FB_IMG_1637729143292

මම ස්ටොක්හෝම් නගරයේ සිටි කාලයේදී, නිතර ගිය පොඩි කෝපි කඩයක් තිබුණා….

 

දිනක් මා එහි සිටින විටදී, දෙදෙනෙක් කවුන්ටරය ළඟට පැමිණ,

“කරුණාකර කෝපි පහකට මුදල් ගන්න, අපට දෙකක් සහ Hanging Coffees 03 ක්…”

 

ඔවුන් මුදල් ගෙවා, ඔවුන්ගේ කෝපි දෙක රැගෙන පිටත් වූනා.

 

මම වේටර්ගෙන් ඇසුවා,

“Hanging Coffees කියන්නේ කුමක්ද..?” කියල,

“ඉන්න, ඔබට දැනගන්න පුළුවන් තව ටිකකින්” ඔහු කිව්වා…

 

තවත් සමහරු පැමිණි කොපි පානය කර පිටව ගියා…

නැවත ලැබුණු ඇණවුම කෝපි 07ක් සඳහා වූ අතර, එය කාන්තාවන් තිදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලදී. ඔවුන් සඳහා 03ක් සහ Hanging Coffees 04ක්.

 

මට ආයෙමත් පුදුම හිතුණා, මං ආයෙමත් කලපනා කරනවා, මේ Hanging Coffees වල තේරුම කුමක්ද?

 

හදිසියේම, යාචකයකු පැමිණ (ඔහු නිවාස නොමැති කෙනෙකු මෙන් පෙනේ) කවුන්ටරය වෙත පැමිණ අවංකව මෙසේ අසයි…

“ඔබලා ළඟ Hanging Coffee තිබේද…?”

 

“ඔව් අපි ළඟ දැන් තිබෙනවා..”

කැෂියර් එකේ හිටපු තරුණයා එහෙම කියල ඔහුට කෝපි එකක් දුන්නා….

 

මෙම සුප්‍රසිද්ධ “Hanging Coffees” ගැන මට මගේ පිළිතුර ලැබුණි…

 

මිනිසුන් කෝපි සඳහා කල්තියා ගෙවනුයේ, උණුසුම් පානයක් ලබා ගත නොහැකි ඕනෑම කෙනෙකුට ලබා ගැනීම පිණිසය…..

 

මෙම සම්ප්‍රදාය ඉතාලියේ නේපල්ස් හි ආරම්භ විය, (caffè sospeso / suspended coffee)

පුදුම සහගත ලෙස එය ලෝකයේ නගර පුරා ව්‍යාප්ත ව ඇත. “Hanging Coffees” පමණක් නොව සැන්ඩ්විච් හෝ අඩු වියදම් ආහාර වේලක්ද ඇතැමුන් ඇණවුම් කර මුදල් ගෙවා පිටව යාම කළ හැකිය….

 

තමා ගෙවූ කෝපි පානය ලබාගන්නා පුද්ගලයා කවුරුන්දැයි ඔවුන්ට තැකීමක් නැත, තමන් මුදල් ලබාදුන් බව පෙන්වීමට උවමනාවක් හෝ නැත, තමන් වෙනුවෙන් මුදල් ගෙවූයේ කවුදැයි ලබාගත් පුද්ගලයා දන්නෙත් නැත….

 

මෙම සුන්දර අදහස සෑම කෙනෙකුටම ප්‍රකාශයට පත් කිරීම අගේ යයි සිතුන බැවින් මෙය පළකලෙමි..

අදහස ප්‍රචාරය කර, එය යථාර්තයක් කිරීමට ඔබටත් අවශ්‍ය නම් එය බෙදා ගන්න..

 

අප ජීවත් වන නගර, සහ ගම්වල අප සැමට මෙය කිරීමට පටන් ගත හැකි නම් එය හොඳ දෙයක් නොවේද…?

 

ඔබේ ප්‍රදේශයේ “තේ කඩයේත්” ‘Hanging Tea’ එකක්….

හිතල බලන්න මෙය යථාර්ථයක් වූවා නම් කෙතරම් අගේද…?

 

මේ සියල්ල සිදුවෙන්නේ අපගේ “ආකල්ප” -(Attitudes) මතය.

 

ජය ❤❤

උපුටාගැනීමකි.

About The Author

Leave a Reply