
එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (UNCTAD) විසින් 2021 වසර සඳහා නිකුත් කරන ලද සමුද්‍රීය ප්‍රවාහන සමාලෝචන වාර්ෂික වාර්තාවට අනුව දකුණු ආසියාවේ හොඳම සම්බන්ධිත වරාය (best-connected port in South Asia) ලෙස කොළඹ වරාය නම් කර තිබේ.
ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ හොඳම සම්බන්ධිත වරාය වූයේ කොලොම්බියාවේ කාටජිනා වරායයි. නිව්යෝර්ක් / නිව්ජර්සි උතුරු ඇමරිකාවේ හොඳම සම්බන්ධිත වරාය ලෙස නම් කර ඇති අතර අප්‍රිකානු කලාපයේ ප්‍රමූඛයා වී ඇත්තේ මොරොක්කෝවේ ටැන්ජර් මෙඩ් වරායයි.
2021 අප්‍රේල් මාසයේදී, සමුද්‍රීය වෙළඳාම සහ ප්‍රවාහනයට අදාල පාර්ශවකරුවන්ට මගපෙන්වීම සඳහා ලෝක බැංකුව සහ බ්‍රිතාන්‍යය මූලස්ථානය කර ගත් IHS Markit ආයතනය එක්ව බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකය (Container Port Performance Index – CPPI) නමින් නව දර්ශකයක් ප්‍රකාශයට පත් කරන ලදී.
ඉහත කී UNCTAD 2021 වාර්ශික වාර්ථාව සකස් කිරීමේදී ද CPPI දර්ශකය පදනම් කර ගෙන තිබේ. වරාය වෙත පැමීණෙන නෞකා ප්‍රමාණය, හුවමාරු වන බහාළුම් ප්‍රමාණය, බහාළුම් මෙහෙයවීමේ වේගය වැනි කරුණු මත මෙම දර්ශකයේ වරායන් ස්ථාන ගත කර ඇති අතර එම CPPI දර්ශකයේ ලොව හොඳම වරායන් 25න් 17වන ස්ථානය දිනා ගැනීමටද කොළඹ වරාය සමත් වී තිබේ.
-විශ්ව චින්තන –