1638035513916

1995 වසරේදී වගේ වෙන්න ඕන ජාතික එකේ විකාශ උනේ.. හරියටම දින වකවානු මතක නැහැ.. ඒත් ලොකුම ලොකු තල්මසාත් එක්ක වතුරේ පීනපු ඒ ලස්සන අක්කවනම් ඕනම කෙනෙකුට හොදට මතක ඇති..

 

ඇය ඕස්ට්රේලියානු නිළියක් වන Marzena Godeki ඇය ඕෂන් ගර්ල් හී “නේරි” ලෙස රගපාන විට ඇයට වයස අවුරුදු 16ක් පමන බවයි පැවසෙන්නේ

 

ඇය මුලින්ම නේරී චරිතය සදහා යොමු කර ඇත්තේ ඇගේ නර්තන ගුරුවරිය විසිනි. සමවයස් ගැහැණුළමුන් 500ය පිරිසකගෙන් තමා Marzena නේරිගේ චරිතයට මැය තේරෙන්නේ.

 

Marzena හට මුලදී පිහිනීමට හැකියාව තිබී නැහැ නමුත් ඇය උනන්දුවෙන් පිහිනීම ඉගෙන ගත් අතර මෙහි රංගනයේ යෙදෙන තල්මසුන් දෙදෙනා සමගද ඇට දැඩි සේ කුලුපගවී තිබෙනවා.

ඇය මේ ටෙලිකතාවෙන් පසු ලෝකයේම ජනප්‍රිය වූවත් ඉන් පසුව ඇය රංගනයේ යෙදී නැහැ. අධ්‍යාපනයට සිත යොමු කල ඈ සතුන්ට ඇති ආදරය නිසාම පශු වෛද්‍යවරියක් වීමට ඉගෙන ගෙන තිබෙනවා..

 

2008 වසරේ Damian D’Odorico නම් ඇගේ දීර්ගකාලීන ව්‍යාපාරික ප්‍රේමවන්තයා සමග විවාහවන ඇය දැන් දරුවන් තිදෙනෙකුගේ ආදරණීය මවක් ලෙස සැමියා සහ දරුවන් හා අප්‍රසිද්ධ ජීවිතයක් සතුටින් ගතකරන බව සදහන්..

 

මාධ්‍යවේදියෙකු 2011 වසරේදී ඇගෙන් විමසන්නේ ඇය මෙතරම් ජනප්‍රිය වූවත් “Ocean Girl” රංගනයෙන් පසු රංගනයෙන් ඈත් වූ කාරනය කුමක්ද කියායි..

 

“මම හැමදාම Ocean Girl හී නේරි ලෙස මිනිසුන්ගේ මතකයේ හිදීවි.. එයට හානිවනවාට මම කැමති වූවේ නෑ..”

 

එයයි ඇගේ පිළිතුර….❤️

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද සටහනකි)

About The Author

Leave a Reply