2021.11.26.15h0m21s-01

– 2 වෙනි කොටස –

 

‘’පහන්දි නිම්සරා’’  ටියුෂන් පන්තියේදී අපට හමු වූ සුන්දර තරුණිය,ආදරය කියා රැවටුනු ජනිතගේ වර්තමාන පෙම්වතිය.

‘’Coming’’ හේමලතා මිස්ගේ හඩට අවනතව පන්තියට ඇතුළුවන පහන්දි මා හට දිස්වුනේ සින්ඩරෙල්ලා කතාවේ රපුන්සලා මෙනි.

‘’ඒ බං අරකි මොකෝ බං අපේ class room එකේ.අපේ school එකට ආවේ මොන මඟුලටද? මන්දා මට නම් ඒකී දකිද්දි පුදුම තරහක් එන්නේ.’’ සයුමි මගේ ඩෙස්ක් එකට බර වී පවසන්නේ හිතේ තරහට අත මිටි කරගනිමිනි.

දුකක් තිබුනත් අත්තම්මා නිතරම කියන්නාක් මෙන් පහන්දිට වෛර කිරිමේ කිසිඳූ සිතුවිල්ලක්  මා සිත නොවිය.

හේමලතා මිස් පහන්දි සමඟ කතාබහෙන් අනතුරුව පන්තිය දෙසට හැරී පැවසුවේ පහන්දි ද අද සිට අප පන්තියේ ඉගෙනීමේ කටයුතු කරන බවයි.

‘’උඹ ඉතින් අද ඉදන් අරකි දිහා බලන් දුක් වෙවී ඉන්න එපා හරිද…

අනේ ජනිත ඇයි මට එහෙම කලේ කියලා හිතලා…

ඌ කරේ තනිකරම බොරුවක්.

උබ හොදට පාඩම් කරපන් අපිට වඩා උබනේ දක්ෂ. මට ෂුවර් උබ A/L ගොඩදාගන්නවා කියලා පළවෙනි පාරම.’’

‘’අනේ නෑ බන් මං ඕවා ගැන දැන් හිතන්නේ නෑ..Promise’’ සයුමිගේ අතින් අල්ලා මා පැවසුවේ මටම පොරොන්දු වෙමිනි.

 

………….

 

අවුරුද්දක කාලය ගෙවී ගියේ අපටද නොදැනෙමිනි.

ඒ කාලය මුළුල්ලේ මම වෙහෙසී උ.පෙ විභාගයට පාඩම් කළෙමි.සිතේ කොනක ජනිතගේ මතකය තිබුනත්  පාඩම් වලට හිත යොමු කිරීම ඒවා අමතක කිරිම හැකියාව ලැබුනී.

 

අද අපේ A/L විභාගයේ අවසාන විෂය වන පොදු පරීක්ෂණයි.

විභාගය අවසන් වීම හිතට නිදහසක් වුවත් වසර 13 ක් තිස්සේ සහෝදරියන් ලෙස සිටි අපගේ මිතුරුකැළගෙන් මිදීම සිතට මහත් වූ දොම්නසකි.

 

‘’අනේ බං මටනන් පිස්සු වගේ මුලින් හිතුවට කවදද මේ කරදරෙන් නිදහස් වෙන්නේ කියලා දැන්නම් පට්ට දුකයි බං සිරාවටම’’ උපේක්ෂා පැවසුවේ අපි සියල්ලගේම සිත්වල පැවති නොකියූ දුකය.

 

‘’එකනම් ඇත්ත බං මොනාද ඉතිං උබලගේ plan’’

‘’අනේ මන්දා විශ්මි මම නම් කිසි දෙයක් හිතුවේ නෑ.

ඔලුවේ තිබ්බේ A/L විභාගය විතරයි.’’

’අම්මෝ ඔව් උබේ හිතේනම් තිබ්බේ එච්චරයි කියලා අපිට පහුගිය දවස් ටිකේ හොදට තේරුනා දේවානී .

මට ෂුවර් අපේ බැච් එකේ බෙස්ට් රිසාල්ට්  උබේ තමා.’’සයුමි මා වැළදගෙන පැවසුවේ ඇගේ පුරුදු ළෙන්ගතු කමිනි.

 

‘’අනේ මන්දා බන් එහෙමනම් මන් හිතන්නේ නෑ.

විභාගයනම් ගොඩ ඇති කියලා හිතනවා.’’

 

‘’මේ ඒක නෙවෙයි විභාගය ඉවර හින්දා කට්ටිය පොඩි ට්‍රිප් එකක් යමුද? ට්‍රේන් එකේ. අපේ නැන්දා ඉන්නේ ඇල්ලේ.’’

 

‘’සුපිරිනේ සයුමි ඒත් බං ඔච්චර දුර යන්න දෙන එකක් නෑ ගෙවල් වලින්.’’

 

‘’ඒක නම් ඇත්ත බං  අපිට මේ ගෙදරින් තනියම එළියට බහින්න අවසර ලැබුනේ A/L ක්ලාස් යන්න ගත්තමනේ බං.’’

 

‘’එහෙනම් ඉතින් ඒ හිනේට සොරි ඩොට් කොම් what  to do’’ සයුමි පැවසුවේ අපි සියල්ල සිනාගන්වමිනි.

 

‘’කමක් නෑ බං අපි ice cream hut එකට ගිහින් ice cream කාලා පියුමාලි මිස්ලාගේ ගෙදර ගිහින් හවස් වෙලා ගෙදර යමුද?’’

 

‘’ඒ සුපිරි දේවානි උබටත්  ඉදලා ඉදලා සුපිරි idea එනව නේද?

යමු යමු ඉක්මනට යමු ගිහින් ice cream කාලා මිස්ටත් ටබ් එකක් අරන් යමු’’ සයුමි පැවසුවේ මගේ අතින් අල්ලා ගනිමිනි.

 

පාසල අසලම පිහිටි ice cream hut  එකට අපි පස්දෙනා ගියේ හිතේ තිබූ ශෝකය මඳකට අමතක කරමිනි.

අදින් පසුව අපිට නැවත සුදු ගවුම ඇදගෙන පාසලට පැමිණිමට නොහැකි වීම අපි පස්දෙනාගේම සිත්වල කොනක තිබූනේ එක හා සමාන දුකකි.

 

‘’මොනාද බං කන්නේ දේවානි උබ චොකල්ට් flavour නේද?

උබලා මොනවද?’’

 

’අපිටත් ඒවායින්ම ගනින් බං අවුලක් නෑ.’’ සයුමි කැෂියර් එකට ගොස් ඇනවුම ලබා දී එනතුරු අපි සුපුරුදු පරිදි ඕපදුප කියවමින් ගතකරේ හරිම සතුටිනි.

 

‘’ඒ බන් පට්ට ගති කොල්ලෙක් අද කැෂියර් එකේ ඉන්නේ.

මං හිතන්නේ ලක්ෂානයා වැඩ නැද්ද කොහේද දැන්.’’

 

‘’සිරාවටම කෝ අයින් වෙයන් මූ කියන හැන්ඩ්සම් කොල්ලා බලන්න.’’ උපේක්ෂා රශ්මි වාඩී වී සිටි පුටුවට බර වෙමින් පැවසුවේ අපි සැවොම සිනාසෙද්දීය.

 

‘’ඒ ඇත්තනේ බං

කවුද බං ඒ පොර සිරාවටම ඌ පට්ට ගතිනේ’’

 

‘’මෙන්න මිස්ලාගේ ඕඩර් එක’’ මිතුරියන් සැවොම  ඒ හඩින් ඔහු දෙස මුව  අයාගෙන බලා සිටි බැවින් ඔවුන්ට හිතෙන් බැන වදිමින්  මා හැරී බැලුවේත් ඔහු  අතේ තිබූ ට්‍රේ එක මගේ උරහිසේ වැදුනේත් එක් වරය.

 

‘’So……. Sorry….. මිස්’’

 

– එන සතියේ හමුවෙන තුරු මඳ විරාමයක් –

 

About The Author

Leave a Reply