැං තියරි එක මොකද්ද කියලා බලමු.
මේ තියරි එක ඉදිරිපත් කළේ ඇමරිකානු ජාතික මනෝවිද්‍යාඥ රොබර්ට් සටර්න්බර්ග් විසින් 1980දී පමණ.මෙයා විවිධ ප්‍රේම සම්බන්ධතා ගැන හරි අපූරු අද්යනයක් කළා.ඒකේ ප්‍රතිඵලයක් විදියට මේ ආදර ත්‍රිකෝණය ඉදිරිපත් කළා. මේ ත්‍රිකෝණය නිර්මාණය උනේ ප්‍රේමය හා සම්බන්ධ ප්‍රධාන කාරණා 3ක් මුල් කරගෙන. ඒ තමයි.
01.Intimacy:- ප්‍රේමයේ අධ්‍යාත්මික බැදීම
02.passion :- ශාරීරික බැදීම (ලිංගික ක්‍රියාව)
03.Commitment:- භෞතික බැදීම (සොයා බැලීම)
_____________________________________
මේ උඩින් කියලා තියෙන සාධක 03න මුල් කරගෙන මේ මනෝවිද්‍යාඥයා විසින් විවිධ ස්වරූපයේ ප්‍රේම සම්බන්ධතා 07ක් ගැන ඉදිරිපත් කළා. ඒ කියන්නේ අපි කව්රුහරි එක්ක ප්‍රේමයෙන් බැදෙනවනම් මේ 07න් එකකට තමයි ඇතුළත් වෙන්නේ. හරි ඒ 07ත් අපි විග්රහ කරගමු.
(01).FRIENDSHIP LOVE (ලෙංගතු)
__________________________
මෙන්න මේ ජාතියේ සම්බන්ධතා වලට කියන්නේ මිතුරු සීමාවේ ඉන්න සම්බන්ධතා. මෙයාලා අතර PASSION එහෙමත් නැත්නම් කිසිම ලිංගික ක්‍රියාවක් නෑ. ඒත් Intimacy එකයි, Commitment එකයිනම් හොදටම තියෙනවා. ඒ කියන්නේ දෙන්නට දෙන්නා නැතිව ඉන්න බෑ. අද්යාත්මිකව පුදුම විදියට බැදිලා.හොයලා බලලා හැමදේම කරනවා. ලෙඩක් දුකක් උනත් ළගින්ම ඉන්නවා. කවදාවත් තනි කරන්නෙනම් නැ.හැබැයි ලිංගිකත්වය කියන සීමාවට මෙයාල තාප්පය බැදලා තියෙන්නෙ…..
(02).INFATUATED LOVE (රාගික)
____________________________
මේ ජාතියේ සම්බන්ධතා තියෙන අයට තියෙන්නේ PASSION එක පමණයි.ඒ කියන්නේ ලිංගික සම්බන්ධයක් පමණයි. INTIMACY එකවත් COMMITMENT එකවත් මෙයාලා අතර නැ. ඒ කියන්නෙ ලිංගිකත්වය විතරක් දෙන්නගෙ කැමැත්තෙන් සපුරගෙන එතනින් එහාට කිසිම ආදරණීය සොයාබැලීමක් හෝ සැළකිල්ලක් නැ. මේ සම්බන්ධතා තියෙන අයගේ බැදීම් කෙටි කාලීනයි.එයාල අතරමගින් යනවා.
(03). EMPTY LOVE (හිස්)
______________________________
PASSION එකයි INTIMACY එකයි නෑ. තියෙන්නේ COMMITMENT එක පමණයි. මේ සම්බන්ධතා වල කිසිම තෘප්තියක් නෑ. හොයලා බලලා හැමදේම කලත් කිසිම ආදරණීය ගතියක් නැ. බොහෝ විට තියෙන්නේ හිස් ගතියක්. බොහෝ විට Proposal marriage වලට මේක බළපානවා.
04).ROMANTIC LOVE (ආදරණීය)
_______________________________
මේ සම්බන්ධය ඇතුලේ PASSION එකයි, INTIMACY එකයි තියෙනවා.හැබැයි COMMITMENT එකනම් නැහැ.ඒ කියන්නේ මේ ජාතියේ අය වගකීම් දරන්න කැමති නෑ. සරළවම හෙවිල්ලක්,බැලිල්ලක් නැ තමන්ගෙ සහකරු හෝ සහකාරිය ගැන.
(05).COMPANIONATE LOVE (සහකාර)
________________________________
මේ සම්බන්ධතා ස්වරූපය ඇතුලෙත් INTIMACY එකයි COMMITMENT එකයි තියෙනවා.හැබැයි PASSION එක නෑ. ඒ කියන්නේ ආද්යාත්මිකව බැදිලා, හැමදේම හොයලා බලනවා.නමුත් ලිංගිකත්වය නැමැති සීමාව මෙයාලා ස්පර්ශ කරන්නෙ නෑ.
(06). FATUOUS LOVE (මෝඩ)
_________________________________
PASSION එකයි COMMITMENT එකයි තියෙනවා.හැබැයි INTIMACY පැත්ත නෑ. ලිංගිකත්වයයි, සොයා බැලීමයි තිබුනට මෙයාලට කිසිම සංවේදී ලෙංගතු බැදීමක් ඇති කරගන්න බැහැ. මේ බැදීම් බොහෝ විට හරිම මෝඩ ස්වභාවයක් ගන්නවා.
(07). CONSUMMATE LOVE (පරිපූර්ණ)
__________________________________
මේ සවරූප අතර තියෙන පරිපූර්ණම සහ අංග සම්පූර්ණතම ආදර බැදීම තමයි මේක. ඒ කියන්නේ INTIMACY/PASSION/ COMMITMENT තුනම තියෙනවා. කිසිම දේකින් අඩුවක් කරන්නෙ නෑ මේ සවරූපයේ අය.බැදීම සදාකාලික වගේම කවදාවත් එකිනෙකා අත් හරින්නෙ නෑ…..!
ඉතිම් මේ ස්වරූප හත ඇතුලේ ඔයාගේ සහකරු හෝ සහකාරිය එක්ක තියෙන බැදීම අයිති වෙන්නේ මොන ස්වරූපයටද කියලා බලන්න.කොහොම උනත් පසුකාලීනව හෝ මේ ගති ලක්ෂණ වෙනස් කරගෙන දෙන්නෙක් අතර හොද පරිපූර්ණ සම්බන්ධයක් ගෙනියන්න පුලුවන් බවත් අපි මතක තියාගන්න ඕනි….. ❤️
✍️ සටහන සම්පාදනය:-
Manula wijesiriwardhana
Faculty Of Social science
University Of Kelaniya_______