ජපානේ තියෙනවානේ බල්ලෙකුගේ ස්මාරකයක්, ෂිබුයා දුම්රිය නැවතුම් පොළේ තමයි හදලා තියෙන්නේ.
මිනිසා හා බල්ලා අතර තියෙන දිගු කාලීන බැඳීම මිනිසුන්ට සිහිපත් කරලා දෙන අපූරු ස්මාරකයක් ඒක. ‘
පුරුද්දක් විදිහට හැමදාම උදේ කෝච්චියට ඇරලපු මහාචාර්යවරයා එක දවසක් ගිය ගමන් මරනයට පත් උනා. ඒ හින්දා එදා හවස කෝච්චියෙන් ආවේ නෑ.
බල්ලා මේක දන්නේ නෑ.
අවුරුදු දහයක්ම මේ විදිහට හචිකෝ කියන බල්ලා දුම්රිය නැවතුමට ආවා ගියා.
ඒ තමන්ගේ ස්වාමියා එනවා බලන්න.
අන්තිමේ ඒ ගමන නතර වුණේ බල්ලා මැරුණාට පස්සේ.
ඒ අහිංසක බල්ලා හචිකෝ සිහි වෙන්න තමයි ඒ දුම්රිය ස්ථානයේ ස්මාරකයක් හදලා තියෙන්නේ.
විශේශයෙන්ම මිනිසා හා බලලුන් අතර ඇති වන බැදීමත් හරි අපූරුයි.
දැන් කියන්න යන්නෙ තිරිසනා කව්ද?මිනිසා කව්ද? කියල තෝරගන්න හරි අපූරු කතාවක්.
මිනුවන්ගොඩ ප්රාදේශීය සභාවෙ පේඩිපොල කොට්ටාසෙ විජේසේකර මංත්රීගෙ පර්සියන් පූස ගැන.
මිනිස්සු තිරිසන් උන 9 වෙනිදා මුලු ලංකාවම කදුලු හලපු දවසක්,අන්න එදා මේ මංත්රී තුමාගෙ ගෙදරත් ගිනිබත් වෙනව.මේ ජායාරූප වල ඉන්න පර්සියන් පූසත් එදා අනතුරට ලක් වෙනව.හැබැයි අද වෙද්දි මාසයකුත් දින ගානක් පහු වෙලා ඒත් මේ පර්සියන් පූසා තවමත් ඒ ගෙදර ඉස්සරහ නවාතැන්ගෙන ඉන්නව.ගෙදර මිනිස්සු කොතෙක් උත්සහ කලත් පූසව ගෙනියන්න ඔවුන් දැන් පදිංචි වෙලා ඉන්න ස්තානයට මේ පර්සියන් පූස ආයෙ ආයෙත් එන්නෙ සුපුරුදු තමන්ගෙ වාසස්තානයට.එදා ගිනි ජාලාවෙන් පවා පිලිස්සුම් තුවාල ලබපු මේ හුරතලා අද වෙද්දි ගේට්ටුවෙන්වත් එලියට නොයා එම ස්තානයේමරැදී සිටීම පුදුමයට කරුනක්.මිනිස්සු බැදෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ වටිනාම තැන් වලට.දවසක ඒ වටිනාකම නැති වෙද්දි මිනිස්සු තවත් වටින දේකට ලංවෙනව.ඒ මිනිස්සුන්ගෙ හැටි.
හැබැයි තිරිසන් සත්තු ඊට වඩා ගොඩක් වෙනස්.උන් වටිනාකමක් තිබ්බත් නැතත් ඒ හිටපු තැනට,ඒ බිමට,ඒ ආදරයට තාම අදරය කරනව ❤
Shammi ✍️