
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංචාරක සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට රුසියාව තීරණය කර තිබෙනවා.
එයට අදාළ ලිපිය ඊයේ (10) දින නිල වශයෙන් එම සංවිධානයට ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එසේ ඉවත්වීමට හේතු වී ඇත්තේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ජගත් සංවිධානයේ සංචාරක සංගමය විසින් පසුගියදා රුසියානු සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවනු ලැබීම නිසා වේ