FB_IMG_1647160288412

❤️රාජකාරියට එහා මනුසත්කමක් අත්දුටිමි❤️
දිනය:- 2022/03/09
වේලාව:- රාත්‍රී 7.30 ට පමන
ස්ථානය:- අධිවේගී පිටවීම(කඩවත)

✍️ මා කොට්ටාවෙන් අදිවේගී මගට පිවිසුනේ මදව්ච්චිය බලා යාමටයි… කඩවතින් පිටවීමට යාමේදී මුදල් ගෙවීමට සූදානම් ව බැලූ විට මා මුදල් පසුම්බිය නිවසේ දමා ගොස් බව වැටහුනි…
කලමනක් නොමැති කල මා වාහනය පසෙකින් නවතා කාර්‍යයේ නියුතු පොලිස් නිලධාරීතුමෙක් මුන ගැසී සිදු වී ඇති ඇබැද්දිය ය පැවසූවෙමි…
සාවදානව මා වෙත ඇහුම්කන්දුන් එතුමා පැවසුවේ ඔබතුමාට දැන් මොකද්ද වෙන්න ඕනෙ? කියල විතරයි…(ඒ ස්වරයම මට මහත් අස්වැසිල්ලක් විය)
මා යාමට ඇති දුරත් තේ එකක් බීමටවත් මා සතුව මුදල් නොමැති බවත්. හැකිනම් මාගේ ගිනුමෙන් එතුමන්ට මුදල් හුවමාරු කල හැකි බවත්.. එම මුදල මා වෙත ලබා දිය හැකිනම් මහත් උපකාරයක් බවත් මා පැවසූවත්… නන්නාදුනන පුද්ගලයෙක් එම උපකාරයට සූදානම් නොවේ යැයි මාගේ යටි සිතේ මතය විය.
මිනිසත් ගුණදමින් හෙබි එතුමා ඇතුලු ඒ අවස්තාවේ කාර්‍යයේ නියුතු අනෙක් නිලධාර්‍රීන් දෙදෙනාද මා වෙත පැමින. මට උදව් කිරීමට ඉදිරිපත් විය…
මුලින්ම එක් නිලධාරී මහතෙක් මා වෙත මුදල් දී ටිකට් පත ගෙවා වාහනය පිටතට ගැනීමට උදව් කලේය 🙏
නමින් (සාජන්ට් කුසුමපාල)නිලදාරී මහතා කියා සිටියේ මුදල් ගිනුමට හුවමාරු කරන්න. පසුව අප දෙදෙනා බන්කුව වෙත ගොස් කාඩ් පතින් මුදල් ගමු කියාය)කාර්‍ය බහුල අවස්තාවක එසේ ඉදිරිපත් වීමම මා හට අරුමයක් විය. මා මුදල් බර කල පසු එතුමන් පැවසූ දෙය කිසිසේත් ඇදහිය නොහැකි දෙයක්

(❤️මම කාඩ් එක දෙන්නම් ඔබතුමා ගිහින් සල්ලි ටික අරං,මට කාඩ් එක ආපහු ගෙනත් දෙන්න.)
ඉනේ ඇදුමත් උදුරං දුවන සමාජයක මා කෙරෙහි ඒ තැබූ විශ්වාසයට හිස නමා ආචාර කරමි🙏 සහ එවන් සිතිවිලි උපදින ඔබේ ලතෙත් සිත මනුසත් බවේ කැඩපතක් සේ සලකමි)

✍️✍️පොලිස් දෙපාර්තමේන්තුව යනු බොහෝ විට මිනිසුන්ගේ නින්දා අපහස වලට ලක්වන ආයතනයකි…
නමුත් මෙවන් දෙවියන් බදු රාජකාරිය පරයා මහ මග මිනිසුන්ට පිහිට වන බහුතරයක් නිලධාරීන් සේවය කරන බවට මේ සිදුවීම හොදම සාක්ශියකි.. ඒ නිසාවෙන්ම ලියමි✍️

❤️සාජන්ට් කුසුමපාල ❤️ සාජන්ට් තිලකරත්න සහ ❤️ සාජන්ට් ප්‍රියන්ත…

මා අසරණ වූ මොහොතේ ඔබ තුමන්ලා මා හට දැක්වූ උපකාරය අතා අමිලයි…
අනේක්වාරයක් ස්තූතියි 🙏🙏🙏

උතුම් මිනිසත් හදවත් ඇති ඔබ වන් නිලධාරීන්ට දළදා සමිදු පිහිට පතමි🙏🙏🙏

✍️ තිලාන් එච් පතිරණ

About The Author

Leave a Reply