823664-jacqueline-crop

සංදර්ශනයක් සඳහා ඩුබායි යාමට පැමිණි ජනප්‍රිය නිළි ජැකලින් ෆර්නැන්ඩස්ව ඊයේ (05) දිනයේදී මුම්බායි හි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ආගමන විගමන නිලධාරීන් විසින් රටින් පිටවීම වළක්වා ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

සුකේෂ් චන්ද්‍රශේකර්ට එරෙහි කප්පම් ගැනීම් සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට කටයුතු නොකිරීම නිසා ඇයට එරෙහිව බලාත්මක කිරීමේ ඒකකය විසින් නිකුත් කර තිබූ නිවේදනයක අනුව විදෙස් ගත වීම වළක්වා තිබෙනවා.

ඉන්දීය ආරංචි මාර්ග සඳහන් කළේ ඇය ප්‍රශ්න කිරීම සඳහා දිල්ලියට ගෙන යන බවයි.

About The Author

Leave a Reply