1648003042016

කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් වන දීපිකා රසාංජලී සමත්ව තිබෙනවා.

ඇය බහරේන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් මෙම දක්ෂතාවය දැක්වීමට සමත් වුණා.

සෞදි අරාබි කාන්තා කණ්ඩායම සහ බහරේන කාන්තා කණ්ඩායම අතර පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බහරේනය නියමිත පන්දුවාර 20 අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 318ක් රැස් කළා.

මේ අතර කාන්තා විස්සයි විස්ස තරගයක කණ්ඩායක් ඉනිමක වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

එහිදී බහරේනය වෙනුවෙන් දීපිකා රසාංජලී පන්දු 60කදී හතරේ පහර 31ක් සමඟින් නොදැවී ලකුණු 161ක් රැස් කිරීමට සමත් වු අතර එය වාර්තා අතරට එක් වුණේ විස්සයි විස්ස ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩිකාවක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ලකුණු 319ක ඉලක්කය හඹායාම සඳහා පිටියට පිවිසි සෞදි අරාබි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 49ක් පමණයි.

(උපුටා ගැනීමකි)

About The Author

Leave a Reply