
ඌව පැත්තේ නම් ජාතික ආහාරය මොකද්ද කිව්වොත් මඤ්ඤොක්කා කොළ මැල්ලුම කියන තරමටම ඒක ඒ පැත්තේ නම් හරි ජනප්‍රියයි. ඒත් ඉතින් සමහර පළාත්වල ආහාරයට ගන්නේ නෑ විසයි කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය
මඤ්ඤොක්කා කොළ
තිබ්බටු
රතුළූණු
වියළි මිරිස්
ගාගත් පොල්
ලුණු
තෙල්
සාදාගන්නා ආකාරය
මුලින් ම කෙටිල්ලක් තියෙන්නේ. හොඳින් පිරිසිදු කරගත්තු මඤ්ඤොක්කා කොළ වතුර ටික බේරුණාට පස්සේ වංගෙඩියේ දාලා කොටන්න ඕනි. ටිකකින් මේකට තිබ්බටු එකතු කරලා කොටාගන්න. මේ වෙලාවෙම කොච්චි කරල් කීපයක් එකතු කරොත් රහ වැඩි වෙනවා.
ටිකකින් ගාගත්තු පොල් ටික දාලා කොටන්න. හොඳින් කෙටුණාට පස්සේ මේ මිශ්‍රණයට වතුරයි ලුණුයි දාලා පොඩ්ඩක් තැම්බෙන්න අරින්න ඕනි. වෙන මොකටවත් නෙවෙයි කොළ එකේ අමු ගතිය නැති කරන්න. ගොඩක් වෙලා තැම්බෙන්න තියන්න අවශ්‍ය නැහැ.
වතුර ටික හිඳුන ගමන් කොළ මිශ්‍රණය වෙනත් භාජනයකට දමා ගන්න ඕනි. ඊට පස්සේ භාජනයක් ලිප තියලා, තෙල් ටිකක් දාලා, ළූණුයි වියළි මිරිසුයි දාලා බැදෙන්න අරින්න. ඊට පස්සේ කොළ මිශ්‍රණය දාලා මලවගන්නයි තියෙන්නේ.