nilantha-jayawardana

ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණ  තොරතුරු දින කිහිපයකට පෙර ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වෙත තමා ලබා දුන්නා , එකී තොරතුරු පමණක් නොව අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු දැඩි වගකීමකින් යුතුව පැය කිහිපයකට පෙර ලබා දී තිබියදීත් , එය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගත නොහැකි යැයි හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා අද (25) මහාධිකරණය හමුවේ පැවසීය.

 

මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඇතුළු ස්ථාන කිහිපයක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වළක්වා නොගැනීමෙන් රාජකාරී වගකීම ඉටු කිරීම පැහැර හැරීම ඇතුළු අධි චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  මහතාට එරෙහිව නීතිපති පැවරූ නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් තෙවැනි දිනයටත් සාක්ෂි ලබා දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

 

එහිදී විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා නැගූ හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් සාක්කිකාර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මෙසේද කීය.

 

“ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණ  තොරතුරු දින කිහිපයකට පෙර ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා වෙත තමා ලබා දුන්නා , එකී තොරතුරු පමණක් නොව අප්‍රේල් 21 වැනිදා පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විශ්වාස කළ හැකි බුද්ධි තොරතුරු දැඩි වගකීමකින් යුතුව පැය කිහිපයකට පෙර ලබා දී තිබියදීත් , එය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ වගකීම මට බාර ගත නොහැකියි

 

2019 වසරේ අප්රේල් 21 වැනි දින ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට අප්‍රේල් 04 වැනිදා තමන්ට ලැබුණු තොරතුරු ලබා දුන් පාර්ශව වලින් එම වසරේ අප්රෙපල් 20 වැනිදා පස්වරු 4.12ට පමණ නැවත තොරතුරු ලැබුනා. එකී බුද්ධි තොරතුර සම්බන්ධයෙන් මා වහාම ආරක්ෂක අමාත්යාං ශයේ ලේකම්වරයා , පොලිස්පති සහ වගකිව යුතු අංශ වෙත දැන් වූවා. රට තුළ ඇදිරි නීතිය පනවා , රට වසා දමා හෝ එය වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීම තම දුර්වලතාවයක් නොවෙයි.

 

ආරක්ෂක ලේකම්වරු මාසයෙන් මාසයට මාරු වුනත් රාජ්‍ය බුද්ධි අංශ්‍ය දෙන වාර්තා හරියට බාර නොගැනීමේ වගකීම මට බාර ගත නොහැකියි.මට ලැබෙන බුද්ධි තොරතුරු සෘජුව ලබා දුන්නේ ආරක්ෂක ලේකම්වරයාට පමණයි.

 

අප්‍රෙල් 21 වැනි දින ත්‍රස්ත ප්‍රහාර එල්ල වන බවට අප්‍රේල් 04 වැනිදා මට ලැබුණු තොරතුර ලබා දුන් පාර්ශව වලින් නැවතත් එම වසරේ අප්‍රේල් 20 වැනිදා පස්වරු 4.12ට පමණ නැවත තොරතුරු ලැබුණා.ඒ බුද්ධි තොරතුරු ගැන මා වහාම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා , පොලිස්පති සහ වගකිව යුතු අය වෙත දැනුම් දුන්නා.

 

තම බුද්ධි අංශ විසින්  ලබා දෙන බුද්ධි තොරතුරැ වාර්තා නිසි ලෙස තේරුම් ගැනීමට යමෙකුට නොහැකි වීම එය ඔහුගේ පළපුරුද්ද හා අත්දැකීම් ගැන ප්‍රශ්නයක්.එය මගේ ගේ දුර්වලතාවයක් නොවෙයි.

 

විත්තිකාර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන් මහතා සාක්කෂිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගේ හරස් පශ්නයක් නගමින් රාජ්‍ය බුද්ධි අංශයේ සේවය කරන 1300 ක් , 1400 ක් පමණවූ නිලධාරීන් සදහා කොපමණ මුදලක් වැය කරනවාදැයි විමසා සිටියේය.

 

ඒ ප්‍රශ්නයෙන් ඉදිරිපත් කරන කාරණය ජාතික ආරක්ෂාවට අදාළ කරුණක් වන බැවින් ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දිව නොහැකි බව සාක්කිකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේය.

 

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එකී ප්‍රශ්නය නැගීමට විත්තියට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.

 

එහිදී පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත සාක්ෂි දුන් සාක්ෂිකාර සාක්කිකාර හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි , සහ වත්මන් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මෙසේද කීය.

 

“ රාජ්‍ය බුද්ධි අංශ්‍ය ලෙස අපි කරන්නේ බුද්ධි මෙහෙයුම්.අපි ලබා දෙන බුද්ධි තොරතුරු අනුව කටයුතු කිරීම අපේ වගකීමක් නෙමෙයි.ඒවා මැඩ පැවැත්වීම සදහා පියවර ගැනීම හා මෙහෙයුම් සිදු කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ පොලීසිය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අංශයි.

 

සහරාන් හෂිම් කවුද , ඔහුගේ අරමුණ මොකක්ද  කියලා රාජ්‍ය බුද්ධි අංශ වසර ගණනාවක සිට ආරක්ෂක ලේකම්වරුන් , පොලිස්පතිවරුන් ඇතූළු අදාළ පාර්ශව වෙත තොරතුරු සහිතව වාර්තා ලබා දී තිබෙනවා.ඒ නිසා සහරාන් කවුද කියලා ආරක්ෂක අංශ වලට අවබෝධයක් තිබෙනවා.මට සහරාන්ගේ හිත කියවන්න බැහැ.බුද්ධි නිලධාරීන් ලෙස අපිට කළ හැක්කේ ලැබෙන තොරතුරු අදාළ අංශ වෙත යොමු කිරීමයි.එකී ප්‍රහාර මාලාව එල්ල වන විට ජනාධිපති ලංකාවේ හිටියේ නැහැ.ඒ නිසා ආරක්ෂක ලේකම්වරයාට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියෙනවා.මම මට ලැබුණු බුද්ධි තොරතුරු ආරක්ෂක ලේකම්ට ප්‍රහාරයට පෙර දින එනම් අප්‍රේල් 20 වැනිදා 4.53ට දැනුම් දුන්නා.ඊට පෙර පොලිස්පතිතුමාට දුරකථන ඇමතුමක් දීලා ඒ පිළිබද දැනුවත් කළා.

 

පොලිස්පතිතුමා එම ලබා දුන් බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එතරම් තැකීමක් නොකල බව මට දැනුන නිසා ඒ ගැන ආරක්ෂක ලේකම්තුමා දුරකතන ඇමතුමක් දීලා කිව්වා “ සර් පොලිස්පති තුමාත් තොරතුරු ගැන බරපතල ලෙස නොතකන බව දැනෙනවා, ඒ නිසා සුදුසු පියවර ගන්න කියලා.

 

නඩුවේ වැඩිදුර සාක්කි විමසිම අද (26) ට කල් තැබිණි.

 

පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥවරුන් වන හංස අබේරත්න, දම්තීනී  ද සිල්වා, සහන්‍යා නාරම්පනාව සමඟ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීිරිස් මහතා පෙනී සිටියහ.

විත්තිකාර පුජිත් ජයසුන්දර වෙනුවෙන් නීතීඥ දුලාන් මිරිහාන, ප්‍රියංග ගුණරත්න, නිර්මල කොඩිතුවක්කු සහ ජයන්ත තිලකරන්න සමඟ නීතීඥ රෝෂාන් දෙහිවල මහතා පෙනී සිටි අතර විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන්ද ජනාධිපතී නීතීඥ මොහාන් වීරකොන් මහතා ඇතු`ථ නීතීඥ මඩුල්ලක්ද පෙනී සිටියහ.

✍️ තිළිණි ද සිල්වා ගේ සටහනක්

උපුටාගැනීම ලංකාදීපයෙනි

 

 

 

 

 

 

 

 

 

 

 

About The Author

Leave a Reply