අපනයන බෝගයක් ලෙස කංසා වගාව නීතිගත කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සමගි ජන බලවේගයේ මන්ත්‍රිනි ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ සභාව කල් තැබීමේ යෝජනාව ඊයේ (07දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි ශාන්ත බණ්ඩාර විසින් ස්ථිර කරනු ලැබුවා.
කංසා වගාව ඉතා වටිනා අපනයන බෝගයක් මෙන්ම එය විෂාදය ඇතුළු බොහෝ රෝගවලට වටිනා ඖෂධයක් බවත් මෙම වගාවෙන් ලෝකයේ බොහෝ රටවල් විශාල ආදායමක් උපයන බවත් ඩයනා ගමගේ මන්ත්‍රිවරිය යෝජනාව ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවා.