FB_IMG_1648602732735

අද උදේ මොරටුවට ගියා… නෝනව ඉස්කෝලෙට දාන්න.
එනගමන NSB ATM එකට යන්න මම වාහනේ කලුතර පැත්තේ නවත්තලා පාර පන්නින්න කහ ඉර පැත්තට යනකොට මතක් වුනා උදේ යද්දී නෝනා එලවලු දෙකක් තුනක් අරං යන්න කියපු කතාව…

ඉතිං එතනම තිබුන මේ එලවලු කඩේට මම ගොඩවුනා…
ගනන් හරිම සාදාරණයි….
ඒ වගේම එලවලු හුගාක් නැවුම්…
මාත් අහුවෙන අහුවෙන එක ගත්තා…
අතේ තිබ්බ සල්ලී මදි වෙයි කියලා බයට මුදලාලී ඉන්න තැන කාඩ් මැසිමක් තියෙනවද කියලත් බැලුවා…
දෙයියනේ කාඩි මැසිමක් මම දැක්ක විදියට එතන නෑ..
කමක් නෑ සල්ලී මදි වුනොත් එහා පැත්තේ නේ ATM එක කියලා හිත සංසුන් කරගත්තා..
කොහොමහරි
අන්තිමට මම එලවලු ජාති 12 අරං එවායේ බර කිලෝ 4 . Gram 640 ක්.
ඒත් ගාන රු999.00 🤔

මේවගේ ගානක් ආපු එකට මුදලිටත් පුදුමයි මං දාහක් දීල එලවලු මල්ල අතට ගත්තා…

මහත්තයා රුපියලක් ඉතුරුයි… මෙන්න..
මම කිව්වා නෑ අයියේ එකට කමක් නෑ…

නැ මහත්තයෝ අපි වෙන කඩවල් වගේ ඉතුරු නැතිවුනාම ටොපි ගිනිපෙට්ටි දෙන්නේ නෑ…
මගේ තාත්තා මැරෙන කොට කිවා කාටවත් රුපියලක්වත් අඩුවක් තියන්න එපා කියලා…🥰

වෙනම ලාච්චු පෙට්ටියක් හදලා මාරු කාසි පුරෝල ඔහු ඒ වෙනුවෙන් තියාගෙන ලස්සන හිනාවක් මුණේ තියං මං දිහා බලලා එහෙම කිව්වා.

ඉතිං එතුමා උදේම මාර කතාවක් කියලා මගේ දවස ලස්සන කලා.
අද රුපියල හුගාක් බාල්දුවෙලා… මනුස්සකම ඊටත් වඩා බාල්දුවෙලා..
එත් මෙහෙම සාධාරණව.. තමන්ගේ වෙලදාම කරන මහත්වරු අපි අතර ඉන්නවා.😊

ඒ මහත්තයාගේ ව්‍යපාරය දිනෙන් දින දියුණුවෙලා හැමදම හරියන්න ඔනේ.🤛
මෙවගේ අමාරු කලේක මිනිස්සු ගැන හිතලා මිනිස්සුන්ගේ පැත්තේ හිට ගත්තට ඔයාට හුගාක් පිං.
ඔයාට ජිවිත දර්ශනය උගන්නපු ඒ පියාණන්ටත් නිවන්සුව🙏

මොරටුව අවට නං යන්න දවසක ඒ සාදරණ මනුස්සයා හම්බෙලා අලුත් එලවලු ටිකක් ලබේට ගන්න.

ස්තූතියි ඔබේ මිනිසත්කමට🥰🤛🙏

Nishantha Hewamadduma ගේ මුහුණු පොතේ සටහනක්

About The Author

Leave a Reply