1587024108-Special-meeting-of-Election-Commission-on-April-20-B

නීතී විරෝධී ලෙස සිදු කෙරෙන මැතිවරණ වියදම් සහ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වන පැමිණිලි විභාග කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට “මැතිවරණ විනිශ්චය අධිකාරියක්” සඳහා වන බලතල අවශ්‍ය බව එම කොමිෂම පවසනවා.

 

ඒ “මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව” හමුවේදීයි.

 

එම කොමිෂමේ නිලධාරීන් මෙම කරුණු ඉදිරිපත් කළේ, මෙම විශේෂ කාරක සභාව එහි සභාපති සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදීයි.

 

අසීමිත මැතිවරණ වියදම් සහ විවිධාකාර ක්‍රම ඔස්සේ වන මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කරන පැමිණිලි හා අනෙකුත් මැතිවරණ වැරදි විභාග කිරීමේ බලතල මැතිවරණ කොමිෂන් සභාවටම හිමි වූහොත් ඒ සම්බන්ධයෙන් වන තීරණ ලබා දීමේ කාලය අවම වන බව එම කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචි හේවා ප්‍රකාශ කර තිබෙනවා.

 

අධිකරණ ක්‍රියාවලියකදී ඒ සඳහා විශාල කාලයක් ගත වන බවත් තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමඟ ම විවිධාකාර නවීන ක්‍රම ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී නීතී උල්ලංඝනය වන බවටත්, ඒවා නියාමනය කිරීමට අවශ්‍ය බලතල ලබා දිය යුතු බවටත් මෙහිදී අදහස් පළවී ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ.

About The Author

Leave a Reply