2021.11.26.15h0m21s-01

-1 වෙනි කොටස –

 

 

“හෙමි හෙමින්

ඇස් අස්සෙ රිංගන…

හීන අතරින්

අතර මං වන… 

නුඹම පමණයි 

ජීවිතය දෙන… 

කඳුලු අතරින්

සිනහවක් වන…. “

 

“ආ..මේකයි… එහෙනම් උඹ ගවුන්ඩ් එකට එන්න කියද්දි එන්නෙ නැතිව කළේ නේද… අනේ බං දැම්මත් ඕක හිතින් අමතක කරන්න බැරිද ?

 

මගේ දුකට සැපට හැමදේකටම ඉන්න අතිජාත මිතුරිය  මම ලිය ලියා හිටිය නිසඳැස උදුරලා අතට ගත්තේ එහෙම කියලා මට රිදෙන්නේ නැතිව කොන්ද ටත් ගහලා.

 

අනේ නෑ බං..

නිකන් හිතට ආවට ලිව්වේ…

එහෙම දෙයක් හිතේ නෑ දැන් මගේ… ඇත්තමයි..

මම ලා රතට හැරුණු මුහුණ මිතුරිය ගෙන් සගවා ගන්න හැදුවත් අම්මා තරමටම මගේ පොඩි වෙනසක් තේරෙන සයුමිට බොරුවක් කරන්න බැරි බව අත්දැකීමෙන් දන්න නිසාම ඇඟෙන් හොඳටම බැනුම් අහන්නට වන බව සිතුනේ අත්දැකීමෙන්.

 

“මේ අහපන් දේවානි මම දන්නවනේ උඹව…

උඹයි මායි අම්මලා දෙන්නෙක්ගේ උනාට මට හිතෙන්නෙම ඒක නං වැරදිලා වෙන්නැති …

මොකද උඹේ අක්කට වඩා උඹේ වෙනස මට හොඳට තේරෙනවා… උඹ අහිංසක වැඩියි මං හැමදාම කියනවානේ ප්‍රශ්න හිතෙන් අතෑරපන් කියලා..

ඌ මේ timepass කරන්න ලං වුන එකෙක්..

මට ඕකව හම්බවෙන්නෙ  නෑනේ අම්මාගෙන් බිව්ව කිරි මතක් වෙන්න දෙකක් දෙන්න ”

 

මා අසලම තිබූ පුටුවකට බර වෙමින් ඇය කීවේ සැබෑවටම සෙනෙහසින්…

එහෙම නෙවෙයි සයුමි උඹට තේරෙන්නෙ නෑ”

” අනේ අනේ මේ මට හොඳට තේරෙනවා තොට තමා තේරෙන්නෙ නැත්තේ මෝඩි උඹේ හිතෙන් ඔය විකාරෙව අදම අයින් කරපන් කලින් වගේ හිනා වෙලා ලස්සනට හිටපන්”

 

” හා ඉතිං”

 

” හා ඉතින් තමා… දැන් වරෙන් කන්න යන්න.. අද මොනවද සුවිමලී special ”

 

අපේ අම්මට ආදරයෙන් ඇය නමින් කතා කලත් සයුමිගේ දඟකාරකම් වලට කවදත් ආදරය කරන අපේ අම්මා ඇගේ දියණියන් දෙදෙනා වන අක්කට මට සේම සයුමිට ද ආදරය කළේ ඇගේ දියණියට ලෙසින්මයි.

 

”  අද special කරවල තෙල්  දාලා පොල් සම්බෝලයි , පරිප්පුයි සුදු බතුයි”

 

“ෂා …පට්ටනෙ බං…

මේ බලපං කටට කෙලත් උනනවා…

යමන් යමන් ඉක්මනට අත සෝදගෙන ඇවිත් කමු බං

ග්‍රවුන්ඩ් එකේ අව්වේ කරවෙලා යකෙක් කන්න බඩගිනියි දැන් මට..

 

” අපෙ අම්මගේ සුපුරුදු පාන් ටෝස්ට් එක අදත්…

ෂිට් එපා වෙනවා බං

 

මධ්‍යම පාන්තික පවුලක ජීවත් වූ අපට වඩා වත් පොහොසත්කම් වලින් ඉහළ පවුලක දිණියක වුවත් සයුමි නිතරම ආස කළේ අපේ අම්මා අතින් උයන කෑම කෑමටයි.

ව්‍යාපාර කටයුතු වලට මව නිතරම කාර්ය බහුල වීම නිසා ඇය උදේ ආහාරයට කුමන හෝ කෙටි කෑමක් පමණක් සෑදීමට හුරු වී  ඇතුවා වන්නට පුළුවන් .

” හරිම රසයි මේ ඇත්තමයි ගෙදර උයන කෑම ආසාවෙන් කන්නේ මම උඹේ කෑම කද්දී බං තාත්තිගෙ පස්සෙන් බිස්නස් කියලා දුවද්දි අම්මිට අයියයි මායි දෙන්නම අතඇරෙනවා කියලා තේරෙන්නෙ නෑ ”

 

“ආන්ටියි අංකලුයි  මේ හැමදේම කරන්නේ  ඔය දෙන්නටනෙ සයුමි”

 

” ඔව් ඒක ඇත්ත ඒත් දේවානි ඔයාලගේ පවුලේ ඇතුලෙ තියෙන බැඳීම් හරි ලස්සනයි .

මම ආස  එහෙම ජීවිතයකට… උඹලගෙ අර අහංකාර අක්කා  ඇරෙන්න අංකලුයි ඇන්ටියි උඹයි දැක්කම ආදරේ හිතෙනව බං සත්තයි”

 

“හරි හරි කමු නැත්තං එකවුන්ට් මිස් එනකලුත් අපි දෙන්නට කන්න බැරි වෙනවා ෂුවර්”

 

” ඒක නං ඇත්ත එහෙම වුනොත් හේමා මිස්  දෙහි කපයි හොඳට.”

විවේකයෙන් පසුව තිබු අපි හැමෝම අකමැති ගුරුවරියගේ  විෂයට සහභාගි වූයේ කොයිතරම් නිවැරදිව ගණන් හැදුවත් ඇය කාගේ හෝ වරදක් අල්ලාගෙන බනින නිසාවෙනි .

 

“ළමයි මොනවද Girls ලා උනහම ඔය විදිහට ද හැසිරෙන්නේ  හැමදාම කරන්නේ ඉස්කෝලේ නම කැත වෙන වැරදි.

මේ පාර big මැච් එකේදී boys college එකේ ළමයි අපේ ස්කෝලේ තාප්පෙ කැඩුවෙ ඔය ළමයින්ගෙ වැරදි නිසා ”

අපේ වැරද්දක් නිසා නෙමෙයි මිස් .

ඒක ඉතින් එයාලගෙ වරද්ද….

අපි මොනවා කරන්නද”

 

” සයුමි වහනවා කට…

තමුන් වගේ අය නිසා මේ දේවල් මෙහෙම වෙන්නෙ…

තමනුත් තමන්ගෙ යාළුවා වගේ හැදෙන්න බලනවා ”

 

මම මිස්ට හොරෙන් සයුමිගේ අත කෙනිත්තුවේ ඇයද ගුරුවරියට අවනත නොවී කියවන බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනි. සකුනි,උපේක්ෂා,විශ්මි ඇතුළු අපේ අනිත් මිතුරියන්ද හැරී සයුමිට ඉගි කලේ නවත්වන ලෙසිනි.

මොකද හේමා මිස් සුළු වරදක් හෝ අල්ලා මැඩම් වෙත රැගෙන යාම සිදු කර සිදු කරන්නියක් නිසාවෙනි.

 

“හ්ම් ළමයි එහෙනම් පාඩම කරමු දැන් ඉතින් ඔයා ළමයින්ට කිව්වා කියල තේරුමක් නෑ කොහොමත් එක්සෑම් වලට තව මාස කීයද?”

අප සැමගේ අවධානය වෙනතකට යොමු කරමින් ඒ හඬ ඇසුනේ පන්ති කාමරයේ දොර අසලිනි.

 

– එන සතියේ හමුවෙන තුරු මඳ විරාමයක් –

 

 

About The Author

Leave a Reply