
බ්‍රසීල ජාතික ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිනියක් අද (09) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
කැරොලයින් අරවුයෝ නම් වන 23 හැවිරිදි කාන්තාවක් වන ඇය සිංගප්පූරුවේ කාලයක් රැඳී සිට සිංගප්පූරු ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.
ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුවක් එම කාන්තාව වෙනුවෙන් නිකුත් කර ඇති අතර ඇයව යළිත් බ්‍රසීලය වෙත පිටුවහල් කිරීමට කටයුතු කර ඇති බවයි ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ.