federal-election-2021

2016 වසරෙන් පසු සාමාජිකයින් පත්කර නොමැති ශ්‍රී ලංකා හෙද සභාවට ඉදිරි වසර 5 ක කාලයක් සඳහා නව සාමාජිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 32 කදී එළඹෙන සෙනසුරාදා (11) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනවා.

 

ශ්‍රී ලංකා හෙද සභාවේ හෝ වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ඇති රට පුරා රෝහල්වල සේවය කරන මාණ්ඩලික ශ්‍රේණියේ හා විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන්ට, ආයුර්වේද හා පෞද්ගලික රෝහල්වල හෙද හෙදි නිලධාරීන්ට තමන්ට අදාළ රෝහලේ හෝ හෙද විදුහලේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ගොස් ඡන්දය භාවිතා කළ හැකි අතර ඡන්දය භාවිතා කිරීම සඳහා ජාතික හැඳුනුම්පත/ විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රයත්, හෙද සභාවේ හෝ වෛද්‍ය සභාවේ ලියාපදිංචි බවට තහවුරු කළ හැකි හැඳුනුම්පතක් හෝ ලියාපදිංචි සහතිකයේ සහතික කරන ලද පිටපතක් සහ සක්‍රීය රාජකාරියේ යෙදෙන බවට රෝහල් බලධාරියකු විසින් සහතික කළ සේවා ස්ථාන සහතිකයක් යන ලේඛන රැගෙන ආ යුතු බවත්, රෝගී සත්කාර කටයුතුවලට බාධා නොවන පරිදි ඡන්දය භාවිතා කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ කළා

About The Author

Leave a Reply