Screenshot_20211206_102814

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කරමින් ඊයේ (5) පැවැති පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

 

ඒ  පසුගියවර එල්.පී.එල් ශූරතාවය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම  ලකුණු 54කින් පරාජයට පත් කරමින්.

 

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 164ක් රැස් කරමින්. තරග තහනමකට ලක්වීමෙන් අනතුරුව යළි දේශීය තරග පිටියට පිවිසි ධනුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් මෙම තරගයේ දී ගාලු ඉනිම ආරම්භ කල අතර ඔවුන් දෙදෙනාගේ සබදතාවය ලකුණු 8කට සීමා වුණේ ධනුෂ්ක ලකුණු 8කට දවා ගැනීමට පළමු පන්දුවාරයේ දී ම සුරංග ලක්මාල් සමත් වීමත් සමගයි.

 

කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියා. මොහොමඩ් හෆීස් ලකුණු 15ක් ලබා ගත් අතර, බෙන් ඩන්ක් රැස් කළේ ලකුණු 17ක් පමණයි. කෙසේ වෙතත්, මෙවර තරග වාරයේ පළමු අර්ධ ශතකය ද සිය පිත්තෙන් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට නායක භානුක රාජපක්ෂ අවශ්‍ය පසුබිම සකසමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින්  පන්දු 31කින් ලකුණු 56ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්. සමිත් පටෙල් පන්දු 31කින් ලකුණු 42ක් රැස් කළා. හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

 

පන්දු යැවීමේ දී ජෙයිඩ්න් සීල්ස් ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින්ට පන්දුවාර 18.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණූ 110ක් පමණයි.

 

ආරම්භක පිතිකරුවන් වූ උපුල් තරංග ලකුණු 17කටත්, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 11කටත් දැවී ගියා. ටොම් කොහ්ලර් කැඩ්මෝර් රැස් කළේ ලකුණු 10ක් පමණයි.

About The Author

Leave a Reply