FB_IMG_1637891124081

මේ තමයි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙවර 5 වසර ශිෂ්‍යත්ව පන්තියක ගුරුතුමියක් විසින් තම පන්තියේ දරු දැරියන් වෙනුවෙන් කරගෙන යන අපූරු දිරිගැන්වීමක්…

 

එය සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙමයි.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමට තව ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් නිසා අනුමාන ප්‍රශ්ණ පත්‍ර කරනවා මේ දිනවල…

ලබාගන්නා ලකුණු කාණ්ඩ වලට පුංචි පුංචි තෑගී දෙනවා..

දරුවන්ට පැන්සලක්, මකනයක් , කටර් එකක් වගේ තමයි තෑගී දෙන්නේ..

 

මේ බැජ් එක තමයි වැදගත් ම එක..

ඒක ගැන තමයි විශේෂයෙන්ම මට කතාකරන්න ඕන වුනේ.

මොකද මේ බැජ් එක හම්බවෙන්නේ කලින් නියම කරනලද නියමිත ලකුණ පසු කරාම,

 

විශේෂයෙන්ම කියන්නම ඕන එක තමයි ඒ බැජ් එක දරුවා රැකගන්න ඕනේ..

 

ඒ කියන්නේ උදාහරණයක් ලෙස කිව්වොත් අද ලකුණ 150 කියමු,

151 හෝ ඊට වැඩියෙන් ගත් දරුවන්ට මෙම බැජ් එක පලඳනවා.

එය පැලඳ ගෙදර ගොස් පහුවදා උදේම එය පලඳ පාසල් පැමිනිය හැක. පන්තිකාමරයේ එය පැලඳ ගෙන සිටීමට හැකියාව ඇත.

එදින ලබා දෙන ලකුණ පසුකර ලබා නොගත්තහොත් එදිනම බැජ් එක ගැලවේ.

දරුවා බැජ් එක ලබාගන්නවාට වඩා අමාරුම කාරණය එය රැකගැනීමය.

 

එම බැජ් එක දිරිගැන්වීම්ක් මෙන්ම බැජ් එක ගැලවීම තුලින් එම දරුවා එය පළඳනවාට වඩා යමක් ඉගෙන ගනී තම ජීවිතයට…

 

එහි වටිනාකම කියා නිම කල නොහැක.

අත්හැරීම ඉගෙන ගතම යුත්තකි.

ක්‍රිඩාව හෝ ජීවිතයට ජය පරාජ දෙකම එකලෙස වැදගත් එය තම දරුවන් හට ඉගැන්වීය යුතුම ගුණාංගයකි. ❤

 

මෙම දිරිගැන්වීම තුලින්ද කුඩා අවධියේදීම අත් හැරීම, පරාජය පුරුදු පුහුණු කරන මාගේ පුතාගේ පහ වසර පන්තිභාර ගුරුතුමියට මාගේ ප්‍රණාමය..

මේ එතුමියගේ හා අප පාසලේ එක් ක්‍රියාකාරකමක් පමණි.

අනෙක් පන්ති වලද මේ ආකාරයේ වෙනස්ම වූ විවිධ දිරිගැන්වීම් හා ක්‍රියාකාරකම් දිනපතාම වෙනස් වෙමින් සිදුකරනු ලබයි.

 

විදුහල අප මව් ධර්මාශෝකා සිරිලක සුදිලේවා !

උපුටාගැනීමකී.

 

About The Author

Leave a Reply