– උං යක්කු 1 වෙනි කොටස –
සාජන් වරයා නැවත වතාවක් හිස කැසුවේය.විටෙක හේ සිතින් ශාප කලේය.දශක දෙකක පොලිස් රාජකාරී ජීවිතයේ හේ කිසි විටෙක මෙවැනි අසීරු අවස්තාවකට මුණුණ දී නොමැත.
රාත්‍රී සේවාමුරයේ සිටිය දී මෙවැනි මැදියම් රැය ඉක්මවන වෙලාවක තමා අත්‍යවශ්‍යයෙන්ම ලද යුතු උණුසුම් තේ කෝප්පයත් ඉන් පසුව ලබා ගත යුතු සිගැරැට්ටුවත් හේ සිතින් මෙනෙහි කලේය.
දැන් ඒ කිසිවකට ඉඩක් ඔහුට නොලැබෙනු ඇත.
ඔහු ඉදිරියට පැමිණිලිකාරියක් පැමිණ සිටී.ඔව් පැමිණිලිකාරියක් පැමිණ සිටී.
ඇය සතුව තිබූ කතාන්දරය වෙනත් ඕනෑම වෙලාවක සාජන්වරයාගේ සිත් ගැනීමට ඉඩ තිබිනි.
එහෙත් මැදියම් රැය ලංවෙමින් තුබූ මේ වේලාවේ ඔහුට එය සිත්ගන්නා එකක් නොවීය.
ඔව් මෙය තමා කාර්යබහුල නොවියයුතු වේලාවකි.විවේකයෙන් රාජකාරී කල යුතු වේලාවකි.
හේ නැවත වතාවක් පැමිණිලිකාරිය දෙස බැලුවේය.
“ඔල්මාදකාරියක්ද කොහේදෝ අපේ වෙලාව කන්න ආපු”
ඔහු තමා වෙතම කියා ගත්තේය.
රාජකාරි දිවියට දශක දෙකක් ලං වුවද ඔහු දක්ශ පොලිස් නිලධාරියෙක් නොවීය.නොඑසේනම් ඔහු ඇයගේ දිළිසෙන දෙනතට යටින් වූ අධිශ්ටාන ශීලීත්වය කියවා ගනු ඇත.
නමුත් ඔහුට සිතැඟි ඇය වෙත පවසා ඇය පන්නා ගැනීමේ හැකියාවක් නොවීය.
ඒ ඇය සතුව පවතින විශ්මයජනක සහ සාජන්වරයා සිතන අයුරින් පිස්සු කතාන්දරය පමණක්ම නොවේ.ඇයගේ අතිශය රූමත් උවන මැදිවිය ගතකරමින් සිටින සාජන්වරයාගේ සිතද කුල්මත් කරන හෙයිනි.
අවසානයේ ඔහු ඔහුට හුරුපුරුදු ගොරහැඬි හඬ අවදි කලේය.
” හොඳයි එතකොට මේ මිස් කියන්නේ මිනීමැරුමක් ඇස් දෙකෙන් දැක්ක කියලා”
“ඔව්”
“කෙල්ලෙක්ව”
“ඔව්”
” ඒකත් අවුරුදු අටකට කලින්”
“ඔව්”
” ඇයි එදා මේ ගැන නොකිව්වෙ”
ඇය නිරුත්තරය .
“අනික මේ රෑ පාන්දර තුනට ඕක කියන්න හිතුනෙ ඇයි.ඒකත් අවුරුදු අටකට පස්සෙ ”
එවරද ඇය නිරුත්තරය.
සාජන්වරයා පත්වූයේ ඉමහත් අසීරු තත්වයකටය.මෙය අනිවර්යයෙන් තමාට වඩා ඉහල නිලධාරියෙකු මෙහෙයවිය යුතු ගැටලුවකි.
එහෙත් මෙවෙලේ එවැන්නෙක් පොලිස් ස්තානය තුල නැත.ස්තානාදිපතිවරයා පෙර දින රිය අනතුරකට ලක්ව තවමත් රෝහලේ පසුවෙයි.
ඔහු වෙනුවට වැඩ බලන උපපොලිස් පරීක්ශකවරයා අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු කිහිපයකට මූලස්තානයට ගොස් තවමත් පැමිණ නැත.
සමහරවිට ඔහු නැවත පැමිණෙන විට අද පස්වරුව වන බව දන්වා තිබේ.
සාජන්වරයා අසීරුතාවයට පත්වීමට හේතුව එයයි.
අනෙක් අතට මේ තරුණිය අවුරුදු අටකට පෙර මිනීමැරුමක් දුටු බව හැරෙන්නට වෙන කිසිවක් නොකියන්නීය.
අතීතයේ නම් මෙවැනි කතානොකරන චරිත කතා කරවූ හැටි ඔහු ආඩම්බරයෙන් සිහි කරයි.
එහෙත් දැන් එවැන්නකට ඉඩ නැත.
පොලීසිය මානුශික වියයුතු යැයි කියන්නන්න්ට බාගෙට පිස්සු විය යුතුය.
” හොඳයි කොහෙදිද මේ මිස් ඔය කියන මිනී මැරුම දැක්කේ”
” තේ ෆැක්ටරිය පිටිපස්සේ”
” මොන තේ ෆැක්ටරියද මෙහේ එහෙම එකක්…..,”
” ආහ්…එතකොට ඔය කියන්නේ අර අතෑරල දාපු සීතකඳුර ෆැක්ටරිය ගැනද”
“ඔව්”
භීශන සමයේ ගිනී තැබීමට ලක් වූ සීතකඳුර තේ කර්මාන්ත ශාලාව නැවත කිසිදා විවුර්ත වූයේ නැත.
අත් හැර දමනු ලැබූ එහි ගොඩනැගිලි තවමත් නගරයට මදක් ඔබ්බට වන්නට ගරාවැටෙමින් ඉතිරිව තිබේ
කර්මාන්තශාලාව අතහැර දමා දැන් වසර තිහකටත් ආසන්න වෙමින් තිබේ.
අතීතයේ ඉතා කාර්යබහුල ස්තානයක් වූ එය කාලයාගේ ඇවෑමෙන් ගනවනය විසින් ගිලගත්තී අද පෙනෙන්නට ඉතිරිව ඇත්තේ ප්‍රදාන ගොඩනැගිල්ලේ ඇලුමීනියම් තහඩු වහලය පමණි.
සාජන් වරයා නැවතත් තම අසුනේ හරි බරි ගැසී ඉඳ ගත්තේය.
” හොඳයි මේ මිස් කියන්න සම්පූර්ණ සිද්දිය”
“කොහොමද මේක උනේ ? ”
“කවුද මැරුම් කාපු ගෑනු ලමයා ?”
” මිස් කොහොමද ඒක දැක්කේ ?”
” ඒ වගේ දෙයක් දකින්න අවුරුදු අටකට කලින් කැලෑවට වැහිච්ච තේ ෆැක්ට්‍රියක් අස්සේ තමා මොකද කලේ ? ”
එවර ප්‍රශ්න වැලකි..
එහෙත් ඇය පිලිතුරු දෙන වගක් පෙනෙන්නට නැත.සාජන් වරයාගේ ප්‍රශ්න වැල අවසානයේ තමාටම කුමක්දෝ මුමුණා ගත්තී ඇය නිහඬ වූවාය.
” තමුන් අපේ කාලය නාස්ති කරනවා.”
එවර සාජන්වරයාගේ සුපුරුදු උස් හඬ නැගී ආවේය.
“කෙල්ලෙක් මැරුවා ෆැක්ට්‍රිය පිටිපස්සේ.”
“වැළලුවා”
“එතනම”
” උං යක්කු ”
ඇගෙන් ලද පිළිතුර එපමණකි.සාජන් වරයාගේ ගෝරනාඩුව ඇසී එතනට රැස්වී සිටී කාන්තා පොලිස් නිළදාරීවරියත් අනෙකුත් නිළධාරීනුත් කොතෙක් උත්සහ කලත් ඇගෙන් ලද පිළිතුර එපමණකි.
විටෙක ඔවුන් කරුණාවෙනුත් තවත් විටෙක තර්ජනයෙනුත් උත්සහ කලේය.
නමුත් පිළිතුර පැහැදිලිය.
“උං යක්කු ”
එපමණකි.
අවසානයේ ඔවුන් නිගමනයකට එළඹියේය.මැය උමතුවෙන් විය හැකිය.නැතිනම් මේ රෑ මැදියමට ආසන්න මොහොතක කිසිවෙක් පැමිණ අවුරුදු අටකට පෙර සිදු වූ මිනී මැරුමක් ගැන පොලීසියට පවසන්නේ නැත.
අනෙක් අතට ඇය කාන්තාවකි.ඇරත් ඇස්වලින් මිනීමැරුමත් මිනීමරුවනුත් දුටු බව පමණක් කියන ඇය වෙනත් කිසිදු විස්තරයක් නොකියන්නීය.
ඊලඟ මොහොතේ සාජන් වරයා තමා එළඹි මතය අනෙක් අය හා පැහැදිලි කරමින් සිටිනු දැකිය හැකි විය.
තමාගේ සේවා කාලයත් අත්දැකීමුත් අනුසාරයෙන් විනාඩි දහයක පමණ කතාවක් සිදු කල ඔහු ඇය උමතුවෙන් බවට ඔහු කල නිගමනය ඔහු අනෙක් අයට මොනවට පැහැදිලි කලේය.
ඇරත් මේ නගරය ඉතා සාමකාමීය.සුලු සුලු හොරකම් කිහිපයක් කලාතුරකින් සිදුවන රිය අනතුරක් ,බීමතින් සිදුවන ගෘහස්ත ආරවුලක් හැරෙන්නට මෙහි පොලිස් පොත්වල ලියවුනු කිසිදු අපරාදයක් පසුගිය කාලසීමාව පුරාවට වාර්තාවී නොමැත.
අනෙක උපන්දා පටන් මේ නගරයේම වාසය කරන සාජන් වරයා අවුරුදු ගණනාවකට ඉහත උතුරු නැගෙනහිර රාජකාරිවලින් පසු පසුගිය දස වසරපුරාම සේවය කර ඇත්තේ මේ පොලීසියේ හා මේඅවට අනෙකුත් පොලිස් ස්තානවලය.තරුණියක් අතුරුදහන් වීමක් වාර්තා වූවානම් එය අනිවාර්යයෙන්ම තමා දැනුවත් විය යුතුය.
එහෙයින් මැය උමතුවෙන්මය.
එහෙත්…
මේ ලැබී ඇත්තේ පැමිණිල්ලකි.බරපතල පැමිණිල්ලකි.තමාගේ පුද්ගලික නිගමනවල සිට පැමිනිලිකාරිය හරවා යැවීම පසුවට තමාට ප්‍රශ්නයක් විය හැකිය.
අනෙක රාජකාරිය දේවකාරියටත් වඩා ඉහලින් සළකණ ස්තානාදිපතිවරයා සුවවී පැමිණි දිනෙක මෙය ඔහුගේ සවනට ගියහොත් තමා දැඩි දෝශදර්ශනයට ලක්විය හැකිය.ඔහු අනතුරට ලක්වූයෙත් සොරකම් කරන ලද හරක් පටවන ලද ලොරියක් තම දිවි දෙවැනිකොට තනිවම ලුහුබැඳීමට ගොස්ය.
එවැන්නෙක් මෙය සුලුවෙන් නොතකනු ඇත.
හොඳයි පැමිණිල්ල ලියාගෙන යවනවා ..ඔහු තමාටම කියා ගති.
මේ මුලු කාලය පුරාවටම තමා අසුන්ගෙන සිටි පුටුවට කෙලින් බිත්තියේ රඳවා තිබූ රාජ්‍ය ලාංචනය දෙස කෙලින් බලාගෙන නොසැලී සිටි පැමිණිලිකාර තරුණියගේ දෙනෙතේ තිබූ අධිශ්ටාන පූර්වක බැල්ම කිසිවෙකු දුටුවේ නැත.
සාජන්වරයා පැමිනිල්ල ලියා ගැනීම එදින උපසේවා රාජකාරි නියුතු නිලදාරියාට පැවරුවේයා.ඔහු එයට සැරසුනා පමණි.
සුපුරුදු නාදය නගමින් පොලිස් පණිවිඩ විකාශන යන්ත්‍රය ක්‍රියාකාරී විය.
පළාතේ පොලිස් අදිකාරී කාර්යයාලයෙන් පලාතේ සියලු පොලිස් ස්තාන දැනුවත් කරමින් විකාශය කල එම පණිවිඩයෙන් කියවුනේ මීට කිලෝමීටර විසිපහකට පමණ දුරින් පිහිටි මානසික රෝහලින් පැනගිය බරපතල ගනයේ නේවාසික රෝගියෙක් පිළිබඳවය.නැත රෝගී කාන්තාවක් පිළිබඳවය.
සාජන්වරයා ප්‍රීතියෙන් පිනා ගියේය.ඔහු ආඩම්බරකාර බැල්මෙන් බැලුවේ තමා මීට සුලු මොහොතකට පෙර මැය උමතුවෙන් බව නිගමනය කර ඒ ගැන ප්‍රකාශ කිරීමේදී එය පිලි නොගන්නා බවක් පෙන්වූ කොස්තාපල්වරයා දෙසයි.
ඔහු දිගින් දිගටම කියා සිටියේ මේ පැමිණිල්ල බරපතල එකක් බැවින් එය සටහන් කරගත යුතු බවයි.
ඔහු පොලිස් ස්තානයට අලුතින් පත්ව ආ නිලදාරියෙකි.කිසියම් කරුණක් නිසා සාජන්වරයා ඔහු හා නොමනාපව සිටියේය.
අවසානයේ තම සිත හා තර්ක කර සාජන් වරයාට නොකමැත්තෙන් වුව ඔහුගේ මතය පිළිගැනීමට සිදු විය.නැත්නම් ස්ථානාදිපතිවරයා පැමිනි දිනක මෙය ඔහුගේ සවන තබනු ඇත්තේ මෙම කොස්තාපල් වරයාය.
අවසානයේ තමා ජය ලබා ඇත.ඔහු ජය්ග්රාහී බැල්මකින් සියලු දෙනා දෙස බැලුවේය.
උන්මත්තියකගේ උන්මන්තක වදන් පොලිස් පොතේ සටහන් කර පොලීසියේ කාලය කුමට නාස්තිකරනවාද ඔහු දැන් පැමිණිල්ල සටහන් කිරීම අවශ්‍යය නැතැයි එය සිදු කිරීමට සූදානම් වූ නිලදාරීට දැන්වීය.
අවසානයේ පොලිස් අදිකාරී කාර්යාලයටත් එතැනින් මානසික රෝහලටත් දන්වනු ලදුව ඇය ගෙන යාම පිණිස ගිලන් රථයක් පිටත් වූ බව පොලිස් ස්තානයට දන්වනු ලැබීය.
රෝගී කාන්තාවගේ ආරක්ශාවට පොලිස් නිළදාරිනියක් යොදවනු ලැබීමෙන් පසු මහා වික්‍රමයකින් ජයගත්තාක් බඳු හැඟීමකින් සාජන්වරයා තමාට මෙතෙක් මගහැරුණු උණුසුම් තේ කෝප්පයත් සිගරැට්ටුවත් ලැබීම පිණිස හේ එතැනින් නැගිටගති.
අවසානයේ ගිලන් රිය පොලිස් ස්තානයට පැමිණියේ තවත් හෝරාවක්වත් ඉක්මවීමෙන් පසුවය.
ගිලන් රියේ පැමිණි සාත්තු සේවිකාවන් දෙදෙනාටත් හෙදියටත් මැදිව තරුණිය පිටව ගියේ කිසිදු විරුද්දත්වයක් නොමැතිවය.
රෝගියා බාරගනු ලැබූ බවට අතසන්කල වගකිවයුතු හෙද නිළදාරිණිය විසින් පැමිණි සියලු දෙනාගේ විස්තර හා ගිලන් රියේ අංකය ආදියද පොලිස් පොත්වල සටහන් කිරීමට ලබාදුන්නේ මෙතෙක් මෙම රෝගියා පොලීසිය බාරයේ සිටීමත් එය නිළ රාජකාරි අවශ්‍යතාවයක් වූ හෙයිනි.
අවසානයේ ගිලන් රිය නික්ම යන විට මද්යම රාත්‍රිය පසුවී හෝරා දෙකකටත් වඩා ගත්වී තිබිනි.
අවසානයේ පොලිස් ස්තානය නැවතත් සාමකාමි වීය.මෙතෙක් වේලා එකතැනකට රැස්වී මේ සිදු වූ සිදුවීම පිළිබඳව සාකච්චා කල සියල්ලෝම දැන් තමතමන්ගේ රාජකාරි සඳහා නික්ම ගොසිණි.
දැනට කළ යුතු වෙනත් රාජකාරියක් නොවූ හෙයින් අසුනට බරවූ සාජන් වරයා දෙනෙත මදක් පියා ගත්තා පමණි.
ක්රීං ….ක්රීං .. යක්ශාවේශවූ පොලිස් ස්තාවර දුරකතනය මර හඬ තලන්නට විය…..
ඉතිරිය පසුවට..
✍️ ගගන් කුමාර ගුණරියන