1638939805337

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරදා කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඊයේ (7) සමත් වුණා.

 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 143ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

 

කැන්ඩි කණ්ඩායමේ කෙනාර් ලුවිස් ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම  ලකුණු නොලබා දැවී ගියා. චරිත් අසලංක ලකුණු 6කට දැවී ගියා. අනතුරුව අහ්මඩ් ෂෙසාඩ් හා කමිදු මෙන්ඩිස් 3 වැනි කඩුල්ල සදහා ලකුණු 83(57)ක සබදතාවයක් ගොඩ නැගුවා.කමිදු ලකුණු 32(25)යි. තිලකරත්න සම්පත් පන්දු 9කින් නොදැවී ලබා ගත් ලකුණු 19යි.

 

පන්දු යැවීමේ දී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් සමිත් පටෙල් ලකුණු 13කට කඩුලු 3ක් බිද හෙලුවා. ධනංජය ලක්ෂාන් ලකුණු 11කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

 

ගාලූ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ධනුෂ්ක ගුණතිලක සමත් වුණේ පන්දු 33කින් ලකුණු 45ක් රැස් කරමින්. හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. කුසල් මෙන්ඩිස් පන්දු 21කින් ලකුණු 16යි . මොහොමඩ් හෆීස් ලකුණු 13කටත්, බෙන් ඩන්ක් ලකුණු 3කටත් දැවී ගියා. සමිත් පටෙල් ලකුණු 4යි. නායක භානුක රාජපක්ෂ පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගනිමින් ගාලු ඉනිම ශක්තිමත් කල අතර ළහිරු මදුෂංක පන්දු 13කින් නොදැවී ලකුණු 22 හා ධනංජය ලක්ෂාන් පන්දු 4කින් නොදැවී ලකුණු 10ක් ලබා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

 

කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී සචිදු කොළඹගේ ලකුණු 20කට කඩුලු 3ක් බිද හෙලුවා.

About The Author

Leave a Reply