2021.11.26.15h0m21s-01

– 3 වෙනි කොටස –

“සොරි”
ඔක්කොම කරලා සොරි කියලා කිව්වම හරියනවද?
මම රතු වූ මුහුණින් පැවසුවේ තරහිනි.

“ඒ දේවානි… Sorry කියලා කිව්වනේ බං Relax වෙයන්” සයුමි පැවසුවේ මගේ අතින් අදිමිනි.
පහව නොගිය තරහින් මා නැගිට්ටේ මා අසලින් හිටගෙන මගේ මුහුණ දෙසම බලාගෙන සිටින ඔහුගේ කම්මුලට ගැසීමට තරම් තරහෙනි.

“මිස්ලා ඉන්න  මම මිස්ලගෙ order එක ගේන්නම් මේ මිස්ට පුළුවන් අපේ Washroom එක Use කරලා Clean කරගන්න ”
මගේ වම් කකුල ලෙස බලා එසේ පැවසුවත් ඔහු ඉවත බලමින් සිනාසෙන අයුරු දුටු මට තවත් තරහා ගියේ මටත් නොදැනීමය .

“අනේ මේ ඉන්නවද පාඩුවේ තමන්ගෙ වැඩක් බලාගෙන අපිට තමුන්ගේ විකාර බලන්න වෙලාවක් නෑ හරිද,

ඉක්මනට ගේන්න අපි ඕඩර් කරපු Ice Cream ”

“ඕකේ මිස් ”

ඔහු ඉවත්ව ගියෙත් යෙහෙලියන් මා දෙස අමුතු ජීවියෙක් දෙස බැලුවේත් එක් වරය.
” ඒ මේ උඹම ද දේවානි,
වෙනදට සයුමි නේ ඔහොම හැසිරෙන්නේ ”

කිසි දෙනෙක කිසි කිසිවෙකුට හිත රිදෙන පරිද්දෙන් කතා නොකරන මා ඔහුට සැලකූ අයුරු මටද පුදුමය .

” නෑ අනේ මන්දා බං මට පුදුම විදිහට තරහ ගියා ”

” ඒත් ඌ නම් උඹේ තරහ සත පහකට ගණන් ගත්තේ නෑ බං
ඌ උඹේ දිහා බලාගෙන හිටියෙ මෙන්න මෙහෙම ”

සයුමි ඔහු බලා සිටි අයුරු පෙන්වමින් සිනහා වුවත් මට තවත් තරහා ගියේ ඒ රුව සිහි වීමෙනි.

” ආ.. නංගිලා නේ, අද නේද Exam ඉවර වුණේ ? ”

Ice Cream Hut එකේ අපේ මිතුරු ලක්ෂාන් අයියා ආවේ දුෂ්ඨයා ඇඟේ වැටුණු Ice Cream නිසා අපිරිසිදු වූ ටයිල් පොළොව clean කිරීමට මොබ් එක ද අතැතිව ය.
ඔහුගේ ලෙන්ගතු කතාවත්, Ice Cream Hut එකෙහි ඇති පිරිසිදු බවත් ඒ වගේම Ice Cream වල ප්‍රණීත බවත් නිසාම අප පස් දෙනා වගේම අපේ බාලිකා පාසලේ බහුතරයක්ම Ice Cream Hut එකට ඒමට හුරු වී ඇත.

“ඔව් අයියෙ අද ඉතින් අපි ඒක සෙලිබේට් කරන්නත් එක්ක ආවෙ. අයියා අද පේන්න හිටියේ නෑනේ වෙන කෙනෙක් හිටියෙ.”

” ඔව් නංගි මම ටිකක් බැංකුවට ගිහින් එන්න ගියා අපේ පොඩි බොස්ගෙ වැඩකට.
මොකෝ මේ සුදු නංගිගේ මුණ රතු වෙලා ”

“එයාට ටිකක් තරහ ගිහිල්ලා අයියෙ “සයුමි පැවසුවේ සිනහව හිර කර ගනිමිනි .

“අඩේ ඒ මොකද ඒ කවදාවත් නැතුව”

” කවුද අනේ අර බූරුවා” මම ඇසුවේ අප සිටින ටේබල් එක අසලට පැමිණෙන දුෂ්ඨයා දෙස බලමිනි .

“ආ..ඒ මේ අපේ…”
ලක්ෂාන් අයියා ඔළුව කසමින් පවසන්නට හැදූ වචන ගිල ගත්තේ ඔහු අප අසලට ආ බැවිනි.

” මෙන්න මිස්ලා ඉල්ලපු ඕඩර් එක. අපි යමු ලක්ෂාන් එහෙනම් මිස්ලාට Disturb නොකර ”

” අපි යනවා නංගිලා එහෙනම් ”

” අරූ හැබැයි හෙන ඩීසන්ට් බං…
Ice Cream Hut එකක වැඩ කරන්න ඕනේ එකෙක් නෙමෙයි, ඌ නම්… බලපන්කෝ බං ලක්ෂාන් අයියා වගේ නෙවෙයි.” සයුමි පැවසුවේ ඉවත්ව යන ඔවුන් දෙස බලමිනි .

“මිස් කිව්ව නිසාද ලක්ෂාන් අයියා වගේ නංගි නොකියා “මා පැවසුවේ පහව නොගිය තරහිනි.

” පිස්සුද බං එහෙම නිසා නෙවෙයි මන්දා මට හිතුනා උගේ හැසිරීමෙන් ”

“හරි හරි ඉක්මනට කමු නැත්නම් Ice Cream එක දියවෙයි”

“දැන් කවුද Pay කරන්නේ කැෂියර් එකට ගිහින් හැමෝම තමන්ගේ Ice Cream එකෙහි ගානත් පියුමාලි මිස්ට ගෙනියන Ice Cream ටබ් එකෙහි ගානට තමන්ගේ කොටසත් මේසය උඩින් තබමින් ඇසුවේ එකිනෙකාගේ මුණවල් දෙස බලමිනි.

” මම ගෙවන්නම්” මා නැඟී සිටියේ මේසය උඩ තිබූ බෑගයේ තිබූ පර්ස් එකද අතට ගනිමිනි .

“උඹ ගියාට කමක් නෑ ආයෙ අර අහිංසකයගෙ කනට දෙකක් නොදී වරෙන් හොඳේ”සයුමි පැවසුවේ සිනාසෙමිනි.

“හරි හරි මාත් සිනාසෙමින් කැෂියර් එක අසලට ගියත් සිනහ වෙමින් සිටින ඔහු දකිද්දී සිතුනේ ඔහුට රිදවන්නටමය.

“හ්ම්….
ඒත් අද අපේ Ice Cream හට් එක දාල අවුරුදු පහක්
ඒ නිසා මිස් අපේ Customers ලට Free දෙන්න අපි හිතුවා ”

“අනේ මේ බොරු නොකියා ඉන්නවද ගන්න මේ සල්ලි මට තව Chocolate Ice Cream ලීටරයේ ටබ් එකකුත් ඕනි”

” අනේ මිස් ඔහොම තරහ ගන්න එපා ඔය සුදු මූණ රතුවෙන දිහා බලන් ඉන්නෙ කොහොමද එතකොට ”

“ඇයි මොකද”

” නෑ… ඉතින් එතකොට අපේ මල් වගේ අහිංසක හිත් හරියට අසරණ වෙනවනෙ මිස් ඔහු පැවසුවේ දසන් සියල්ල පෙන්වා සිනාසෙමින් මා දිහා බලාගෙනම ය.

” අනේ මේ පාඩුවේ ඉන්නවද කෝ දෙනවා Ice Cream එක..
මෙන්න ගන්න සල්ලි”
මා අතේ තබාගෙන සිටි රුපියල් දෙදාහ ඔහුට දික් කලේ ඔහුට රවමිනි.

“Ice Cream එක දී ඉතුරු සල්ලි මා හට දෙද්දී මගේ අතින් ඔහු අල්ලාගත් නිසාවෙන් මා හට තරහක් නැගුනේ අසරණ කමිනි.
අප්පච්චි හැරුණු කොට කිසිදු පිරිමියෙක් ස්පර්ශ නොකළ මගේ අත අල්ලා සිටි ඔහු කෙරෙහි මා හට දැනුණේ තරහකි.

” යන්න දෙන්න මට ”
කඳුළු පිරුණු දෑසින් මා පැවසුවේ උගුරෙනි.

” අඬන්න එපා බබා..යන්න”
ඔහු මා අත මුදා හැරියේ සමාව අයදින දෑසින් යුතුව ය .

– එන සතියේ හමුවෙන තුරු මඳ විරාමයක් –

About The Author

Leave a Reply