දිනකට දුරකථන ඇමතුම් ගනනාවක් එන, යම් පුවත් පතක තිබු පරිදි දිනකට ලංකාව තුල නඩු 400කට අධික ප්‍රමාණයක් දිසා අධිකරණ තුල ගොනු වන අද වන විට සමාජය තුල ඉමහත් ගැටලුවක් වි අවසන්.
මෙම ලිපිය ඉතා සරලව හා කෙටියෙන් හදුන්වා දිමට බලාපොරොත්තු වන්නේ නිතිය පිලිබද මුලික දැනුමක් එක් කිරිමට අවැසි තොරතුරු පමණි . පාර්ශවයන් දෙකක් අතර පවතින සිවිල් ආරවුලක් මත පදනම්ව දික්කසාද නඩු නිමිත්ත හටගන්නා අතර ප්‍රධාන වශයෙන් ශ්‍රි ලංකාවේ නෛතික වලංගුභාවයක් සහිත විවහා සිදුවිය හැකි අකාරයටම දික්කසාදය ද සමානුපාතික වේ. උදාහරණයක් වශයෙන් ඔබ උඩරට නිතියෙන් පාලනය වන්නෙක් නම්, විවහය උඩරට විවහයක් නම්, ඔබේ දික්කසාදය ද උඩරට නිතියෙන් තිරණය වේ.
මේය ඉතා පුලුල් මාතෘකාවක් වන අතර එ පිලිබද ලිපි මලාවකින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන නිසා අද මෙම ලිපියෙන් සමාන්‍ය නිතිය යටතේ ලියාපදිංචි වුන විවහයන්ගෙන් දික්කසාදය ලබාගන්නා අකාරය ගැන අවධානය යොමු කරමු.
මෙහි ඉතිහාසය පිලිබද කෙටියෙන් විමසිමෙදි අතිතයේ සිටම විධිමත් හෝ අවිධිමත් අයුරින් විවහය යන සංකල්පය මිනිස් සමාජයේ තිබු අතර ඉංග්රීසින්ගේ ආක්‍රමණයට පෙර විශ්වාසය,කැමැත්ත යන සාධක මත අවිධිමත් අයුරින් විවහා සිදු විය. එ අතර එකගෙයි කෑම,බහු විවහා ආදිය ද ඇතුලත් විය.ඉංග්‍රීසි ආක්‍රමණය සමග සිදු වු සුවිශේෂී ලක්ෂණයක් තමයි අප රට තුල තිබු එ අවිධිමත් විවහ ක්‍රමය ඔවුන්ගේ දැඩි පිලිකුලට ලක් වු අතර එ වන විට පල්ලියේ දැඩි පාලනය තුල “එක් අයෙකුට එක් සහාකරුවෙකු පමණයි” යන සංකල්පය මත පදනම්ව විවහයක් සිදුවන විට එය ලියාපදිංචිය කිරිමක් තුලින් ඉතා හොද තත්වයේ විවහයක් ලෙසත්, අයිතිවාසිකම් හිමි විමෙදි එයට ප්‍රමුඛත්වය ලබා දිමටත් නිති සම්පාදනය විය.
නමුත් විශේෂයෙන් කිව යුතු දෙයක් නම් අදටත් චාරිත්‍රානුකූල විවහ ලංකාව තුල පවතින අතර යම් විශේෂිත අවස්ථා වල අධිකරණයේ පවා චාරිත්‍රානුකූල විවහ වලට පිලිගැනිම ලබා දි ඇත.
ඉංග්‍රීසි ආක්‍රමණයෙන් පසු අද දක්වා ක්‍රියාත්මක වනුයේ මෙම ක්‍රමයයි.
එලෙස විවහය ලියාපදිංචියට නෛතික බලය ලැබු පසු දික්කසාදයේ ප්‍රධානම හා ප්‍රභලම සාක්ෂිය කසාද සහතිකය ලෙස ඔනෑම අයෙකුට අර්ථ් දැක්විය හැකිය.
🔴 දික්කසාදය ලබාගන්න පුලුවන් සාධක මොනාද?
ඔව් ඔබට නොයෙකුත් ප්‍රශ්න ඇති. නමුත් ශ්‍රි ලංකාවේ විවහ වු ඔබට දික්කසාදයක් ලබා ගැනිමේදි ප්‍රධාන වශයෙන් ඔබගේ නඩුව ගොනු කිරිමට හැකියාව ලැබෙනුයේ නඩු (නිමිති,කරුණු , කොටස්, ) එ කුමන ලෙසකින් හැදින්වුවත් 3 ක් යටතේ පමණි .(විවහා ශුන්‍යතාව,වසර 7ක් වාසයෙන් හා සංවාසයෙන් වෙන්විම හැර) ඊට හේතුව මා ඉහත සදහන් කර පරිදි අප නිතිය මිට වසර සිය ගනනකට පෙර සම්පාදනය කරන ලද නිතියක් නිසාත්, එකල පල්ලියේ ප්‍රධාන වශයෙන් විශ්වාස කරේ දික්කසාදය යනු දේව කැමැත්තට පටහැනි දෙයක් ලෙසය. එබැවින් එය ලබා ගැනිම ඉතාමත් අසිරු තත්වයක් හදුන්වා දෙන ලදි.
1. ද්වේශ සහගත අතහැර යාම/ අනුමිත ද්වේශ සහගත අතහැර යාම
2. ලිංගික බෙලහිනතාවය
3. අනාචාරයේ හැසිරිම
යන කරුණු අඩු වැඩි වශයෙන් සාක්ෂි බර මත ඔප්පු කිරිමේ භාරය පැමිණිල්ලට පැවරේ.
බොහෝ විට ලිංගික බෙලහිනතාවය වෛද්‍ය සාක්ෂි මෙහෙයවිම මත ඔප්පු කිරිමේ භාරය අසිරු නොවන අතර, අනාචාරය ඔප්පු කිරිම ප්‍රභල සාක්ෂි මත පදනම් වේ.
ද්වේශ සහගත අතහැර යාම/ අනුමිත ද්වේශ සහගත අතහැර යාම යනු දික්කසාද නඩුවක ජනප්‍රියම නඩු නිමිත්තයි . එකට ප්‍රධාන හේතුව කියන කතන්දර ඔක්කොම අධිකරණයට කියන්න පුලුවන් මේ නඩු නිමිත්ත යටතේ බැවිනි.
උසාවි කාර්ය පටිපාටිය හා ඔබගේ ප්‍රධාන ගැටලු කිහිපයක් සදහා කෙටියෙන් පිලිතුරු, (නීතිඥවරයෙකුගේ කාර්ය සිමාවට නොගොස් ගැටලුව පැන නගින ඔබේ සිමාවට අදාලව පමණි.) පැමිණිලිකරුවෙකුට ඇති ගැටලු කිහිපයක්,
1.දික්කසාදය සදහා මුලින්ම කල යුත්තේ කුමක්ද ?
ඔබට යම් විදියකින් දික්කසාදය අවශ්‍ය නම්, ඔබ මුලින් කලයුතු වන්නේ ඔබට විශ්වාසදායී ඔබත් සමග කතා කිරිමට හැකියාවක් ඇති නීතිඥවයෙකු හමු වි ඔබ පදිංචි ප්‍රදේශයේ දිසා අධිකරණයේ හෝ ඔබ වෛවාහක නිවස පවත්වාගත් ප්‍රදේශයේ දිසා අධිකරණයේ නඩුව පැවරිමයි. එ සදහා එම ප්‍රදේශයේම නීතිඥවරයෙක් විම අවශ්‍ය නොවන අතර ලංකාවේ ඔනෑම ප්‍රදේශයක නීතිඥවරයෙක්ට එ සදහා හැකියාව පවති.
2. දික්කසාදය ලබා ගැනිමට කොපමණ කාලයක් යනවද ?
මේ තරම් කාලයකින් ඉවර වේවි යැයි නිශ්චිතව කිමට හැකියාවක් නොමැති අතර හබ කිරිම් මත එ සදහා යන කාලය තිරණය වේ. පාර්ශ්වයන් 2කම දික්කසාදය සදහා කැමති නම්, ඉල්ලිම් සදහා දෙපාර්ශවයම එකග නම් බොහෝ විට නඩුවාර 4 කින් පමණ මෙය අවසන් කරගත හැක.
3.දික්කසාදය ලබා ගැනිමේදි විත්තිය පදිංචි ලිපිනය සොයාගත නොහැකි නම් කුමක් කල යුතුද ?
එ සදහා නීතිඥවරයා සතුව පිලිතුරක් නොමැත අතර එය සොයාගෙන පැමිනිය යුත්තේ පැමිනිල්ල විසිනි.
4. විදේශගතව සිටින පුත්ගලයෙක්ගෙන් දික්කසාදය ලබාගත හැකිද ?
පුලුවන් , එ සදහා දිර්ඝ කාර්ය පටිපාටියක් ඇත.
5.දරුවන් මා හට ලබාගත හැකිද ?
හැකියාවක් ඇත. දරුවාගේ උපරිම යහපත සලසන පුත්ගලයාට එවා සනාථ කොට ඉල්ලිමක් කල හැක.
6. වන්දි ලබා ගන්න පුලුවන් ද ?
පුලුවන්. එය පැමිනිල්ල ගොනු කරන විට පැමිනිල්ලේ අයාචනයට ඇතුල් කරයි.
7. වන්දි කියක් ගන්න පුලුවන් ද ?
එය ඔප්පු කිරිම මත හා අනෙත් පාර්ශවයේ කරුණු දැක්විම මත අධිකරණයේ තිරණයක්.
8.නඩත්තු ලබා ගත හැකිද?
නඩත්තු සදහා මහෙස්ත්‍රාත් අධිකරණයේ වෙනත් නඩුවක් පැවරිය යුතුය.
8.විත්තිකරු සිතාසි ලැබි උසාවි නාවොත් මොකද වෙන්නේ ?
එකපාර්ශවික තින්දුවක් සදහා ඉල්ලිමක් කර හැක.
9.අනාචාරය පිලිබද සියලුම සාක්ෂි තියෙනවා . එම පුත්ගලයා ඇතුලත් කර වන්දි ලබා ගත හැකිද ?
පුලුවන්. සමවිත්තිකරු කර අදාල සාක්ෂි මෙහෙයවා වන්දි ලබාගත හැක.
10.කලින් විවහා වු අයෙක් එය දික්කසාදය නොකර දෙවෙනි විවහායක් සිදු කර තිබ්බොත් තත්වය කුමක් ද ?
විවහා ශුන්‍යතාවය දිසා අධිකරණයේන් ප්‍රකාශ කර ගත හැක.එ වෙනුවෙන් වන්දි ලබා ගැනිම හා අපරාධ වරදක් සදහා ද වරදකරුවෙකු කර හැක.
11. දික්කසාදය එක නිවසේ සිටියදි ලබා ගත හැකිද ?
හැකියාවක් ඇත.
12.දික්කසාදය ගොනු කිරිම නිසා මා හට කරදරයක් වෙයි ද ?
එ සදහාද නිතියේ ක්‍රියාමාර්ග ඇත. ඔබේ නීතිඥවරයා දැනුවත් කර උපදෙස් ලබා ගන්න.
🔴 විත්තියට ඇති ප්‍රශ්න කිහිපයක්,
1. මට සිතාසි ඇවිත් තියෙනවා . කුමක්ද කල යුත්තේ ?
ඔබට කතා බහා කර හැකි,ඔබේ ගැටලුවට නිසි අවධානය යොමු කරන නීතිඥවරයෙක් වෙත ගොස් ඔබගේ පැමිනිල්ල පෙන්වා අදාල දිසා අධිකරණට පෙරකලාසියක් ගොනු කරවන්න. එම නීතිඥවරයා ඔබ ප්‍රදේශයේ වත් අදාල අධිකරණ ප්‍රදේශයේ වත් විය යුතු නැත.
2. උසාවි නොගියොත් කුමක් සිදු වේවිද ?
අධිකරණ මගඇරිම ඉතාමත් නරක දෙයක්. ඔබට විරුද්ධව එකපාර්ශවික තින්දුවක් ලබා ගනිවි.
3.මා එ වැරදි කිසිවක් කරේ නැ. අනෙත් පාර්ශවය සියලුම වැරදි කරලා මට චෝදනා කරනවා.
ඔබ බිය විය යුතු නැත. ඔබගේ නීතිඥවරයා සමග සාකච්චා කර අදාල කරුණු ඉදිරිපත් කරන්න.
4.මා හට වන්දි ලබා ගත හැකිද ?
පුලුවන්. ඔබ විසින් සාක්ෂි මගින් තහවුරු කරන්න.
5. නඩත්තු ලබාගත හැකිද?
පුලුවන්. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිම මගින්.
මේ ඔබ නිතරම විමසන ප්‍රශ්න කිහිපයක්. තව සිය දහස් ගනනක් තියෙනවා . නමුත් කාලයත් කලමනාකාරණය කරගනිමින් ඔබ වෙත මෙහි දෙවෙනි කොටසද ගෙන එමට බලාපොරොත්තු වෙනවා.
කතෘ අයිතිය සුරකින්න.
නීතිඥ රොෂාන් පතිරණ.