
කාර්යක්ෂම සහ සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් ජනතාව වෙත ලබාදීමට මේ වනවිටත් නව සැලසුම් සකස්කර ඇති බවත්, ඒ සදහා නවීන තාක්ෂණය භාවිතා කරමින් ප්‍රවාහන සේවා ඩිජිටල්කරණය කිරිමට කටයුතු කරන බවත්, ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරනවා.
2022 වසරේ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රවාහන සැලැසුම් පිලිබඳව අමාත්‍යාංශයේ නිලධාරින් සමග ඊයේ (07) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරිය මෙම කරුණු අවධාරණය කල අතර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක “සහසර” ව්‍යාපෘතිය තුළින් ඩිජිටල්කරණ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවත්, එහි එක් පියවරක් ලෙස පෞද්ගලික බස්රථ 2000ක් සඳහා GPS තාක්ෂණය ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තව දුරටත් කියා සිටියා.
වැඩි දුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරිය පැවසුයේ – බස්රථ සදහා GPS තාක්ෂණය ලබාදීමත් සමග ජනතාවට තම ගමන් සඳහා යොදා ගන්නා බස්රථ කුමන වේලාවට ලගා වෙන්නේද, එහි සිටින මගී සංඛ්‍යාව ඇතුළු සවිස්තරාමක වාර්තාවක් තම ජංගම දුරකථනයට ලබා ගැනිමේ හැකියාව ඇති Mobile App පහසුකම නොමිලේ ලබා දීමට කටයුතු කරනු බවයි.
2022 වසරේදි මගී ජනතාවට විද්‍යුත් ප්‍රවේශපත්‍රයක් (E-Ticket ) හඳුන්වාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කරන බවද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදි අවධාරණය කළා. කොළඹ නගරයේ මාර්ග තදබදය අවම කිරිමේ අරමුණ ඇතිව Park and Ride ක්‍රමය පුළුල් කිරිම සඳහා ප්‍රධාන නගර 08ක තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 08ක් ස්ථාපිත කිරිමට ප්‍රවාහන අමාත්‍යාශයේ කටයුතු කරන බවද සඳහන් කලා.
එමෙන්ම බස්රථ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය හා සුබසාධනය සඳහා වු ආයතනයක් සම්බන්ධ කර ගැනීමට සැලැසුම් සකස් කර ඇති බවත් මෙම සාකච්ඡාවේදි අමාත්‍ය පවිත්‍රා වන්නිආරච් මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා.