331426.1

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මීකී ආතර් ගේ අවසන් තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ජයග්‍රහණයකින් නිමා කළේය. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති දෙවන ටෙස්ට් තරගයද ජය ගනිමින් ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වෙමින්.

 

සිය ගමන්මග ගැන මාධ්‍ය හමුවේ සඳහන් කළ මීකී ආතර් සඳහන් කළේ,

 

“ශ්‍රී ලංකාවේ රැඳීසිටිමින් මම කළ රාජකාරිය ඉතාම සුන්දර එකක්. ඒක විශිෂ්ට ගමනක්. ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වසර 2ක් ඉතා දුෂ්කර ගමනක් තිබුණත් අද වනවිට එය ගොඩාක් ප්‍රතිඵලදායක වෙලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතා දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායම වර්ණවත් කරාවි. මේ වෙලාවේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්වත් අමතක කරන්න බෑ. ඔවුනුත් විශාල කැපකිරීමක් කළා. ඒ නිසා මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතා හොඳ තැනක තියෙනවා. ලංකාවේ ගතකරපු මගේ කාලය අමතක නොවන එකක්. “

About The Author

Leave a Reply