background-texture-surface-dark-wallpaper-preview

බටහිර ජ්‍යොතිෂ්‍ය පොතපතට අනුව එක් එක් අක්ෂර සදහා ජීවිත රහස්

A – මෙය නමක මුලකුර වේ නම් යහපත් ගුණාංග හා සිතුවිලිවලින් යුක්ත අයකු වේ. නායකත්වය දැරීමට හැකිය. නිර්මාණාත්මක දක්ෂතා තිබේ. ප්‍රබල අධිෂ්ඨාන ශක්තියක් ඇත්තේය. අභිප්‍රායන් ඉටුකර ගැනීමට බලවත් උත්සාහයක් දරයි. ජීවන මගේ පියවරෙන් පියවර ඉහළට යාමට ලැදියාවක් දක්වයි.

B – මෙය නමේ මුල් අකුර නම් විශිෂ්ට අදහස් ඇති කෙරේ. යමක් ගැන අනුන් සමග සාකච්ඡා කිරීමට යොමු නොවේ. අභ්‍යන්තර සිතුවිලි තමාටම සීමාකර ගනී. බලවත් හැඟීම් ඇති කරයි. ආත්ම විශ්වාසය හා උත්සාහය දුර්වල බැවින් ජීවන මගේ ඉහළට යෑම දුෂ්කර වේ. මිතුරන් අල්ප වේ.

C – මෙම අකුරෙන් පටන්ගන්නා නම් ඇති අය බුද්ධිමය දක්ෂතා ඇත්තෝ වෙති. සිය සිතුම් පැතුම් සඵල කරගැනීමට බලවත් ආයාසයක් දරයි. සෞඛ්‍ය සම්පන්න පෙනුමක් ඇත. මෙය නමේ කීප වරක් යෙදේ නම් දුෂ්කරතා ජයගෙන අවසානයේදී සාර්ථකත්වය ලබයි. කඩිසරය, කාර්යශ+රය. සතුටට පත්වන්නේ යම්කිසි කාර්යයක නිරත වූ විට පමණි.

D – මේ අකුරෙන් නම පටන්ගන්නේ නම් සිතේ සැක සහිත බව පෙන්වයි. ස්වයං පාලනය අනුව කටයුතු කරති. මේ නිසා අසීමිත සාර්ථකත්වයක් ලබති. නිර්මාණශීලී දක්ෂතාව නිසා සිතුවිලි ක්‍රියාවට නැංවීමට හැකිවේ. භෞතික දේ පිළිබඳ බලවත් ආසාවක් දක්වයි. සත්‍යය ගරු කරයි. අන්‍යයන්ට ආදරය හා ගෞරවය දක්වන අතර ඔවුහුද ඒවා අනුන්ගෙන් අපේක්ෂා කරති.

E – ඔබගේ නම මේ අකුරෙන් පටන්ගන්නේ නම් කතාවට හා ලිවීමට කැපී පෙනෙන දක්ෂතාවක් දක්වයි. අන්‍යයන් අමනාප වුවද සත්‍ය ප්‍රකාශ කිරීමට පසුබට නොවේ. නිර්මාණශීලී අදහස් දරන අතර බලවත් උත්සාහය නිසා ඒවායින් විශිෂ්ට ප්‍රතිඵල ලබයි. නිර්මාණශීලීතාව හැකියාව හා උත්සාහය යන ලක්ෂණ ඒකාබද්ධ වීම නිසාත්, කායික ශක්තිය නිසාත් ඔබගේ සාර්ථකත්වය සහතික කෙරේ. අතීතයට වඩා අනාගතය ගැන වඩා සැලකිලිමත් වේ විවිධාකාර කාර්යයන් පිළිබඳ රුචියක් දක්වයි.

F – ඔබගේ නම ආරම්භ වන්නේ ත‍ අකුරෙන් නම් දරුවන් හා ගෘහස්ථ ජීවිතය කෙරෙහි මුල්තැන දෙයි. ඔබ තරමක් දුරට මුරණ්ඩු හා දැඩි ස්වභාවයක් දක්වයි. නිස්කලංක ගෘහ ජීවිතයට කැමතිය. පක්ෂපාතකම හා ද්‍රෝහීකම කෙසේවත් නොඉවසයි. ඔබ සදාචාරාත්මකය, සත්‍යවාදීය, අන්‍යයන්ට සේවයක් කිරීමට දැඩි කැමැත්තක් දක්වයි.

G – මෙම අකුරෙන් නම පටන්ගන්නා අය අවංකය. සෘජු අදහස් ඇත්තේය. අන්‍යයන්ගේ ආකර්ෂණයට පාත්‍ර වෙති. ජීවන කටයුතු මනා ලෙස සැලසුම් කරගනිති. ස්වයං පාලනයක් ඇතිව කටයුතු කරති. මෙම අකුරු නමේ කීප වරක් යෙදේ නම් මනා විශ්ලේෂණ ශක්තියක් ඇතිවේ. අන්‍යයන්ගේ චේතනා හා අභිප්‍රායයන් සවිස්තරව හඳුනා ගැනීමේ හැකියාව ඇතිවේ. කුමන කාර්යයක් වුවද සාර්ථකව නිමා කරයි. මනසේ ඇතිවන ක්ෂණික අදහස් මගින් දුෂ්කරතා හා ප්‍රමාදවීම් පහසුවෙන් මගහරවා ගත හැකි වේ.

H – මෙම අකුරෙන් නම පටන් ගන්නා අය කිසිම දෙයකින් නොසැලී සිටීමටත්, සමබරතාවයෙන් යුක්තව ජීවන කටයුතු කරගැනීමටත් හැකි අය වන්නේය. අනුන්ට ඔවුන් කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකි වේ. කරුණාවන්ත මෙන්ම දැඩි සිතක් ඇත්තෝ වෙති.

I – මෙම අකුරෙන් නම පටන්ගන්නා අය බොහෝ වෙහෙස වි කටයුතු කරති. අලසකම පිටු දකී. ඕනෑම දෙයක් ගැන ගැඹුරු ලෙස සිතති. කරුණාව හා දයාව පෙන්වති. මේ අකුර නමේ කීප වරක් යෙදේ නම් ඉතාම සංවේදී බව දක්වයි. ඒ නිසාම යම් යම් කරදර විඳීමට සිදුවේ. දුරස්ථ පුද්ගලයන් සමග සබඳතා ඇතිකර ගනී. හොඳින් කරුණු සොයා බලයි. ප්‍රමාදවීම්වලදී නොඉවසිලිමත් වේ. විරුද්ධවාදීන්ට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.

J – මෙම අකුරෙන් නම පටන් ගන්නා අය පෘථුල දැනුමක් ඇත්තෝ වෙති. වටපිටාවේ සිදුවන දේ ගැන දැනුවත් වන අතර බුද්ධිමත්ව කටයුතු කරති. ප්‍රයෝජනවත් දේ ගැන පමණක් සිත යොමු කරති. යම්කිසි දෙයකදී සත්‍යවාදී වීම නිසා එදිරිවාදිකම්වලට මුහුණ දීමට සිදුවේ. අලූත් සබඳතා ඇතිකර ගැනීමට කැමතිය. නවතම සංවර්ධන කටයුතුවලට අත ගැසීමට පෙලඹේ. අලූත් අදහස් ඉක්මනින් ග්‍රහණය කරගනී. සාමාන්‍යයෙන් යහපත් පෞරුෂයක් ඇතිවේ. ලිවීමට හා පින්තාරු කිරීමට දක්ෂතාවක් දක්වයි. වරින් වර අදහස් වෙනස් කිරීම නිසා යමක් අඛණ්ඩව දිගු කාලයක් පවත්වා නොගැනීම නිසා පාඩු සිදුකර ගනිති.

K – මෙය නමේ මුල් අකුර වූ විට ජීවිතය කරදර සහිත වේ. විවිධාකාර වෙනස්වීම් රැසක් ඇතිවේ. එක් අවස්ථාවකදී සමෘද්ධිමත්ව සතුටින් සිටින අතර තවත් අවස්ථාවකදී දුකින් සිටීමට සිදුවේ. සර්ව සුබවාදීය. ප්‍රවේශම් සහිතව කටයුතු කරයි. සදාචාරාත්මකය. ඉවසනසුලූය. ආතර්ධණීය පෞරුෂයක් ඇත්තේය. අනුන් සමග සහයෝගයෙන් කටයුතු කළ හැක. විනේදාත්මක දේවලට ලැදිය. මහජන කටයුතුවලට සම්බන්ධ වේ.

L – මෙම අකුරේ සිරස් රේඛාවෙන් අපේක්ෂාවන්ද, තිරස් රේඛාවෙන් ලෞකික තත්ත්වයද පිළිබිඹු වේ. එබැවින් නිශ්චිත, පැහැදිලි අංශ පිළිබඳ තර්කානුකූලව කරුණු ග්‍රහණය කරගැනීමට දැඩි ආසාවක් දක්වන නමුදු ඒවා සමග බැඳී ඇති මති මතාන්තර පිළිගැනිමට මැළි වේ. බොහෝ දේ දන්නා බව, සමාජ ජනප්‍රියතාව හා සාර්ථකත්වය පෙන්නුම් කරයි. අවශ්‍ය අවස්ථාවලදී ඔබගේ ප්‍රතිභා ඥානය ඔබට උදව් කරයි.

M – ඔබගේ නම මේ අකුරෙන් පටන් ගන්නේ නම් යහපත් චරිතයක්ද, ඉගෙනීමේ දක්ෂතාවයද පිළිවෙළක් ඇති මනසක්ද ඇතිවේ. උතුම් අදහස් ප්‍රභල වේ. උත්සාහය එකකට සීමා නොවේ. ඔබගේ සරල බව ඔබට ශාපයක් වීමටද පුළුවන. සත්‍යවාදීය. සැඟවුණු අදහස් නොමැත. ජීවිත කාලය තුළදී උස් පහත්වීම් රැසක් අතිවේ. තමාගේ නියම ස්වභාවයට වඩා හොඳ බව පෙන්වීමට බාහිර අලංකාරයටද පෙලඹීමට ඉඩ තිබේ.

N – ඔබගේ නමේ මුල් අකුර මෙය නම් ඔබ බුද්ධිමත්ය. එහෙත් චංචල ස්වභාවයක් දක්වයි. ඔබගේ දක්ෂතා රැසකින් ප්‍රයෝජන ගැනීමට ඔබට හැකියාව ඇත. ඔබ බොහෝ දේ කරන්නේ හදිසියෙනි. වාසනාව ළඟාවන්නේ වක්‍රාකාරවය. සමහර අවස්ථාවලදී කිසිවක් සාර්ථක නොවන අතර, තවත් අවස්ථාවකදී සියලූම උත්සාහයන් සාර්ථක වේ. යහපත් මිතුරන් ඇති වේ. පාඩුවීම් හා කරදර ඇතිවුවද ඒවා තුළින්ම ජයග්‍රහණය ලැබිය හැකි වන්නේ සිය ප්‍රබල පෞරුෂත්වය නිසාය.

O – මෙය නමේ පළමු අකුර වන අය ආත්මාර්ථකාමීන් වන්නේය. එහෙත් නිර්භීතය. ආපදාවලදී පසු නොබසී. අන්තයටම පත්වුවද, නැවතත් උසස්ම තත්ත්වයට පත්විමට මෙම ලක්ෂණය උපයෝගි වේ. මිතුරන් රැසක් මෙන්ම සතුරන්ද ඇතිවේ. අනුන්ගේ රැවටිලිවලට අසුවේ. අභ්‍යන්තර සිතුවිලි තමාටම සීමාකර ගනී. ශෝභනය පිළිවෙළ හා ක්‍රමය පිළිබඳ වැඩි අවධානය යොමුවේ. ප්‍රබල අධිෂ්ඨාන ශක්තිය නිසා උසස් තත්ත්වයකට මෙන්ම ධනය ඉපැයීමටද පුළුවන. එහෙත් ධන මාර්ග ගොඩනැගෙන්නේ ජීවිතයේ පසුකාලයේය.

P – මෙය නමේ මුල් අකුර වූ විට කෙතරම් ආරවුල් සිත්තැවුල් ඇති වුවද බාහිර වශයෙන් ඒ බව නොපෙන්වයි. ප්‍රසන්න චරිතයක් ඇති වේ. විහිළුවලටද කැමැතිය. කිසිම අයෙකුට අහිතක් නොදක්වයි. පවිත්‍ර සිතුවිලි දරයි. කොතරම් ප්‍රශ්න ඇති වුවද කනගාටුවට පත් නොවේ. පෞද්ගලිකව පාඩු සිදුවුවද මිතුරන්ට උපකාර කිරීමට පෙලඹේ. සාමකාමී පරිසරයක විසීමට කැමැතිය. දුරස්වී සිටීමට ඇල්මක් දක්වන්නේ සිය පෞද්ගලික රුචි අරුචිකම්වලට අනුන්ගෙන් බලපෑමක් ඇතිවේය යන සිතුවිල්ල නිසාය. මෙයින් සාර්ථක ප්‍රතිඵල හිමිවේ.

Q – මෙම අකුරෙන් දැක්වෙන්නේ සත්‍යගරුක ලෙස ජීවත්වීමට ඇති කැමැත්තයි. ජීවිතයේ නිශ්චිත අරමුණක් පවත්වා ගනී. ප්‍රමාණය ඉක්මවා ආඩම්බර ස්වභාවයක් නොපෙන්වයි. ඉතා දක්ෂ නායකයින් වීමට පුළුවන. ප්‍රබල ක්‍රියාකාරී බලයක් හිමිය. සිය කටයුතු පිළිබඳ බලාපොරොත්තු කඩකර ගන්නේ ඉතා කලාතුරකිනි. අභිමතාර්ථ ඉටුකරගැනීමට ඇති ඉඩකඩ අල්ප වුවද බලාපොරොත්තු අත්නොහරී. තමාගේම කටයුතුවලට වඩා අනුන්ගේ කටයුතු කිරීමේදී වඩාත් සාර්ථක ප්‍රතිඵල පෙන්වයි. නිතරම අලූත් දේ ගැන සිත යොමු කරයි.

R – මෙම අකුරෙන් ගුණවත් බව හා ප්‍රසන්න බව දක්වයි. ඉතා පහසුවෙන් මිතුරන් ඇතිකර ගනී. අන්‍යයන්ට බලපෑම් ඇති කිරීමේ හෝ ඔවුන් නම්මා ගැනීමේ හැකියාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබයි. අනුන්ට අවවාද දෙන නමුත් තමා ඒවා පිළිපැදීමට බොහෝ ප්‍රමාද වේ. අනුන්ගේ කරදර පිළිබඳ අවබෝධ කරගෙන ඔවුන්ට පිහිටවීමට සමත් වේ.

S – මෙම අකුරෙන් නම පටන් ගන්නා අයට පහසුවෙන් මිතුරන් ඇති වේ. නිර්මාණශීලී දක්ෂතා ඇත. බුද්ධිමත්ය. නීතිගරුකය. අවිනිශ්චිත බව හේතුවෙන් පාඩු සිදුවේ. ඇසුරට තෝරා ගන්නේ නිශ්චිත පුද්ගලයන්ය. ඔවුන් ඔබට ද්‍රෝහී වුවහොත් බොහෝ දුක්වේ. කියවීම හා වෙනත් මාර්ගවලින් දැනුම දියුණු කරගැනීමට පෙලඹේ.

T – මෙය ඔබගේ නමේ මුල් අකුර නම් පර්ත්‍යාගය සංකේතවත් කරයි. ඔබගේ සාර්ථක ප්‍රතිඵල අන්‍යයන් සමග ඛෙදාහදා ගැනීමට ඔබ නිතරම සූදානම්ය. ඔබ උත්සුක වන්නේ ඔබගේ ඉහළ මට්ටමේ අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට පමණක් නොව අන්‍යයන්ටද සතුට ගෙන දීමටය. මෙම ලක්ෂණ නිසා ඔබ පසුතැවිල්ලට පත්වන අවස්ථාද ඇතිවේ. මෙම අකුර නියෝපනය කරන්නේ කැපවීමය. ගැනීමට වඩා දීමට නැඹුරුවේ. තමාගේම මූලධර්ම හා තීරණ අනුව කටයුතු කරයි. ආගමික භක්තිය බලවත්ය.

U – මෙම අකුරෙන් නම පටන් ගන්නා අය නිතරම අලූත් අදහස් ඇති කර ගනිති. තමාට හමුවන සෑම වාසිදායක අවස්ථාවක්ම ග්‍රහණය කරගනී. නිතරම ඇත්ත කතා කරති. අතීතය ගැන නොසිතන අතර අනාගතය සුබදායක වන්නේ හොඳින් ගත කළහොත් පමණක් බව අවධාරණය කරති. එහෙයින් දීප්තිමත් අනාගතයක් හිමිවේ. විවෘත හදවතක් ඇතිව කටයුතු කරන බැවින් අනුන්ගෙන් පාඩු හා කරදර ඇතිවිමටද පුළුවන.

V – මේ අකුරෙන් නම පටන් ගන්නා අය ගාම්භීරත්වයේ ඉහළටම පත් අය වන අතර. ඔවුහු අනුන්ගෙන්ද ගෞරවය අපේක්ෂා කරති. ඔවුන්ට ජීවිතයේ ඉහළට පත්වීමට හැකියාව ඇත. ඔවුන්ට සියුම් බුද්ධියක් ඇති නිසා තමාගේ අදහසට අන්‍යයන් එකඟ කර ගැනීමේ හැකියාව ඇත.

W – මේ අකුරෙන් නම පටන් ගන්නා අය වෙහෙස මහන්සි වී කටයුතු කරති. අනතුරු පවා ඇතිවිය හැකි දේ පවා කිරීමට ඔවුහු පෙලඹෙති. ඔවුන් නිහතමානීය. එමෙන්ම ඉතාමත් කාර්යශුරය. ඉතාමත්ම දුෂ්කර කාර්යන් වුවද භාරගැනීමට ඔවුහු පසුබට නොවෙති. මහලූ වයසේදී දුක්බර සිදුවීම් ඇතිවේ.

Y – මේ අකුරෙන් නම පටන්ගන්නා අය තමාගේම සිතැඟි පරිදි කටයුතු කරති. ජීවිතයේ නිශ්චිත අරමුණක් ඇතිකරගන්නා ඔවුහු එය සඵල කර ගැනීමට වෙරදරති.

Z – මෙම අකුරෙන් නම පටන් ගන්නා අය කිසිම දෙයකට නොනැමෙන මුරණ්ඩුකමක් දක්වන භයානක අය වෙති. මොවුහු ඊර්ෂ්‍යා සහගතය. භයානක කෙළවරවීමක් දක්වා පිළිගැනීමට මොවුහු පෙලඹෙති. අධික කෝපය නිසා ඥානාන්විතව කටයුතු කිරීමට නුපුළුවන. ඔවුන්ගේ නිර්භිතකම ඵලදායී ලෙස බුද්ධිමත්ව යොදා නොගනිති.

Thank you for reading!
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

About The Author

Leave a Reply