පාසල් නිවාඩු දින සංශෝධනය කර තිබේ.
ඒ අනුව මීට පෙර දෙසැම්බර් 23 සිට 27 දක්වා වූ නිවාඩුව දෙසැම්බර් 23 වනදා සිට ජනවාරි 02 වනදා දක්වා සංශෝධනය කර තිබේ.
ඒ අනුව නැවත පාසල් ආරම්භ කරනු ලබන්නේ ජනවාරි 3වනදාය.
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා එය බලපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.