IMG-20220616-WA0000

රණවරා කියන්නේ අපේ ආයුර්වේදයේ නිතරම සඳහන් වෙන නමක් . රණවරා කෑවාම හමේ පාට වැටිලා ලස්සන වෙනවා කියලාත් කියනවා.රණවරා මැල්ලුමක් හදාගන්න විදිය බලමු එහෙම නම්

අවශ්‍ය ද්‍රව්‍ය

රණවරා කොළ
රතුළූණු
අමුමිරිස්
ලුණු
ගාගත් පොල්
සාදාගන්නා ආකාරය

රණවරා කොළ ටික හීනියට ලියාගන්න. රතුළූණු ටිකයි අමුමිරිස් ටිකයි හීනියට කපාගෙන ඒවා ගාගත් පොල් එක්ක මිශ්‍ර කරගන්න. ලුණු අවශ්‍ය පමණින් එකතු කරගන්න.
ඊට පස්සේ මේ මිශ්‍රණයට මැල්ලුම් කොළ ටික දාලා මලවා ගන්නයි තියෙන්නේ. පස්සේ රහ වැඩි කරගන්න දෙහි චුට්ටක් දාන්න.

About The Author

Leave a Reply