මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරමින් ලොව පුරා ජනාදරයට පත් යොවුන් ගායිකා යොහානි ද සිල්වා හට නැඟෙනහිර කොළඹින් පර්චස් 10ක ඉඩමක් පිරිනැමීමට රජයේ අවධානය යොමු වී තිබේ.
නව පරපුරේ ගායිකාවක් ලෙස ලාංකේය ගීතයක් අන්තර්ජාතික තලයට රැගෙන ගොස් ඇය අත්කර ගත් රසික ප්‍රසාදය සැලකිල්ලට ගනිමින් ඇයට මේ ඉඩම ප්‍රදානය කිරීමට රජය තීරණය කර ඇත.
මේ ඉඩම් කැබැල්ල බත්තරමුල්ලේ රොබට් ගුණවර්ධන මාවතෙන් දීමට යෝජනා වී ඇති අතර 1996 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට දී ඇති ඉඩම් කොටස්වලට යාබදව එම ඉඩම පිහිටා තිබේ.