
කුමාර් ධර්මසේන යනු 1996 ශ්රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනු කණ්ඩායමේ ප්රභල සාමාජිකයෙක් මෙන්ම ශ්රී ලංකාවෙන් බිහි වූ සුවිශේෂී ක්රිකට් විනිසුරුවරයෙක් වේ. ලංකාවට කීර්තියක් ගෙන දුන් කුමාර් ධර්මසේන මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ඡායාරූපයක් සමග සංවේදී සටහනක් එක් කර තිබුණා.
එම සටහන පහතින්..
එක දිගට අවුරැදු 5 ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනව… ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහින්සක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ…. ඒ හැමවෙලේම සිහින දැක්ක,, මාත් කවදහරි නොතෙමී යනව කියලා….
අද මම නොතෙමී යනවා… ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ… මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්… මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි… ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම….
KD