1647503942290

————– මනුස්සකම …. ———

ඊයෙ වැඩ ඇරිල එද්දි ස්කූටරේ බෙල්ට් එක කැඩුනා… වෙලාව හවස 7යි .. මේ වෙලාවට බස් නැති.. ගෙදරට තව 30km විතර තියන පාරකදි.. එහෙම උනාම දැනෙනෙ සැප ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.. අනාත වෙලා ගරාජ් හොය හොය ෆුල් කිට්කරලා😁 එහෙට මෙහෙට තල්ලුකරද්දි මේ අයියා පොඩි දරුවෙක් එක්ක කඩයක් ලග හිටියා.. විස්තරේ කිව්වාම එයා ලගට ඇවිත් කිව්වා ගලවලා බලමුද කියලා.. එතකොට ඇගට ලේ ටිකක් ඉනුවා වගේම පොඩි බයකුත් ඇතිවුනා…ජීවිතේට දැකලනැති මනුස්සයෙක්, මේ ගැන දැනුමක් තියනවද දන්නෙත් නෑ..ඕන මගුලක් වෙන්න කියල මම හා කියපුවාම ..මට බයික් එකට නගින්න කියල මෙයා පිටිපස්සෙන් කකුලෙන් තල්ලු කරගෙන 1km විතර එහා තියන එයාගෙ ගෙදරට එක්කගෙන ගිහින්.. එහා ගෙදරින් යතුරු ඉල්ලගෙන ඇවිත් ගලවන්න හදද්දි මට පොඩි අමුත්තක්.. කතාබහෙයි, ගමනෙයි තේරුණා.. අවංකවම මම හිතුවෙ පොඩි අඩියක් ගහල ඇති කියල..😁 (බාහිර ස්වරූපයෙන් අපි මිනිස්සු මනින හැටි..).. කොහොම හරි මෙයා මේක ගැලෙව්වා..ගලවලා එයාගෙ බයික් එකේම මාව දාගෙන 5kmක් විතර එහා තියන ටවුන් එකට ගිහිල්ල වහල තියන කඩයකට පිටිපස්සෙන් ගිහින් කතා කරලා බෙල්ට් එකක් අරගෙන ගෙදර ඇවිත් ඒක හයිකරලා..එහා පැත්තෙ තියන වැල්ඩින් වැඩපලට ගෙනිහින් අවශ්‍ය විදිහට ඒක හරියටම හදල දුන්නා.. ඔහු ඒකට පැය ගානක් ඇදන් හිටපු ඇදුම පිටින්ම මජන් ගාගෙන මහන්සි වුනේ..ඔහු ඒ උත්සහය අතැරියෙම නෑ..මම බයික් එක දාල යන්න යද්දිත් කිව්වෙ..නෑ නෑ බයවෙන්න එපා අපි කොහොම හරි මේක ගොඩදාගමු කියලා..එත් පොඩි අමුත්තක් දැනුනු නිසා මම ඇහුව අයියා මොකද කරන්නෙ කියලා.. “මල්ලි මම නේවි එකේ මැකෑනික් වැඩ කරන්නෙ ලොකු තෙල් බව්සරේක බොනට් එකක් මගෙ ඔලුව උඩට වැටුනා. මේ බෙල්ලට ප්ලේට් එකක් දාලා තියෙන්නෙ.. කතාකරන්නෙ අමාරුවෙන්..සුසුම්නාවෙ ප්‍රශ්නයක් නිසා ඇවිදින්න අමාරුයි.. කැචස් එකෙන් යන්න කියල තියෙන්නෙ බයික් පදින්න එපා කියල තියෙන්නෙ..මට සයිකො කියලා ඩොක්ටල ලගට දැම්මා..ඒ බෙහෙත් බීවම කොහොමත් පිස්සු හැදෙනවා .. මට පිස්සු නෑ.. මම දැන් සිංහල බෙහෙත්කරන්නේ දවස්ගානක් කොළඹ ක්ලීනික් යන්න වුනා..මම ඒව නැවැත්තුව. වන්දියක් ලැබුනා..එත් මට වුනු දේ සල්ලි වලින් මනින්න බෑ.. මම ඒව එකක්වත් දැන් ගනන්ගන්නෙ නෑ .. මට රෙස්ට් කරන්න කියල තියෙන්නෙ ..ඒත් සමහරු හිතනවා මම බොරුවට ඉන්නවා කියල..කාගෙවත් කතා අහන්න මම කැමති නෑ..ඒ නිසා මම හිතාගත්තා මාව දුර්වල වෙලා වැටෙනකල්ම වැඩ කරන්න..මම දැන් නිවාඩු ඇවිත් ඉන්නේ හෙට වැඩට යනවා.. ” ඒ වචන ටිකට පපුව පිච්චිලා ගියා.. මාව කකුලෙන් තල්ලුකරන් ඇවිත්.. පැය ගානක් මහන්සි වෙලා.. බඩු ගේන්න ගිහින්. ආයුධ හොයන්න පයින් ඇවිදලා..බයික් එක හදල දීල.. මට හැකි අයුරින් සංග්‍රහ කරලා. හදපු බයික් එකේ මාවත් දාගෙන ගිහින මටත් පැදල බලන්න කියලා රෑ 10/30 ට මාව පිටත්කරල ඇරල මග යනකොටත් කෝල් අරං..හොයල බලපු මේ අයියව අනිවාර්යයෙන් අනිවාර්‍යෙන් අගයකලයුතු නොවේද … මිනිසුන් අතර දුකට පිහිට වුනු මටනම් ඔබ දෙවියෙක්…බුදුසරණයි ..ඔබ වැනි මිනිස්සුට කවමදාවත් වරදින්නෙ නෑ.. ලෝකෙට ඕනෙ ඔබ වැනි මිනිස්සු ..එත්කොට තමා මේ ලෝකේ ලස්සන ..💙🙏🙏🙏🙏🙏🙏🙏🙏

චන්න නිලංග ගේ මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී

About The Author

Leave a Reply